රැකියාව නිසා කාන්තාවන්ට වැලඳෙන රෝගාබාධ

මාර්තු 6, 2020

කොන්දෙ අමාරුව

දිගුකලක් තිස්සේ බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටිමින් ලිපි කටයුතු වල හා පරිගණක කටයුතුවල යෙදීමෙන් කොඳුඇටවලට මෙන්ම ඇස්වලටද අයහපත් ප්‍රතිඵල ලැබේ. කොන්දේ අමාරුව ඇතිවීමට මූලිකම හේතුව වන්නේ එකතැනක එකවිදියට වාඩිවී බොහෝ වේලාවක් සිටීමයි. කොන්ද කෙලින් තබාගෙන ඉඳගෙන නොසිට කොන්ද නමාගෙන සිටීමෙනුයි කොන්ද අමාරුව ඇතිවෙන්නේ. සෑම ආයතනයකම වාගේ සේවයේ නියුතු වූවන්ට වැඩි සැපපහසුකම් ලබාදීම සඳහා වායුසමීකරණ යන්ත්‍ර අධික ආලෝකය ආදී පහසුකම් ලබාදී ඇත. මෙයද සමහර කාන්තාවන් අපහසුතාවයට පත්කරන්නක් වී ඇත.

වායුසමීකරණ නිසා නිකුත්වන දැඩි සිසිලස දී ස්වසන පද්ධති ආශි‍්‍රතව කල්පවත්නා සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස, හිසකැක්කුම ආදී රෝග මෙන්ම වෙනත් රෝගද ඇති විය හැකිය. සමාජයේ දියුණුවත් සමඟ කාර්යක්ෂ ම සේවයක් සඳහා සෑම කාර්යාලයකම වාගේ ඇත්තේ පරිගණකයි. එහි සේවය කරන කාන්තාවන් පරිගණකය වෙත දෑස් යොමා සිටිමින් බොහෝ වේලාවක් රාජකාරි කටයුතුවල නිරතවීමත් දෘෂ්ටි ආබාධවලට මෙන්ම හිසකැක්කුමට ද හේතුවක් වේ. වාඩිවී සිටින අසුනේ ඉන්නා ඉරියව් අනුවද කොන්දේ අමාරුව ඇතිවේ. සමහර ආයතනවල පවතින අධික ශබ්දය නිසාත් ශ්‍රවණා ආබාධිත තත්වයක ඇතිවිය හැකිය. කාර්යාලයේදී ඇතිවන කොන්දෙ අමාරුව ගණන් නොගෙන සිටීම නිසා නිවසට ගියවිටද එය වරින් වර හටගනී. මුළදී සාමාන්‍ය කැක්කුම් ගතියක් පෙන්නුම් කළත් පසුවට අධික වේදනා තත්වයකට පවා පත්විය හැකිය.

රාජකාරි වැඩක යෙදී සිටින අවස්ථාවකදී කොන්දේ අමාරුව ඇතිවුවහොත් අසුනෙන් නැගිට ටික වේලාවක් එහාට මෙහාට ඇවිදිය යුතුය. ඉන් වේදනාව සමනයට පත්වේ. බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටීමද අහිතකරය. යම්කිසි රාජකාරි කටයුත්තක ලිපිකාර සේවයේ හෝ පරිගණක සේවයේ යෙදී සිටීනම් දෙකට නැමී ටික වේලාවක් සිටීනම් වේලාවෙන් වෙලාවට ඉරියවු වෙනස් කරමින් ඍජු සිටිමින් ඒ කටයුතු කරන්න. පුටුවේ ඉඳගනිමින් දෙකට නැමී රාජකාරි කටයුතුවල නිරතවීමෙන් බඩ කොරවීමේ තත්වයක් ඇතිවිය හැකිය. එමෙන්ම දෙකට නැමී කරනු ලබන සේවය නිසා ශරීරයේ අස්ථි පද්ධතියේ විවිධ සංකූලතා ඇතිවීමටද හේතු වේ. විශේෂ කොන්දේ අමාරුව ඇතිවීමට බලපාන්නේ නිවැරදි ඉරියව්වෙන් කටයුතු නොකිරීමයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.