නින්දෙන් ගෙරවීමට කෙනකු ගන්නා ආහාර පාන ද බලපානවා

පෙබරවාරි 8, 2019

අප නිදා ගන්නා විට ඉදිකටුවක් වැටුණ ද එය ඇසෙන තරමට පරිසරය නිහඬය. එහෙත් නින්දෙන් ගොරවන කෙනකු සිටිය විට ඉදිකටුවක් නොව මෝල් ගසක් වැටුණ ද නොඇසෙන තරම්ය. එලෙසින්ම එය තමන් අසලින් නිදා ගන්නාට / නිදා ගන්නන්ට ද සුවදායක නින්දට ප්‍රධානම බාධාවකි.

නින්දෙන් ගෙරවීම බටහිර වෛද්‍ය විද්‍යාවේත් ආයුර්වේදයෙත් බෙහෙවින් කතාබහට ලක්වෙන මාතෘකාවකි. මෙසේ වීමට හේතූන් ගණනාවක්ම බලපානවා.

* පාරම්පරික උරුමයක් - පටු උගුර, විදලිත තල්ල ආදී කායික වෙනස්කම් ජානමය වශයෙන් උරුම විය හැකිය.

* මැදි වයස ඉක්මවීම - අප වයස්ගත වන විට උගුරු පටු වෙයි. උගුරේ මාංස පේශී ශක්තිය අඩු වෙයි.

* පිරිමියකු වීම - ස්වභාවයෙන්ම කාන්තාවන්ට වඩා පිරිමින්ගේ වාතය ගමන් කරන මාර්ග පටු නිසා කාන්තාවන්ට වඩා ගෙරවීමට ඇති ඉඩ වැඩිය.

* ඇදුම, අසාත්මිකතා, සෙම්ප්‍රතිෂ්‍යාව, පීනස් ආසාදන ආදී තත්ත්ව වාතය ගමන් කරන මාර්ග අවහිර කරයි.

ඉහත හේතූන් අපට වෙනස් කළ නොහැකි වුව ද වෙනස් කළ හැකි කරුණු ද තිබේ.

* අධික තරබාරුකම - මේද පටක වැඩිවීම සහ මාංස පේශී ශක්තිය දුබල වීම කෙරෙහි අධික තරබාරුව බලපායි.

* දුම් පානය වගේම, අක්‍රීය දුම් පානය (දුම් පානය කරන්නාගේ දුම ආශ්වාස වීම) යන කරුණු දෙකම නින්දෙන් ගෙරවීමට බලපානවා.

* මත් වතුර සහ ඖෂධ

* නිදන ඉරියව්ව - උඩු බැලි අතට නිදා ගැනීම ගෙරවීමට හේතුවකි.

* ගෙරවීමෙන් සහනයක් ලැබීමට -

* බර අඩු කරගන්න - බර වැඩි කෙනෙක් සුළු වශයෙන් බර අඩු කරගත්ත ද ගෙරවීමෙන් යම් සහනයක් ලද හැකිය.

* එක් ඇලයකට හැරි නිදාගැනීම සහනදායකය.

* අඟල් හතරක් ඉහළින් හිස සහ උරස් කොටස තබාගන්න. විශේෂයෙන් සැලසුම් කළ කොට්ටයක නිදා ගන්න. එසේ නැත්නම් කොට්ටයක් නැතිව නිදා ගන්න.

* ශ්ලේෂ්මල වඩන ආහාර ගැනීම ගෙරවීම වැඩි කරයි. ආයුර්වේදයේ පස් ආකාරයක ශ්ලේෂ්මල දැක්වෙයි. එක් ශ්ලේෂ්මල වර්ගයක් ක්‍රියාකාරී වන්නේ උදරයේය. මේ ශ්ලේෂ්මල ආහාර ජීර්ණයට ආධාර වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි

සටහන -චම්පිකා දීපානි රණසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.