රාජකීය වෛද්‍යවරයා බමුණාට ගැසූ සිංහල වෙද ගැටය

සැප්තැම්බර් 27, 2019

පාරම්පරිකව නොයෙක් වෙදකම් නොයෙක් ව්‍යාධීන්ට අත්හදා බලා ඇති පළපුරුද්දෙන්ද අගතැන්පත් රාජකීය වෛද්‍යවරයා මෙය ඉතාමත් සුළු දෙයැකැයි රජ අස්වසාලීය.

අනාදිමත් කාලයක සිට පරම්පරාගතව පැවත ආ සිංහල රාජ වෛද්‍යවරයකුට එක්තරා අවස්ථාවකදී අත්දකින්නට ලැබුණු සිද්ධියක් හා එයට එතුමන් විසින් කළ කපටිකමක් පිළිබඳව රසවත් කථාවක් කෝට්ටේ රාජ යුගය සම්බන්ධයෙන් කියැවෙයි.

කෝට්ටේ රජ කළ හත්වැනි බුවනෙකබාහු රජතුමාට වරෙක ඇතිවූයේ දරුණු උගුරේ ආබාධයකි. රජතුමා කථා කරන විට නිකුත් වූයේ අප්‍රසන්න ශබ්දයකි. තමන්ගේ හැඟීම් නිසි ලෙස කියා සිටීමට වචන උච්චාරණය කිරීමටද එතුමාට අසීරු වූ හෙයින් එතුමෝ වහාම තම රාජකීය වෛද්‍යවරයා කැඳවා ඔහුට මේ බව පවසා වෙදකමක් කොට මේ අසනීප තත්ත්වය සුවකරන්නැයි ඉල්ලා සිටියහ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.