ශ්‍රී මහා බෝධි අංකුර රෝපණය

නොවැම්බර් 8, 2019

උඩදුම්බර ලෝකඋරුම මීමුරේ ගම්මානයේ ශ්‍රී සුධර්ශනාරාම විහාරයේ වාර්ෂික කඨින පින්කම ශ්‍යාමෝපාලි මහා නිකායේ අනුනාහිමි වේඬරුවේ උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවතිනි. එහිදී විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත නව සංඝාරාමයට අනුනාහිමියන් විසින් මුල්ගල තැබූ අතර විහාර භූමියේ ශ්‍රී මහාබෝධි අංකුරයකද රෝපණය කරන ලදී.

පසුගිය 18-19 යන දෙදිනෙහි පින්කම පැවැත්වුන අතර 18 දින රාත්‍රි සර්වරාත්‍රික පිරිත් දේශනයක්ද පැවැත්විණි.මෙම අවස්ථාවට පාතහේවාහැට බෝලෑප විහාරවාසි බෝලෑපේ සුධම්ම හිමි සහ මාරස්සන දමුණුගොල්ල විහාරාධිපති උඩත්තව පඤ්ඤානන්ද හිමි සමඟ මීමුරේ ධම්මින්ද හිමියන්ද සහභාගිවූහ. එම ආගමික වැඩසටහන් වල අවස්ථාවන් මෙහි දැක්වේ.

පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.