නැවුම් එළකිරි

මාර්තු 22, 2019

මව්කිරි හා සමකළ හැකි කිරි වර්ගයක් ලොව නොමැත. නමුත් ශ්‍රී ලාංකිකයෙකු දිනකට පරිභෝජනය කරනුයේ කිරි මිලිලීටර් 100 ක් පමණි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ දිනකට කිරි මිලිලීටර් 200 කි.

විශේෂයෙන් අප පරිභෝජනය කරනු ලබන්නේ ආනයනය කරනු ලබන කිරිපිටි වර්ගයි. මේ අනුව ඒ සඳහා වියදම් වන මුදල හා ඒවායේ විශ්වාසනීයත්වය දිනෙන් දින අඩුවීමත්, දේශීයව නිෂ්පාදනය වන කිරි පරිභෝජනය සඳහා අප නැඹුරුවීම කාලීන අවශ්‍යතාවයකි. නමුදු පරිභෝජනයට අවැසි කිරි නිෂ්පාදනය නොවීමත් ඒවායේ නිසිගුණ හඳුනා නොතිබීමත් හේතුකොට ගෙන එළකිරි පානය බොහෝ අඩුවී ඇත.

සත්ව හා ශාඛ ආහාර අතරින් ශරීරයට අවැසි පෝෂක ලබාදෙන ප්‍රධාන ආහාරයක් ලෙස මෙය ගත හැක. ශාරීරික වර්ධනය පවත්වා ගැනීමට අවශ්‍ය බොහෝ පෝෂ පදාර්ථ කිරිවල අඩංගු වේ. එසේම දියරමය ගතියෙන් යුක්ත වන නිසාත්, පහසුවෙන් ජීර්ණය වීමත් එහි අවශෝෂණය සිදුවන නිසාත් බාල, මහලු, ගැබිණි, රෝගී කාටත් සුදුසු පානයක් වේ. එසේම මෙය සමබර ආහාරයක් ලෙසටද හැඳිනිය හැක.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය  නිරූපා සංජීවනී රත්නායක ඩී.එස්.ඒ.සී (ලංකා)  ගම්පහ බෙහෙත් ශාලාව,

අංක 47,මහියංගන පාර,

බදුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.