සුළු රෝගාබාධයක් නිසා ජීවිතය පවා එපාවී සිටි බළන්ගොඩ මහා නාහිමියන්ගේ රෝගාබාධය සුවකර යළි ජීවිතාශාව ඇති කළ පාරම්පරික වෛද්‍ය කතෝලික මේජර්වරයා

ඔක්තෝබර් 4, 2019

යම් කෙනෙකුට බරපතළ රෝගයක් සෑදි මුළු ජීවිතය පුරාම දුක් විඳින්නට සිදුවීමෙන් ඇතිවන මානසික කම්පනය කෙතරම්දැයි වචනවලන් කියා නිමකළ නොහැකිය.

අන්තිමේ තමන් පෙර ආත්ම භාවයකදී කළ මහා පාප කර්මයක් මුල් වූවායැයි කියා සිතා ඒ සමහරුන් තම සිත් සනසා ගනිති. එවන් ව්‍යාධීන් දකිනා අසනා අයටත් පව් පින් පිළිබඳව පාඩමකට යන්නටද බොහෝවිට එවන් ව්‍යාධියකින් දුක්විඳින අයගේ තත්ත්වය ප්‍රමාණවත් ය. භව කර්ම, කර්ම විපාක පඩිසන් දෙන අයුරු එසේ යැයි සමහරුන්ට දක්වා ලන්නටද එවන් කෙනෙකුගේ එවන් ව්‍යාධියක් සමත් වන්නේ ය.

එහෙත් දශක ගණනාවක් තිස්සේ වඩන ලද භාවනාවන්ගේද දේශනා කරන ලද අනන්ත ධර්ම දේශනාවන්ගේද ලිපි වශයෙන්ද ග්‍රන්ථ වශයෙන්ද ලියා පළ කරන ලද සුවිසල් ග්‍රන්ථ සම්භාරයෙන්ද මෙතෙර පමණක් නොව එතෙර විදේශයන්හි රට රටවල් ගණනාවක සංචාරය කරමින් එහි සිටි විධිමත් විද්වතුන්ගේ හා අන්තවාදීි හැඟීම්වලින් යුතු අන්‍යාගමිකයන් හා සමඟද කරන ලද සාකච්ඡා වාද විවාද වලින්ද ලබන ලද සාර්ථක ප්‍රතිචාරද ඇතිව මෙ සමයේ මෙරට වෙසෙන සංඝ හිමි නමක වෙන්වූ ගෞරව බහුමාන පිළිගැනීමටකට ද ලක්වී වැජඹුනු අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේට සිය ජීවිතාවසාන යුගයේදී වන් සුළු ව්‍යාධියක් නිසා සිය ජීවිතය පිළිබඳව සුළු කළකිරීමකටද පත්වූවා යැයි කිවහොත් සඳහන් කළ හොත් මහා නාහිමියන් ගැන නොදැන සිටි අයටද පුදුමයට හේතුවක්ද විය හැක්කේය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.