දුම්වැටි මාරයා පරදන ආයුර්වේදීය ක්‍රම

ජුනි 14, 2019

*දුම්වැටිය සහ දුම්කොළ භාවිතයෙන් ඇතිවන විස දුරු කිරීම පහසු කටයුත්තක් නොවෙයි. ආයුර්වේදයේ දුම්පානය කරන්නාට, අවට සිටින්නන්ට ඉන් ඇතිවන සංකුලතා දුරු කරගත හැකි ක්‍රමෝපායන් ගණනාවක් ඇතුළත්ය.

දුම්පානය නතර කිරීම අනිවාර්යයෙන් කළ යුත්තක් නමුදු වාතය හා පිත දෝෂ උග්‍ර අයට දුම්පානය නතර කිරීමෙන් අතුරු ආබාධ රැසකට මුහුණදීමට සිදු වෙයි. ඒ නිසා එවන් අයට ආයුර්වේදයේ විශේෂ ප්‍රතිකර්ම තිබේ.
සිගරට්වල අඩංගු නිකොටින් ඇබ්බැහිවීමට හේතුවන ප්‍රධාන රසායනයයි. දුම්වැටියක් උරා පැය භාගයකින් හෝ පැය 4 ක් තුළ සිරුරේ නිකොටින් මට්ටම පහළ බැස තවත් දුම්වැටියක් ඉරීමට කෑදර සිතක් පහළ කරයි. එය ගණන් නොගෙන සිටින විට අපහසුතාවක්, නොරිස්සුම් සහගත බවක් ඇති වෙයි. ඔක්කාරය, බඩ කොරවීම, හිසරදය, අත් පාවල හිරි වැටීම්, නින්ද නොයාම, කැස්ස, උගුර වණවීම, කාංසාව, විෂාදය, දහදිය දැමීම වැනි ශාරීරික ගැටලු පැන නඟයි.
අශ්වගන්ධ කුඩු ග්‍රෑම් 100, ලිකොරික් කුඩු (මුලෙහි චූර්ණය) ග්‍රෑම් 100, ශන්ක්පුෂ්පි කුඩු ග්‍රෑම් 100, ජටාමන්සි කුඩු ග්‍රෑම් 100, කොටුකොළ කුඩු ග්‍රෑම් 50, වච කුඩු ග්‍රෑම් 25, නෙල්ලි කුඩු ග්‍රෑම් 50 ක් මිශ්‍රකර දිනකට තෙවරක් තේ හැන්ද බැඟින් කිරි සමඟ පානය කරන්න. මෙසේ පානයෙන් නිකොටින්වලට ඇති උත්තේජනය අඩු කරගත හැකියි.

දැන හෝ නොදැන අතින් අරන් කටට වස දමා ගන්නන් සහ අන්‍යයන්ට වස කවන්නන් අප අතර මොන තරම් සිටිනවාද? මේ වස අතර ආහාරය පමණක් නොව පාන ද තිබේ. දුම්පානය තරම් විසැති තවත් පානයක් ලොව නැති තරම්ය. එමෙන්ම දුම්කොළය තරම් විසැති කොළයක් ද මිහිපිට නොමැත.
ඇබ්බැහි වීම් අතරින් ප්‍රබලම තර්ජනයක් එල්ල කරන ඇබ්බැහිවීමක් වන්නේ දුම්වැටියට ඇබ්බැහිවීමය. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවන්ට අනුව ලොව පුරා බිලියනයකට වැඩි පිරිසක් දුම්පානය කරන අතර සෑම වසරකම මිලියන හතකට වැඩි පිරිසකගේ ජීවිත බිලි ගනී. දුම්වැටියේ අඩංගු නිකොටින් ඇබ්බැහිවීමට හේතුවන ප්‍රධාන කාරකය වන අතර මේ ඇබ්බැහි කාරකයට තර්ජනයක් විය හැකි ආයුර්වේදීය අත් බේත් ගණනාවක්ම තිබේ. දුම්වැටියට අප වැට බැඳිය යුත්තේ එහි විස රසායන 400 ක් අඩංගු බැවිනි. ඉන් 69 ක්ම පිළිකා කාරකය. පිළිකාවලට අමතරව හදවත් රෝග, ආඝාතය, දියවැඩියාව ඇතුළු සෑම බෝ නොවන රෝග රැසකටම දුම්පානය හේතු වෙයි. ඇදුමට හා පෙණහලු රෝගවලට තදින්ම දුම්පානය බලපායි. දුම්පානය කරන්නා මෙන්ම දුම්පානය කරන්නා අවට සිටින්නන් ද එක ලෙසම රෝගීවීමේ අවදානමක් ඇති අයයි. එනිසා දුමට ඇබ්බැහි වූවන් අද අදම දුම්පානය නතර කළ යුතු වෙයි.
මේ දුම්වැටියට ඇබ්බැහි වීම නතර කළ හැකි ආයුර්වේදීය ක්‍රමෝපායන්ය.
* වියළි ඉඟුරු කැබැල්ලක් සපන්න.


වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>


සටහන –
චම්පිකා දීපානි රණසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.