අර්ශස් රෝගය හඳුනාගනිමු

සැප්තැම්බර් 27, 2019

මෙම රෝගය බරපතල රෝගී තත්ත්වයක් නොවුනත් සුළු වශයෙන් හෝ රුධිරය පිටවීම දිනපතා සිදුවුවහොත් ශරීරයේ රක්ත හීනතාවයද ඇතිවිය හැකියි. තුනටිය වේදනාව, බඩ පුරවා දැමීම, කරකැවිල්ල, හිසරදය, උදරය තුළ වාත බුබුළු එහා මෙහා ගමන් ගන්නාක් මෙන් දැනීම ඉක්මනින් කිපෙනසුළු බව, මානසික ආතතිය යනාදිය අමතරව ඇතිවිය හැකි රෝග

ලක්ෂණ වෙයි.

මූලගින්න හෙවත් අර්ශස් රෝගය ඇතිවීමට බලපෑ හැකි මූලික හේතු කිහිපයක් දැනගත් අපි දැන් බලමු මේ රෝගයේ ලක්ෂණයන් හා රෝගයෙන් වන පීඩාවන් අවම කරගන්නේ කෙසේද යන්න.

ආයුර්වේදයට අනුව මෙම රෝගය මූලික දෝෂ ත්‍රය වන වාත, පිත්ත, කඵ දෝෂ අනුව වර්ගීකරණය කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව ඒක දෝෂජ හෙවත් එක් එක් දෝෂයන් මූලික කොටගෙනත්, දෝෂ දෙකක් එක්ව ප්‍රකට වන අවස්ථාවනුත්, දෝෂ තුනම මිශ්‍රව ඇති අවස්ථාවත් අනුව වර්ගීකරණය කරයි. එසේම රක්තජ අර්ශස් ලෙසද තවත් ප්‍රභේදයකි.

වාතය කෝප කරන ආහාර රටා, හැසිරීම් රටා, ක්‍රියාකාරකම් නිසා වාතජ අර්ශස් ඇතිවේ. උදාහරණ ලෙස කෂාය රස, කුළු රසැති ආහාර වැඩි වශයෙන් ගත්විට ආහාරය ස්වභාවයෙන්ම රූක්ෂ වෙයි. සංකෝචකද වෙයි. එම නිසා වැරෙන් මළ පිට කිරිමට සිදුවේ. එය අර්ශඞකාරක හේතුවකි. අධික මද්‍යපානයද අතිතීක්ෂණයි. එය අර්ශසයට අහිතයි. අධික මෛථුනය හේතුවෙන් අර්ශස් ඇතිවන්නේ විශේෂයෙන් ස්ත්‍රී පාර්ශ්වයට වෙයි. වාත අර්ශස් ඇති පුද්ගලයන්ගේ මාංසාංකුර වියලිය. (සුව රහිතය) මළ ඝනයි. මළපහ කරන විට අධිකව වේදනාව ඇතිවේ. පිටවන මළ ප්‍රමාණය අඩුවිය හැකියි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.