යුගදිවියේ සතුට සහ රස විඳීම

මාර්තු 22, 2019

ඡ්‍යොතිෂ විද්‍යානුකූලව දෙදෙනෙකු යුගදිවියට පාතබා ඇත්තේ ඔවුන් දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව ය. පොරොන්දම් සීහුම් වලදී දස පොරොන්දම් සහ ග්‍රහ පොරොන්දම් ක්‍රියාත්මක වන ආකාරය මැනවින් විග්‍රහ කර දෙදෙනා අතර ගැලපීම් තිබේයැයි තීරණාත්මක සාධකය අනුව යුගදිවිය තුළ බද්ධ වී ඇති ආදරය විශ්වාසය හා සෙනෙහස කුමන අයුරකින් හෝ බිඳ වැටුන හොත් යුගදිවියේ පදනම අස්ථාවර බවට පත්වේ.

යුගදිවියේ සාර්ථකත්වය දිවිය පුරාම ලබන්නට නම් තම සහකරුට හෝ සහකාරියට හදවතින්ම පුදන ආදරය හිමිකර දීම අනිවාර්ය වේ.

විවාහය හවුල් ව්‍යාපාරයක් ලෙසට හැඳින්විය හැක. එකී හවුල් ව්‍යාපාරයේ කොටස්කරුවන් දෙදෙනාම සැමියා සහ බිරිඳය. (ථචපපචඪඨ ඹ්ඪටඥ ,ජ්ඍබ.ඹ්බඤ)එකිනෙකා අභිබවා නොගොස් නිවැරදිව තේරුම් ගෙන ක්‍රියා කිරීම අතිශයින්ම යුග දිවියේ සාර්ථකත්වයට හේතුවනු ඇත.

අද වන විට විවාහයේ ගැටලු ඇති වී තිබෙන්නේ සැකය නිසා බව පැහැදිලිය. එහි එක් නියමුවෙක් වනුයේ ජංගම දුරකථනය. සුහදව දෙදෙනා සාකච්ඡා මගින් තේරුම් කර ගැනීමට පහසුව ඇතත් දුර දිග යන දෙබස් යුගදිවි සංග්‍රාමයක් දියත් කෙරේ. හොඳින් සිටින ජෝඩුවලට ඊර්ෂ්‍යා කර දුරකතන හරහා විවාහය කඩන රැල්ලක්ද අද ගොඩ නැගී තිබේ. විවාහය යනු අතිශයින්ම පෞද්ගලික රහස්‍ය බැඳීමක් මත ගෙන යන සංස්ථාවකි. ප්‍රදර්ශන භාණ්ඩයක් නොවේ. සැමියා සතුව තමා පි‍්‍රය නොකරන ඇතැම් ගති ලක්ෂණ හා දුර්වලකම් තිබෙන්නට හැකි අතර ඒවා ගැන සහෘදව සාකච්ඡා නොකර එකවරම කොටි පිම්මක් දියත් කිරීමෙන් සිදුවන්නේ මහා විනාශයකි. දෙදෙනාගෙන් එක් අයෙකු සෞන්දර්ය අංශය චිත්‍ර නාට්‍ය, සංගීත හෝ ලේඛන කලාවට නැඹුරු චරිතයක් ඇත්නම් අනිකා එය මනාව වටහාගෙන කි‍්‍රයා කිරීම සතුටුදායක වේ.

“කොණ්ඩ කැවුම් ලුණුමිරිස් සමඟ කන්න බෑ”

ඒවගෙ දෙදෙනා වීමෙන් යුගදිවිය නීරස බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවේ. මා දන්නා ව්‍යාපාරික මහතෙක් තම බිරිඳ ලේඛන කලාවේ නිරත වී සිටීම බලවත් සේ නුරුස්සයි. බිරිඳගේ ලේඛනයට තද බල ලෙස පහර ගසන ඔහු බැණ වඳින අවස්ථා එමටය. ඇගේ ලිපි පලවූ පත්‍ර පවා විනාශ කරයි.

