මාධ්‍යවේදී සංගමයෙන් සමාජ සේවාවක්

සැප්තැම්බර් 20, 2019

මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පූජාපිටිය ගොඩහේන කාන්තා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා දහම් දෙසුමක් පවත්වා තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී. ගොඩහේන ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගොඩහේනේ ජිනානන්ද හිමියන් විසින් දහම් දෙසුම සිදුකරන ලදී.

මෙම අවස්ථාවට මාධ්‍යවේදී සංගමයේ සියලුම සාමාජිකයන් සහභාගි වූහ. එහිදී මාධ්‍යවේදීන් නේවාසිකයන්ට රසකැවිලි පාර්සල් බෙදාදීමට සූදානම්ව සිටින අයුරු සේයාරුවේ දැක්වේ.

පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.