ගුණ දැන ගත යුතු අවුරුදු කැවිලි පෙවිලි

අප්‍රේල් 5, 2019

කොවුලා අවුරුදු පණිවුඩය මිහිරි හඬින් පවසන්නේ මාර්තු මාසයේ සිටයි. අපේ ගෘහණියන් කෝකිල ගී මිහිරෙන් නැලවෙමින් මේ දිනවල බක් මහ මංගල්‍යය පැවැත්වීමට ජයටම සූදානම් වෙයි.

කෑම බීම වැඩි මාසය නිසා කවුරුත් නව වසර කී සැණින් සිහියට නඟා ගන්නා එක් දෙයක් වන්නේ අවුරුදු කෑම බීමයි. කෙතරම් ප්‍රණීත වුව ද ගත යුතු තරම දැන රස නොබැලුවොත් රෝගී වන්නේ අපේ උදරයයි.

කිරිබත් අවුරුදු කෑම මේසයේ රජු බඳුය. රතු කැකුළු සහලෙන් පිසූ කිරිබත් කෝප්පයක කැලරි හෙවත් ශක්තිය 216 ක් අඩංගුය. එහි ග්‍රෑම් 44 ක් කාබෝහයිඩ්‍රේට් ද, ග්‍රෑම් 1 ක් මේදය ද, ග්‍රෑම් 5 ක් ප්‍රෝටීන ද අඩංගුය. අප රතු කැකුළු කිරිබත් කෝප්පයක් කෑමට ගත් විට එම ශක්තිය දහනය කර ගැනීමට විවිධ ක්‍රියාකාරකම්වල යෙදිය යුතු වෙයි. මිනිත්තු 33 ක් බයිසිකල් පැදීමෙන්, මිනිත්තු 22 ක් දිවීමෙන්, පැය 1.3 ක නිවෙස පිරිසුදු කිරීමෙන් හෝ එවැනි ක්‍රියාකාරකමකින් රතු කැකුළු කිරිබත් කෝප්පයක ශක්තිය දහනය කර ගැනීමට පුළුවන. නොඑසේ නම් ශක්තිය තැන්පත් වී ස්ථුලතාව, බෝ නොවෙන රෝගවල ගොදුරක් වී අකාලයේ මිය යාමට සිදු වෙයි.

සුදු කැකුළුවලින් පිසූ කිරිබත් කොප්පයක ඇත්තේ කැලරි හෙවත් ශක්තිය 278 කි. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 51 ක්, මේදය ග්‍රෑම් 4 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 8 ක් මෙහි අඩංගුය. සුදු කැකුළු කිරිබත් කෝප්පයක ශක්තිය දහනය කිරීමට මිනිත්තු 42 ක් බයිසිකල් පැදීම, මිනිත්තු 28 ක් දිවීම, පැය 1.7 ක් නිවෙස පවිත්‍ර කිරීම හෝ එවැනි ක්‍රිියාවක යෙදීම මඟින් අනවශ්‍ය ලෙස සිරුරේ ශක්තිය ඒකරාශි වීම වළක්වා ගත හැකිය.

සටහන - චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.