ගත සිත පෙළන පීනස

සැප්තැම්බර් 27, 2019

නළල් තලයේ අස්ථින්හි පිහිටා තිබෙන සිදුරු හෙවත් ලළාට කෝටරයන්හි සෙම තද වී අධික හිසරදය සෑදේ. නළල තුළින් ගමන් කරන සියුම් ස්නායු කොටස් පීඩනයට පත්වීමෙන් තද බල හිසරදය ලලාට කෝටර ප්‍රදාහය (ඉඪදභඵඪබඪඵ) හටගනු ලැබේ.

මෙම රෝගයට ප්‍රතිශ්‍යා, යනුවෙන්ද, දක්ෂවන මාධව නිදානාදී චාර්යවරයාණෝ පූර්වරූප වශයෙන් දක්වන්නේ කිවිසුම් පැවතීම (කිඹුහුම් යාම) හිසේ බර ගතියද, තද බවද ඇඟපත මැඩීම (තල, පෙළා දෑම) ලොම් ඩැහැගැන්ම වාගේම නාසයෙන් දුම් පිටවන්නාක් සේද, නාසය ඇලෙන්නාක් පරිදීද, තල්ල පුපුරු ගසන්නාක් බඳුවීමද, උගුරෙහි පීඩාවද , මුඛයෙන් සෙම්දිය පිටවීමද සිදුවේ.

සාමාන්‍ය ප්‍රතිශ්‍යාව (හෙම්බිරිස්සාව) සතියකට සීමාවේ. පරණ හෙම්බිරිස්සාව, පීනස නමින් හැඳින්විය හැකියැ. පීනස ප්‍රභේද කිහිපයකින් දැක්විය හැක.

කරප්පුංචි පීනස, කීනවායු පීනස, පූනාකෙන්ද පීනස, තිරත්ත පීනස, පූරතිස්ස පීනස, සුලි පීනස, අරබුධ පීනස, හොටු පීනස, නාග පීනස, කණ්ඩමාල පීනස, ජ්වර පීනස යනුවෙන් වර්ගාකරණය කරනු ලබන උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත පීනස් රෝග සඳහා ඉපැරණි දේශීය වෛද්‍ය ප්‍රතිකාර නම් පුස්තකයෙහි වැඩිදුරටත් විස්තර සඳහන් කර ඇත. ඊට හාත්පසින්ම වෙනස් අදහස් දක්වන ශ්‍රීමත් එම්.බී. රත්නායක වෛද්‍යතුමා විසින් රචිත “ආයුර්වේද ප්‍රායෝගික චිකිත්සාව “නමැති ග්‍රන්ථයෙහිද පීනස නම්කර ඇත. එය පස් ආකාර වේ. එනම් 1.දිය පීනස 2. ගල් පීනස 3.ලේ පීනස 4.ගඳ පීනස හා 5.ලෙය පීනස යනුවෙනි.

දිය පීනස

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.