වෙනත් කිසිදු වෛද්‍ය කර්මයක නොමැති

පෙබරවාරි 7, 2020

 ඖෂධ ක්‍රම කෙම් ක්‍රම මන්ත්‍රක්‍රම හා බෙහෙත් නොබඳින දේශීය කැඩුම් බිඳුම් වෙදකම

ශරීරයට බෙහෙත් නොබැඳ කැඩුම්බිඳුම්වලට ලක්වූ රෝගියා සැතපෙන යහනේ පාදයට එනම් රෝගියා සිටින ඇදේ කකුලකට බෙහෙත් බැඳීමෙන් ඇට පාස්සන ක්‍රමයක් දේශීය නොහොත් සිංහල වෙදකමේ ඇත.

ඇඳ කකුලේ බෙහෙත නමින් හඳුන්වන මෙම ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදුකරනු ලබන්නේ ශරීරයේ කීපපොලක ඇටකැඩී බෙහෙත් බැඳීමට නොහැකි තත්ත්වයේ පසුවන අවස්ථාවලදී ය. මෙහි දී බෙහෙත් කරනු ලබන්නේ මන්ත්‍රද උපයෝගී කරගනිමිනි. ඇඳ කකුලේ බැඳීමට ගන්නා බෙහෙත් වර්ගවලට දුම් අල්ලා මතුරමින් කෙම්ක්‍රම අනුව රෝගියා සිටින ඇඳේ කකුළට බෙහෙත් තියා බඳිති. එමෙන්ම කැඩුම් බිඳුම් රෝගියාගේ කරේ බඳින ක්‍රමයක්ද අපේ හෙළ වෙදකමේ හාස්කම්පාමින් තිබී ඇත. මෙවැනි වටිනා වෙදකම් ප්‍රතිකාර ක්‍රම බොහොමයක් මේ වන විට අභාවයට යමින් පවතී. කෙම්ක්‍රම මන්ත්‍රකම ඇතුළත් වෙදපොත් ද වෙද පරපුරවල්වලින් විනාශවී ගොස් ය. සමහර පොත්වල සටහන් මෙන්ම අකුරුද නොපැහැදිලි තත්ත්වයෙන් මැකී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.