ඖෂධීය ඔසු පැන් දන්සල

ජූලි 5, 2019

මාතලේ නාවුල අලුත්ගම සේරුදණ්ඩාපොළ ශ්‍රී පාරමිතා පූජා සේනාසනය හා කවුඩුපැලැල්ල ශ්‍රී අමිතානන්ද අරහත් ආශ්‍රමය විහාරාධිපති කම්මට්ඨාචාර්ය මුල්ලේගම අමිතානන්ද නාහිමිගේ (දකුණ කෙළවරේ) මෙහෙයවීමෙන් අනුරාධපුරය ජයසිරිමහ බෝ සමිඳු අබියසදී පවත්වන ලද මහබෝ වන්දනාවට පැමිණි බැතිමතුන්ට ඖෂධීය ඔසු පැන්වලින් සංග්‍රහ කිරීම රුවන්වැලි සෑ මළුව අබියසදී පැවැත්වු අයුරු.

මෙදින උදේ සිට සවස තෙක් සැදැවතුන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවකට විවිධ අමු ඖෂධ වර්ග යොදා මෙම ඖෂධීය ඔසුපැන් සකස් කිරීම විශේෂතාවයක් වූ බව මුල්ලේගම අමිතානන්ද නාහිමියෝ සඳහන් කළහ.

සටහන ඡායාරූපය කේ.බණ්ඩාරනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.