ගැහැනිය සැලකිලිමත් වන නිය

ජුනි 7, 2019

දිගට වඩා පළලින් වැඩිව නිය පිහිටා ඇත්තේ නම් තර්ක කිරීමෙහි දක්ෂ, තියුණු කල්පනාකාරියකි.

දේහ ලක්ෂණ අනුවද කාන්තාව අපූර්ව නිර්මාණයකි. ධ්‍යානලාභි තවුසන්ගේ සිත් පවා වෙනස් කරන තරම් සිත් ඇදගන්නා වශී කර කායික ලක්ෂණය ඇය සතු ය.

විෂ්ණු ෂරිමන් පඬිතුමා ස්ත්‍රී යන්ත්‍රය කවුරුන් විසින් නිර්මාණය කළේ දැයි නැගූ ප්‍රශ්නය තවමත් ප්‍රශ්නයකි.

ඇස, නාසය, දත, ඇඟිලි, ඇහි බැම, නළල, කෙස් මේ ආදී අංග පමණක් නොව කපා ඉවත දමන නිය පොත්තේ තුඩ ගැන පවා ඇයගේ දේහ ලක්ෂණ සම්බන්ධව කියැවෙයි.

කාන්තා වර්ණයේදී නිය ගැන වර්ණනා වෙයි. තඹවන් නිය පෙළ කවුරුත් අගයති. ධර්ම ප්‍රදිපිකාව, බුත්සරණ, කව්සිළුමිණ, කාව්‍ය ශේඛරය ආදී බොහෝ ග්‍රන්ථවල නිය ගැන කියැවෙයි. ‘රන් පැහැයෙ ඇති සියලු උස්ව පිහිිටි නියෙන් යුතුව මට සිලිටිව බබළන ඇඟිලියි දක්වන බුත්සරණ කර්තෘ සුදු රන් නමැති ජලය විහිදුවන චන්ද්‍රකාන්ති මැණික් පේළියකට නිය උපමා කර ඇත.

මුතුවන් හිසෙනුදු ල

දිගැඟිලි කොමල රතු පුල

හැම සඳ එම නන කල

මයල් දන් රැගත් කරනල

කාව්‍යශේඛරකරුවෝ සැමියා, මාමණ්ඩිය විසින් දෙන ලද ඒ සුරූපියගේ මුතුවැනි නිය පෙළින් බබළන දික් ඇඟිලි ඇත ආදී ලෙස දක්වති.

නිය රැස් පෙණ බලන

සුරතැඟිලි පබල සිදු

රූ සයුරේ තරහ වන්

යුලත වණා ද කවර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ආචාර්ය

සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.