කුමාරකන්ද මහා විහාරයේ බුදුමැදුර පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට

ඔක්තෝබර් 30, 2020

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි කුමාරකන්ද කුමාර මහා විහාරය වසර 256 ක් පැරැණි ඓතිහාසික පින්බිමකි. මෙහි විහාර මන්දිරය බෙහෙවින් අබලන් වී ඇති අතර. එහි තිබෙන සැතපෙන බුදු පිළිම වහන්සේගේ ගී‍්‍රවය ඉරිතැලී තැනින් තැන කැඩී බිඳී යමින් පවතී.

මහනුවර යුගයට අයත් ඉපැරැණි බිතුසිතුවම් ද මැකී යමින් පවතී. මෙවා සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව , විහාරාධිපති අධිකරණ සංඝනායක ගන්තලාවේ ගුණානන්ද හිමියෝ පැවසූහ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.