රක්ත මෝක්ෂණය

අප්‍රේල් 26, 2019

පංචකර්ම ප්‍රතිකාරවල එන තවත් එක් අවස්ථාවක් ලෙස රක්ත මෝක්ෂණය හැඳින්විය හැකිය. රක්ත මෝක්ෂණය ලෙසින් හඳුන්වන්නේ රක්තය මුදා හැරීමයි. එසේම මෙය ලේ ඉහිරවීම, රක්ත විස්‍රාචනය, රක්ත ස්‍රාවනය ආදී වශයෙන් ද හඳුන්වනු ලබයි.

පංච කර්ම ප්‍රතිකාර අතරින් ශරීරයට බාහිරව යොදන එකම කර්මය ලෙස මෙය හැඳින්විය හැකිය. මෙමගින් කරනු ලබනුයේ ශරීරයේ වූ දූෂිත රක්තය ඉවත් කිරීමයි. රස, රක්ත, මාංශ මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන සප්ත ධාතුන්ගෙන් එකක් වන රුධිරයේ දූෂිත රක්තය පමණක් බැහැර කර ශුද්ධ රක්තය රැකගැනීම සඳහාම මෙම කර්මය සිදුකරනු ලබයි. රක්තය ශරීරයෙන් ඉවත් කළද කිසිඳු ශල්‍ය උපකරණයක් මේ සඳහා භාවිත නොකිරීමද අදාළ රෝගියා කිසිඳු නිර්වින්දන තත්ත්වයකට පත් නොකිරීමද මෙහි ඇති විශේෂත්වයයි. චීන කටු චිකිත්සා ක්‍රමයේ දී වුවද යම් යම් රෝග නිවාරණයන් සඳහා කටු මගින් රුධිරය බැහැර කරවීමට සිදුකළද දේශීය වෙදකමේ දී එවැනි කිසිඳු උපකරණ භාවිතයක් සිදු නොකරනු ලබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රදීප් රණවීර (සර්වංග)

මනෝ චිකිත්සක ඡ්‍යොතිර්වේදී චීන කටු චිකිත්සක

සුරේඛා සංජීවනී

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.