කත්තොට වෙදමහතාට ගෞරව සම්මාන

ජූලි 26, 2019

ජාතික, ආගමික, සංස්කෘතික, වෛද්‍ය, සාහිත්‍ය කලා, අධ්‍යාපන, ව්‍යාපාරික සමාජ සේවා යන ජාතික පුනරුදයන් උදෙසා බුද්ධි මහිමය, කුසලතාව, පොදු ජන හිත සුව පිණිස සිය ජීවිතය කැප කරමින් සිදු කළ උත්තරීතර ජනතා සමාජ මෙහෙවර පසසා පිරිනැමෙන මහාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍යශූරි ගෞරව නාමය වෛද්‍ය එන්.බී.ඒ. සරත් ජයසිංහ (කත්තොට කැඩුම් බිඳුම්) වෙද මහතාට පිරිනමා තිබේ.

ජාතික සමඟි සංගමයේ මූලිකත්වයෙන්, එක්සත්ජාතීන්ගේ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදි ජනතා සම්මේලනය, ජාත්‍යන්තර සංකලිත වෛද්‍ය වෘත්තියවේදීන්ගේ සංගමය මගින් මෙම ගෞරව සම්මානය ප්‍රදානය කොට ඇත.

එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ප්‍රකාශිත ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව තිස්තුන් වැනි වරටත් පවත්වනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික සමුළුවේදී මෙම ගෞරව නාමය ඒ මහතාට පිරිනමා තිබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.