හෘදයාබාධ වලට මුලපුරන කොලෙස්ටරෝල්

ජනවාරි 31, 2020

හෘදයාබාධ සඳහා හේතුවන මූලික කාරණය කොලෙස්ටරෝල් වේ. කොලෙස්ටරෝල් සෑම සත්ත්වයෙකුගේම ශරීරයේ ඇති කාබනික රසායනික ද්‍රව්‍යයකි. එය ස්ටීරොයිඩ් ගණයට අයත් වේ.

ශාකවල මෙන්ම සතුන් තුළද ස්ටීරෝල් අඩංගු වේ. ශාකවල අඩංගු ස්ටීරෝල් ශාක ස්ටීරෝල් ර්‍ථඩරබධඵබඥපධත ලෙසද සතුන් තුළ ඇති ස්ටීරෝල් සත්ත්ව ස්ටීරෝල් ඛධධඵබඥපධත ලෙසද හැඳින්වේ. සත්ත්ව ස්ටීරෝල් අතරින් බහුලතම සංයෝගය ලෙස කොලෙස්ටරෝල් හඳුන්වයි. එය ඉතාමත් ශරීරයට අවැසි සංඝටකයක් වන මේවා තදින් ඇලීම කරයි. මෙය කහ පැහැති ඉටු වැනි ලිපිඩ වර්ගයකි. එසේම කිසිදු ශාකමය ආහාරයක කොලෙස්ටරෝල් අඩංගු නොවීමද විශේෂයකි.

කොලෙස්ටරෝල් මඟින් ශරීරයේ ඉටුවන කාර්යය

1.ශරීරයේ සෛල පටකවල පැවැත්මට මෙන්ම ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වේ.

2.අප ගන්නා ආහාර ශරීරයට උරාගැනීමට උපකාරි වන පිත නිපද වන්නේද කොලෙස්ටරෝල් මගින්ය.

3.ස්ටීරොයිඩ් හෝමෝන නිෂ්පාදනයට උදව් වේ. විටමින් ම්,ඒ,ච්,ඡ් නිපදවීමට උදව් වේ.

4.අධිවෘක්ක ග්‍රන්ථි මගින් ස්‍රාවය වන හෝමෝන වන ලිංගික හෝමෝනය නිපදවීමට උදව් වේ.

සත්ත්ව සෛල තුළ කොලෙස්ටරෝල් නිපදවීමේ ක්‍රියාවලිය සඳහා මේද අම්ල, ග්ලූකෝස් හා ඇමයිනෝ අම්ල ඉවහල් වේ. කොලෙස්ටරෝල් රුධිරයේ දිය නොවන සංඝටකයකි. එය ඇපොලයිප්‍රෝටීන සමඟ එක්වී ලයිප්‍රොප්‍රෝටීන් ලෙස රුධිරය සමඟ මිශ්‍ර වේ. ලයිප්‍රොප්‍රෝටීන් ඹ්ඪනධනපධබඥඪද යනු ට්‍රයග්ලිසරයිඩ් කොලෙස්ටරෝල් හා පොස්පොලිපිඩ යන වර්ගවල එකතුවකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.