මුහුණ සේදීමට පවා දිලුම්කම්මැලි වුණේ ඇයි?

ජුනි 14, 2019

විවාහ වු අලුත ඇය හැකි තරම් සෙනෙහසින් ඔහුට පැවසුව ද පවුලේ ජම්මෙට වඩා ඇති පුරුද්ද වෙනස් කළ නොහැකි විය.

‘අනේ ඩොක්ටර් මට මේ මනුස්සයා එක්ක ඉන්න බැහැ. රණ්ඩු වෙන එකමයි වැඩේ’. දිලුම් පවසන්නේ සැබෑවක් බව පේශලාගේ මුහුණ දෙස බැලූ විට ඕනෑම කෙනකුට වටහා ගත හැකිය.

ඇයට ඇත්තේ රෞද්‍ර පෙනුමකි. වෛද්‍යවරයා පේශලා සමඟ කතාව ඇරඹුවේය . ඇය දිලුම් සමඟ විවාහ වීම නිසා කරමින් සිටි උසස් රැකියාව ද අතහැරියාය. ඒ වලව් අභිමානයට බිරිය රැකියාවක් කිරීම මදිකමක් සේ සිතූ නිසයි. අවසානයේදී ඇය මාලිගාවකට කියා ගොස් තිබෙන්නේ සතර අපායකටය. පේශලා කෙතරම් නිවෙස පිරිසුදුව තබා ගැනීමට උත්සාහ කළත් ඔවුන්ගේ යල් පැනගිය අදහස් නිසා එසේ කිරීමට ඉඩ නොලැබිණි. එහි කිසිවකුත් පවිත්‍රව පිළිවෙළට ජීවත්වීමට කැමැත්තක් නොදැක් වීය. එම පවුලේ කෙනකු ස්නානය කරනවා දකින්නේ හාවා හඳ දකින්නා වාගේය.

දිලුම් මාස හතකින්වත් ස්නානය කරන්නේ නැත. දවසටත් ඔහු එක් වරක්වත් මුහුණ කට සෝදා ගන්නේ පේශලාගේ බල කිරීමටය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.