හෝමියෝපති වෛද්‍යවරයෙකු වෙත යාමට සූදානම් ඔබට

ජුනි 14, 2019

අතීත රෝග ඉතිහාසයද ඉතා වැදගත් ය. ඒ අනුව රෝගියාට මීට පෙර අවස්ථාවලදී ඇති වූ රෝගාබාධ ආදිය පිළිබඳව වෛද්‍යවරයා විසින් සටහන් තබා ගනී. බැලූ බැල්මට වර්තමාන රෝගය සඳහා අවුරුදු කිහිපයක් හෝ වසර ගණනාවක් ඉපැරණි සිද්ධීන් මුල්නොවන ලෙස පෙනුනද හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන ඖෂධ මඟින් අවුරුදු ගණනකට පෙරව ඇති වූ රෝගී තත්ත්වයන් සලකා බලා ප්‍රතිකාර කෙරේ.

වෛද්‍යවරයා හමුවීමට ඔබේ වටිනාකාලයෙන් කොටසක් වැය කරන්න

මෙය ඉතා වැදගත් කරුණකි. මන්දයත් හෝමියෝපති වෛද්‍යවරයා අනෙක් වෛද්‍යවරුන් මෙන් නොව ඔබේ රෝගය, අපහසුතාවය පිළිබඳව ප්‍රශ්න අසමින් කාලය ගත කරයි. මෙය හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී ගුණයකි. මෙය යම් රෝගයකින් අපහසුතාවයකින් පෙළෙන ඔබට වෛද්‍යවරයා විසින් ලබාදෙන මහඟු අවස්ථාවකි.

වෛද්‍යවරයාට සවන්දෙන්න නිවැරැදි පිළිතුරු ලබාදෙන්න

වෛද්‍යවරයා විසින් ඔබෙන් අසන ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු ලබාදෙන්න. මක්නිසාද යත් ප්‍රතිකාර සිදුකිරීම ශරීරයේ අදාළ කොටසට පමණක් නොව සම්පූර්ණ රෝගියාම සලකා ප්‍රතිකාර කිරීම නිසා ය. එසේම එකම රෝගයකින් පෙළෙන රෝගීන් වුවද වෙන් වෙන් වශයෙන් සලකා ප්‍රතිකාර සිදු කරයි.

වෛද්‍යවරයා විසින් ඔබෙන් අසනු ලබන ප්‍රශ්නවල එතරම් වැදගත්බවක් නොමැති බව ඔබට වැටහෙන්නට පුළුවන්. එහෙත් අසන සෑම ප්‍රශ්නයක්ම ඖෂධය හා ප්‍රතිකාර තෝරාගැනීමට මෙන්ම රෝග නිර්ණය සඳහා ද මනා පිටිවහලක් වේ.

ඔබට ලබාදෙන කිසිදු ඖෂධයක අතුරු ආබාධ නොමැති බව මතක තබාගන්න.

කුඩා දරුවෙකු හෝ වියපත් වැඩිහිටියෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමේදී දෙමාපියන් හෝ අදාළ භාරකරුවන් සමඟ යන්න.

ඉතා වැදගත් කරුණකි. ඊට හේතුව නම් අදාළ දෙමාපියන් හෝ භාරකරුවන් මගින්ද ප්‍රශ්න විමසීම් සිදුකිරීමයි. ඇතැම් රෝගීන් වෛද්‍යවරයාට තම රෝග ඉතිහාසය පිළිබඳව කරුණු දැක්වීමට මැලිකමක්, ලැජ්ජාවක් අනිසි බියක් හෝ ඒවායේ එතරම් වැදගත්බවක් නොමැති බව සිතයි. මෙබඳු අවස්ථාවලදී රෝගී පාර්ශවයෙන් කරුණු විමසීම් සිදු කිරීම් නිවැරැදි ඖෂධය තෝරාගැනීමට ඉවහල් වේ.

සියලු වෛද්‍ය වාර්තා රැගෙන යන්න

ඔබ විසින් පෙරදී ලබා ගන්නා ලද එක්රේ, ඊ.සී.ජී, එම්.ආර්.අයි, සී.ටී. ස්කෑන් රුධිර, මුත්‍ර පරීක්ෂණ වාර්තා ආදී සියලුම වෛද්‍යවාර්තා රැගෙන යන්න අමතක කරන්න එපා. අදාළ රෝගය හඳුනාගැනීමටත් පහසුවෙන් ඖෂධ නිකුත් කිරිමටත් වෛද්‍යවරයාට ඉන් හැකියාව ලැබේ.

වෛද්‍යවරයා සමඟ විවෘතව කතාබහ කරන්න

ඔබේ සියලු රෝග, අපහසුතාවන් පිළිබඳව වෛද්‍යවරයාව දැනුවත් කරන්න. ඒ සඳහා කිසිදු බියක් ලැජ්ජාවක් ඇතිකරගත යුතු නොවේ. මන්දයත් ඒ සියලු දේට රහස්‍යභාවය වෛද්‍යවරයා විසින් ආරක්ෂා කරන නිසා ය. අනෙකුත් වෛද්‍ය ක්‍රම මෙන් නොව හෝමියෝපති වෛද්‍යක්‍රමය තුළදී කායික මෙන්ම මානසික රෝග සඳහාද ප්‍රතිකාර පවතී. ශරීරයට හිතකර හෝමියෝපති ඖෂධ යනු වේදනානාශක නොවන බව ඔබ දැනගත යුතු යි.

වර්තමාන රෝගයේ ඉතිහාසය

(ඩ්ඪඵබධපර ධට නපඥඵඥදබ ඛ්ධථනතචඪදබ)

ඔබ දන්නවාද, වර්තමාන රෝගයේ ඉතිහාසය හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ දී සුවිශේෂී වන බව. මෙහිදී රෝගියාගේ වර්තමාන රෝගී තත්ත්වය, අපහසුතාව ඇති වූ ආකාරය, ඇති වූ කාල පරාසය, කරන ලද ප්‍රතිකාර කිරීමෙන් ඇති වූ ප්‍රතිඵල සටහන් කර ගනී. මෙම සියලු ක්‍රියාවලියේ ප්‍රතිඵලය රෝගියාව සුවපත්භාවයට පත්කිරීමයි.

අතීත රෝග ඉතිහාසය

(ර්‍ථචඵබ ඩ්ඪඵතධපර)

අතීත රෝග ඉතිහාසයද ඉතා වැදගත් ය. ඒ අනුව රෝගියාට මීට පෙර අවස්ථාවලදී ඇති වූ රෝගාබාධ ආදිය පිළිබඳව වෛද්‍යවරයා විසින් සටහන් තබා ගනී. බැලූ බැල්මට වර්තමාන රෝගය සඳහා අවුරුදු කිහිපයක් හෝ වසර ගණනාවක් ඉපැරණි සිද්ධීන් මුල්නොවන ලෙස පෙනුනද හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන ඖෂධ මඟින් අවුරුදු ගණනකට පෙරව ඇති වූ රෝගී තත්ත්වයන් සලකා බලා ප්‍රතිකාර කෙරේ.

උදාහරණයක් ලෙස - මාර්ග රිය අනතුරකින් දණහිසට ඇති වූ ආබාධයක් දින කීපයක් තුළ යටපත් වී අවුරුදු ගණනාවකට පසු ක්‍රමයෙන් නැවත වර්ධනය විය හැක. මේ සඳහා පවතින හෝමියෝපති ඖෂධවල විශිෂ්ටභාවය රෝගියාව පුදුමයට පත් කරනු ඇත.

පවුල් ඉතිහාසය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය, හසිත ටිරාන් සුබසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.