දේශීය නිෂ්පාදනයන්ට අතහිත

නොවැම්බර් 22, 2019

උස්වැටකෙයියාව ග්‍රාමයේ රැකියා විරහිත කාන්තාවන් උදෙසා දේශීය රසකැවිලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියත්, වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංජීව ජයමහ මහතාගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතහිත දීමෙන් උස්වැටකෙයියාව වැඩිහිටි සංවිධානය ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

මෙම දේශීය රසකැවිලි නිෂ්පාදනය සඳහා කාන්තා සංවිධානයේ සාමාජිකාවන්ගෙන් ව්‍යාපෘති ලබා ගැනීමේ තරඟයෙන් වැඩිහිටි සංවිධානය සූදානම් කර තිබුණි. එම ව්‍යාපෘතින් අතරින් හොඳම ව්‍යාපෘති 03 ක් තෝරා මූල්‍යමය ත්‍යාග පිරිනැමීම පසුගියදා උස්වැටකෙයියාව දෙව්මැදුරු පරිශ්‍රයේ පැවති වැඩිහිටි සමිතියේ සංවත්සරික උත්සව සභාවේදී සිදුකරන ලදී.

ජයග්‍රාහී කාන්තාවක් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරි පි‍්‍රයතිස්ස මහතාගෙන් තමාගේ මූල්‍යමය ත්‍යාගය හිමිකරගත් මොහොත

සටහන හා ඡායාරුපය හැඳල විශේෂ ජූලියන් කෝරාළ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.