ඇස් කණ්ණාඩි ප්‍රදානය

ජුනි 7, 2019


වත්තල හැඳල වැලිඅමුණ ග්‍රාමයේ මහජන සේවය සඳහා කැපවී සිටින ක්‍රිතැන්තස් බොස්කො පදනම විසින් ප්‍රදේශයේ ඇස්පෙනීම දුර්වල වී සිටී. පුද්ගලයන් 150 කට, රුපියල් 4000/- ක් වටිනා උපැස් යුවලක් ඇස් පරීක්ෂණ සායනයක් පවත්වා පසුගියදා බෙදා දෙන්නට යෙදුනි.

මේ පුණ්‍ය අවස්ථාවට හේකිත්ත ලාදුරු රෝහලට අනුබද්ධ ගංගාරාම විහාරස්ථානයේ අධිපති පූජ්‍ය සරුබිම සීවලී ස්වාමින් වහන්සේ වැඩම කර සිටියහ.

බොස්කෝ පදනමේ අධිපති ක්‍රිතැන්තස් බොස්කෝ මහතා පූජ්‍ය සරුබිම සීවලී ස්වාමින් වහන්සේ සමඟ එක්වී උපැස් යුවල කට්ටල බෙදා දෙමින් උත්සවය ආරම්භ කළ අවස්ථාව ඡායාරූපයේ වෙයි.

ඡායාරූපය හා සටහන හැඳල විශේෂ – ජූලියන් කෝරාළ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.