තමුසෙ ඔය පත්තරවලට ලියලා මොනවද හම්බකරලා තියෙන්නෙ. පිස්සු නැතිව ඔය කෙහෙල්මල් ලියවිල්ල නවත්තල දානවා. ඒ ඔහුගේ මීහරක් (මහීස) අදහස් ය. ඇය දක්ෂ ලේඛිකාවක්. ඇය නිරන්තරයෙන්ම මානසික පීඩාවකට භාජනය වී සිටින්නීය. තමා ලියන ලද ලිපියක් කාන්තා පත්‍රයේ දැකීම ඇයට ඉමහත් සතුටක් ආශ්වාදයක්. ඒ ලේඛකයෙකුගේ හැටි. නමුත් ඒ කලාත්මක සෞන්දර්ය සැමියාගේ ඔළුවේ නැත. තවද දැවැන්ත මැණික් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් සදාකාලික මානසික පීඩනයකට ගොදුරුවී සිටින්නේ තම සැමියා රාත්‍රිය පුරාම නිදිවර්ජිතව සිටීමේ පුරුද්ද නිසාය. දහවල් නිදන්නේද නිදිපෙති පාවිච්චි කරමින්ය. විශාල සැප සම්පත් සිව්මහල් මන්දිරයක් යානවාහන දැසි දස්සන් කොපමණ සිටියත් ඇගේ මනස පොහොසත් නොවී ඇත. වේදිකා නාට්‍යයන් පවා නරඹා ඇත්තේ තමා සුදු ඇඳුම් අදින පාසල් වියේදී පමණක් ය. ඇය සදාකාලික නිවාස සිර අඩස්සියේ සිටින මානසිකව ඇද වැටුන අවාසනාවන්ත බිරිඳකි. ලිංග, නාඩි හා රජ්ජු පොරොන්දම් තුනම යහපත් වූවත් දෙදෙනාට දෙදෙනාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසා බැඳීම දෙදරා යන තැනට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. දෙදෙනාගේ දුර්වලකම් තිබේ. ඒවා තේරුම් ගෙන සුහදශීලිව මිත්‍රත්වය පවත්වාගෙන යා යුතු වේ. මේ බැඳීම බිඳී ගියහොත් මුළු පවුලේම අත්තිවාරම දෙදරා යන තැනට පත්වේ. කරණු කාරණා මෙසේ වූවත් සාර්ථක හා පී‍්‍රතිමත් පවුල් ජීවිතයක් පවත්වා ගෙන යාම එතරම්ම පහසු නොවන බැව් ද අප මැනවින් වටහා ගත යුතු වේ. අද පවත්නා තරඟකාරි සමාජ රටාවේ පවුල් පදනම ඉරිතලා යෑමට බලපාන හේතු රැසක්ම ඇත්තේ ය. කාරුණිකත්වය, ඉවසීම, දයාව , ප්‍රඥාව , චිත්තාවබෝධය , සමාජිය සංස්කෘතික අවබෝධය ඍණ අංශයට නැඹුරුවීම මූලිකම හේතුවක් වේ. දෙදෙනාම දෙදෙනෙකු මිස එකෙකු නොවේ. මතිමතාන්තර රුචි අරුචිකම් තිබීමට පිළිවන. ජීවිතයේ සෑම දෙයක්ම දෙදෙනාට එක හා සමාන වන්නේද නැත. ඒ පිළිබඳව ඔබ කලබල විය යුතු නැත. ඇඳුම් පැළඳුම් කෑම් බීම් ගමන් බිමන් මේ සියලු දෑ එකිනෙකාට වෙනස්ය. ප්‍රත්‍යශතකකරු ස්ත්‍රීශයනෙ වෛශ්‍යානාම් යැයි සඳහන් කර ඇතත් සැමියා සතුට අපේක්ෂා කරන අන්දමට බිරිඳ පි‍්‍රයනොවීමට පිළිවන. පිරිමියා ක්ෂණික සතුට ලැබූවත් ගැහැණිය පමා වී සතුට ලබන අන්දමට ඇගේ සිරුර නිර්මාණව වී තිබේ.

එය සැමියා බුද්ධිමත්ව තේරුම්ගත යුතුයි. මෙබඳු භින්න රුචිකත්වය ඉතාම පොදු සාමාන්‍ය කරුණකි. මේ කිසිවක් ඔබේ යුගදිවිය තුළ බාධාවක් නොකර ගත යුතුයි. අවශ්‍ය වන්නේ දෙදෙනාගේම ගැඹුරු අවබෝධයයි. යුගදිවිය සොබා දහමට සමාන යැයි සිතේ. තද නියඟය. කුණාටු , භූමිකම්පා ,අකුණුසර, වගේම ගංගා ඇළ දොල උතුරා යන තරමට තද වැසි සීතල දිය දහරා මිහිකත ආදරයෙන් සිපගනිමින් පහළට රිද්ම රටා වියමනක් ඇසුරෙන් ගලා බසිනු ඇත. සුවඳ වත් මල් පිපෙන්නට පිළිවන. එකී විකසිත වන මල්වල සුගන්ධයෙන් විවාහ ජීවිතයන් සුගන්ධවත් කර ගැනීම අඹුව සැමියන් නිරන්තරයෙන්ම උත්සාහ කළ යුතුයි. ඇසට හා කනට රැවටී විවාහ දිවිය අතරමං වන තැනට පත් නොකර ගැනීමට සෑම අඹුසැමියෙක්ම උත්සාහ කළ යුතු වේ.

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.