අලි ඇතුන්ට ආයුර්වේද ප්‍රතිකාර

අගෝස්තු 23, 2019

මනුෂ්‍යයන් වගේම සතා සිව්පාවන්ටත් ලෙඩ දුක් සෑදෙන බවත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් මේ අවස්ථාවේ තෙල් බෙහෙත් සාත්තු කිරීමෙන් ලෙඩ සුවපත් වන බවත් පෙරහර අවස්ථාවේ මෙම මහඟු කාර්යය කිරීම වැදගත් බවත් පැවසුවේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මහනුවර විෂ්ණු දේවාල භූමියේ පැවති අලි ඇතුන් උදෙසා පැවති ආයුර්වේද ස්නේහ කර්ම ගැල්වීමේ වෛද්‍ය කඳවුරේදීය.

මෙම අවස්ථාව විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ අනුග්‍රාහකත්වයෙන් පෙරහර කාල සීමාවේදී පැවැත්වුන අලි ඇතුන්ගේ ශරීරයේ ඇතිවන වේදනාව සහ දෙපා වල ඇතිවන පීඩාව සංසිදවීමේ ප්‍රතිකාර කිරීම ආයුර්වේද ස්වේච්ඡා ප්‍රථමාධාර බලකායේ සභාපති වෛද්‍ය ඩී.එස්.ද.සිල්වා මහතා අලි ඇතුන්ගේ ශල්‍යමය සත්කාර සඳහා වෛද්‍ය කරසිංහ ආරච්චි වෛද්‍යාචාර්යය ඩබ්.සී.වයි. සෝවිස් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම අලි ඇතුන්ගේ දෙපාවල තෙල් සත්කාර කළේය. විෂ්ණු දේවාලයේ ඇත් පන්තියේ අවුරුදු 70 ක් වයසැති ටිකිරි ඇතින්නගේ සුවදුක් ආණ්ඩුකාරතුමා විසින් බස්නායක නිලමේ තුමාගෙන් විමසීමටද අමතක නොකළේය.

ඡායාරූප වාර්තාව – සුනිල් ගුණවර්ධන – කුණ්ඩසාලේ සමූහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.