කුකුළු කේන්ති තරුණයන් පුරුෂ ශක්තියෙන් දුර්වලයි

අප්‍රේල් 19, 2019

කට ඇති පුතුයි රුව ඇති දුවයි කියා ජනවහරේ පවසා ඇත්තේ ගැඹුරු අර්ථයක් සහිතවය. මෙහිදී අපි කටඇති පුතා හෙවත් නිරෝගි පිරිමි දරුවකු ගැන විමසා බලමු.

නිරෝගි පිරිමි දරුවා

නිරෝගි පිරිමි දරුවා යනු කට ඇති පුතෙකි. ඔහු රුවින් අඟ තැන්පත්ය.නිරෝගි බවින් යුක්තය. මහා පෞර්ෂයක් ඇති අයෙක් විය යුතුයි. තවද පුරුෂ ශක්තිය උසස් අයුරින් පවතී. කඩිසරය. සන්සුන් බවින් යුක්තය. විනීත ගති පැවතුම් ඇත. මෙවැනි ලක්ෂණ සහිත නිරෝගී පිරිමි දරුවකු අනාගතයට දායාද කරන සෑම මවක පියකුම අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පවතී. එසේම නිරෝගි පිරිමියකු බවට පත්වීමට සෑම පිරිමි දරුවකුම පිළිපැදිය යුත් වත් පිළිවෙත් රැසක් පවතී.

තරුණවියට පා තැබීම

ආයුර්වේදයට අනුව පිරිමි දරුවකු තරුණ වියට පා තැබීම සිදුවන්නේ වයස අවුරුදු 16 ත් - 20 ත් අතර කාලයේදීය. එම කාලය තුළ දී ඔහුගේ සිරුරේ සියලු අවයව උපරිම අයුරින් වර්ධනය වේ. හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසි අයුරින් සිදුවීම ආරම්භ වේ. එසේ වර්ධනය වන පිරිමි දරුවා වයස අවුරුදු 21 වන විට උපරිම සප්තධාතු පූර්ණත්වයට පත්වේ.

එසේ තරුණ වියට පත්වන පිරිමි දරුවාගේ මුහුණේ සහ අතපයවල රෝම කූප වර්ධනය වීම කටහඬ වෙනස්වීම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇතිවීම ක්‍රමාණුකූලව එදිනෙදා වැඩකටයුතු කිරීම කෙරෙහි උනන්දුවක් මතුවීම ලස්සනට අඳින්න පළඳින්න කැමැත්ත ඇතිවීම ලිංගික අවයවවල ක්‍රියාකාරීත්වය මතුවීම ආදී ලක්ෂණ පහළ වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය බර්ටි උබේසේකර නාරායන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.