මුඛ රෝග සඳහා අක්මැල්ල

සැප්තැම්බර් 27, 2019

අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බොහෝමයක් ශාකයන් අප හොඳීන් හඳුනනු ලබන අතර අප හොඳීන් නොහඳුනන ශාකයන් ද රාශියක් දක්නට ලැබේ. එයට හේතු වනුයේ වර්තමානයේ තුරුලතා පිළිබඳ බොහෝ දෙනා තුළ නිවැරදි අවබෝධයක් නොමැති වීමයි.

අප හොඳීන් විමසා බැලුවහොත් අප අවට ඇති ශාකයන් සියල්ලම පාහේ කිසියම් ප්‍රයෝජනයක් ලබා දෙන ශාකයන් බව හඳුනාගත හැක. මේවා අතර ආහාරමය වශයෙන් ද ඖෂධීය වශයෙන් ද, එසේම ඖෂධීය හා ආහාරමය වශයෙන් ද ප්‍රයෝජන ගෙන දෙන ශාකයන් රාශියක් දක්නට ලැබෙන අතර තවත් විවිධ ප්‍රයෝජන ලබාදෙන ශාකයන් රාශියක් ද දක්නට ලැබේ.

ඖෂධීය වශයෙන් සහ ඖෂධීය හා ආහාරමය වශයෙන් ප්‍රයෝජන ගෙන දෙන තුරුලතා පිළිබඳව සලකා බැලීමේදී ඒවා බොහෝමයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේද බොහෝ ප්‍රයෝජන ලබා දෙන ශාකයන් ලෙස හඳුනාගත හැක.

මෙසේ විශිෂ්ට ගුණ ලබාදෙන ශාකයන් අතුරින් තවත් එක් විශේෂ ශාකයක් ලෙස “අක්මැල්ල” ශාකය හැඳීන්වීමට පුළුවන. මෙය දත් රෝග සඳහා අතිශයින්ම ගුණ දෙන ඖෂධීය ශාකයකි.

මිනිසුන්ට වැළෙඳන රෝගාබාධයන් අතුරින් මුඛය සහ දත් ආශ්‍රිතව හටගනු ලබන රෝගයන් රාශියක් දක්නට ලැබේ. මෙහිදී දත් කැක්කුම, දත් මුල් දියවීම, දත් දිරා යාම ඇතුළු දත් රෝග මෙන්ම මුඛ රෝගද සඳහා යොදනු ලබන ආයුර්වේද සහ දේශීය ප්‍රතිකාර රාශියක් දක්නට ලැබේ. ඒ අතුරින් අක්මැල්ල ද විශේෂ තැනක් ගනු ලබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.