නිරෝගී ජීවිතයකට රසායන තන්ත්‍රය

පෙබරවාරි 8, 2019

අෂ්ටාංගායුර්වේදයෙහි එන හත්වැනි අංගය රසායන තන්ත්‍රය වෙයි. එහි අටවැන්න වාජීකරණ තන්ත්‍රයයි. සුවපහසු නිදුක් නිරෝගි ජීවිතයක් සඳහා රසායන හා වාජීකරණ හා චිකිත්සා දෙකම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි.

යම් ඖෂධයකින් ශරීරගත රෝග සුව වේ නම් කය වැහැරී අබල, දුබල වී ජරාවට පත්වීම වැළකේ නම්, ඉන්ද්‍රිය ශක්තිය, වඩා ආයු වර්ධනය කෙරේ නම් ඒ උතුම් ඖෂධය “රසායනය” නම් වෙයි. රසායනෞෂධ සේවනයෙන් ඔබේ දීර්ඝායුෂ , බුද්ධිය, ස්මෘතිය හා කායික යෝග්‍ය කාලය දක්වා හෝ ඊටත් වඩා වැඩි කාලයක් හෝ තරුණකම පවත්වාගන්නටද, වැළඳුණු ලද රෝග සුව කරගෙන, දුබලතා මඟහරවා , පහව ගිය දේහ ශක්තිය යළි උත්ථානය කර ගන්නටද රෝග වළක්වා ගැනීමේ හෙවත් රෝග ප්‍රතිෂේධක ශක්තිය ලබාගන්නට ද රසායනෞෂධ ඉවහල් වෙයි. මෙම චිකිත්සාවෙහි ඖෂධ ප්‍රභේද දෙකකින් දැක්විය හැකිය. එනම් 1.රෝග භය නසන ඖෂධ හා 2. නිරෝගීව සිටින ස්වස්ථයාගේ නිරෝගීකම වර්ධනය කරන ඖෂධ ලෙසයි.

රසායන චිකිත්සාව අනුව සලකන විට ශරීරගත සප්ත ධාතූන්ගේ අඩුපාඩු නිසා ද කායික දුර්වලතා ඇති වෙයි. ලෙඩ රෝගයන්ට භාජනය වෙයි. කෙතරම් හොඳ පෝෂ්‍යදායක ආහාරපාන ගත්තද ඒවා නිසි සේ පැසවා , පිළිවෙළින් ධාතූන්ට පරිණතවීමක් සිදු නොවුණහොත් ශරීරය රෝගයන්ට ගොදුරුව ජරාවට පත්වෙයි. එසේම ශරීරයේ ප්‍රධාන ධාතුව වන ශුක්‍රධාතුවෙහි යම් අඩුපාඩුවක් ඇති වුවහොත් අනිකුත් ධාතූන් ද එකිනෙකට පරිණතවීමේ ක්‍රියාවලිය දුබල ව බිඳවැටීමක් වෙනු ලබයි. රස ධාතුව රක්ත ධාතුවට පරිණතවීමේ ක්‍රියාවලියෙහි යම් හීනතාවක් ඇති වුවහොත්, රස ධාතුව සෙම් ලෙස විකෘත වී, කාස ශ්වාස, පීනස ආදි රෝග ඇතිකරමින් ශරීරය ජරාවට පත් කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපුටා ගැනීම වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත

ජයසේන දහනායක මහතාගේ සඵල දිවියට අත්වැලක් යන

ග්‍රන්ථයෙනි. සුරේඛා සංජීවනී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.