පොතු කබර රෝගය හඳුනා ගන්න

දෙසැම්බර් 20, 2019

ශචිත්‍ර සහ පොතුකබර දකින්නා තුළ අප්‍රසාදය සහ ජුගුප්සාව මෙන්ම පිළිකුල දනවන රෝගයකි. චර්ම රෝග , වාත රක්තය වැනි රෝගවලට වඩා මෙය වෙනස් වන්නේ.

(මතුපිට සම) අපිචර්මය අධිවර්ධනය හේතුවෙන් මිනිරන් පතුරු මෙන් එම ස්ථරය ගැලවී ඉවත්ව යාමයි. අලසක, ශිරෝමල සහ පරංගි වලින් මෙන්ම වාත රක්තයෙන් ද මෙය පැහැදිලිව වෙන්ව හඳුනා නොගතහොත් ප්‍රතිකාර කිරීම ඉතා අපහසුය. එවිට භයානක ප්‍රතිඵල වලට රෝගියා ලක් වීමට ද ඉඩ ඇති බැවිනි. චක්‍රාකාරව මතුපිට සමට මදක් ඉහළින් වරාම් දක්නට ලැබීමත් එහි මතුපිට තලය ඉටිපන්දම් කිරිබඳු , කොරපොතු වලින් වැසී තිබීමත් මෙය හඳුනා ගැනීමට පහසු කරවයි. මෙම කබොලු ගලවා දැමූවිට රෝස පැහැයට හුරු සිවියක් මතුවෙයි. වේදනාවක් හෝ ස්‍රාව ගලනයක් හෝ දක්නට නොමැති අතර වියලි ඉරිතලාගිය ස්වභාවයක් මෙහිදී විද්‍යමාන කෙරේ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.