දේශීය වෙදකමින් ප්‍රතිකාර නොගැනීම නිසා සදාකාලික රෝගීන් බවට පත්වෙලා

ජනවාරි 31, 2020

ඇදුම, පීනස, ගැස්ට්‍රයිටීස් හා හන්දිපත් රෝගවලට

වසරක් ගෙවී තවත් වසරක් උදාවී ඇත. එම වසරේ දී අපි අදිටන් කරගත යුතු වන්නේ රෝගාබාධවලින් තොරව නිරෝගීව ජීවත්වීමටයි.

එසේ ජීවත්වීමට නම් අප මූලිකව කළ යුත්තේ ආයුර්වේද ජීවන රටාවට අනුව හැකිතාක් දුරට කටයුතු කිරීමටයි. ඒ අනුව උදේ ආහාරය උදේ අටට පෙරත් දහවල් ආහාරය එකට පෙරත් රාත්‍රී ආහාරය රාත්‍රී හතට පමණක් ගැනීමටත් ජලය වැඩියෙන් පානය කිරීමටත් උනන්දුවිය යුතු ය. මේ වන විට අප රටේ බෝ නොවන රෝග බෙහෙවින් ව්‍යාප්තවීමට පටන් ගෙන ඇත. ජනගහනයෙන් හතරෙන් තුනකට වඩා ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳිති. එයට මූලික හේතුවක් වන්නේ නිසි වේලාවට ආහාර නොගැනීම හා ක්ෂණික ආහාරවලට යොමුවීම, ක්ෂණික බීම වර්ගවලට හා රසායනික රසකාරක ආහාර ගැනීම හා මත්පැන්වලට යොමු වීමයි. අධික ලුණු යොදා ආහාර පාන වර්ග කුළුබඩු යෙදූ ආහාර වර්ග හා තෙල් හා පිටි කෑමද ඉතාම අගුණය.

ගැස්ට්‍රයිටිස් රෝගය ගැන තරමක් හෝ දැණුවත්ව සිටීමෙන් රෝගය ආරම්භයේම ප්‍රතිකාරවලට යොමුවීමෙන් රෝගය සුවකරගත හැකිය. නිරන්තරයෙන් පවතින බඩේ දැවිල්ල ආමාශගත තුවාල ඇතිවීම ශරීරය කෙට්ටුවීම හෘදය ආසන්නයේ තියුණු වේදනාව පැවතීම බඩ පිපුම ආහාර ගැනීමට අපි‍්‍රයභාවය හිසකැක්කුම සමග වමනය ඇතිවීම කොන්දේ වේදනාව, ඇඟපත දැවිල්ල, මුඛ දුර්ගන්ධය, වැසිකිළි යෑම අක්‍රමවත්වීම සමහර අවස්ථාවේදී මළ සමඟ ලේ පිටවීම ද වේ. එබැවින් මූලිකවම දේශීය වෙදකමට යොමුවීමෙන් රෝගය සුවපත් කර ගත හැකි ය. දේශීය වෙදකමින් දෙනු ලබන ප්‍රතිකාර තුළින් ශරීර උෂ්ණත්වය අඩුකර සිසිල් බවක් ලබාදෙයි. රෝගියා සම්පූර්ණයෙන්ම සුවකිරීමේ හැකියාව එම බෙහෙත් සතුව පවතී.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.