මොළයේ වතුර පිරෙන හිස ලොකු දරුවෝ

ජනවාරි 29, 2021

මෙම රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යා වේ හඳුන්වනු ලබන්නේ හයිඩ්‍රෝ සෙෆලස් ඩ්රඤපධජඥනඩචඪභඵ නමිනි. “හයිඩ්‍රෝ” යන්නෙන් ජලය නැතිනම් වතුර යන අර්ථයක් “සෙෆලස්” යන්නෙන් මොළය යන අර්ථයක් දැක්වෙනවා. ඒ කියන්නේ වචනයේ තේරුම මොළයේ වතුර යන්නයි.

 

මොළය තමා අපේ සිරුරේ පාලක මධ්‍යස්ථානය. මොළය පිහිටා තිබෙන්නේ මේ තරලයේ ගිලිලා, මොළය විතරක් නොවෙයි, මොළය හා සම්බන්ධිත සුෂුම්නාව හෙවත් කොඳුනාරටියත් පිහිටා තිබෙන්නේ මේ තරලයේ ගිලිලා. මෙලෙස තරලයේ ගිලී පැවතීම නිසා විශේෂයෙන්ම හිස්කබලට පිටතින් පහරක් වැදුණු විටෙක දැනෙන කම්පනය එයාකාරයෙන්ම මොළයට දැනෙන්නේ නැහැ. එය කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරනු ලබනවා.

මෙම තරලය මොළය හා සුසුම්නාව ආශි‍්‍රතව පිහිටන නිසා මෙය හඳුන්වනු ලබන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය නමිනි. (ඛ්ඥපඥඡපධ ඵනඪදචත ජ්තභඤ)

මිනිසාගේ හිස්කබලට ඇතුළතින් මොළය වටකොට පිහිටන මොළයේ ආරක්ෂාව තහවුරු කරන පටල තුනක්ම පැහැදිලිව දකින්නට පුළුවන්.

“මෙනින්ජි” පටල නමින් පොදුවේ හඳුන්වනු ලබන මෙම පටල තුන පිටත සිට ඇතුළට පිළිවෙළින්.

වරාශිකාව – (ච්භපචථචබඥප)

ජලාකාර ස්ථරය – (ඒපචජඩදධඪඤථචබඥපඵ)

චීනාංශුකාව – (ර්‍ථපචථචබඥප)

ජලාකාර ස්ථරයන් චීනාංශුකාවත් අතර ඇති ඉඩකඩෙහි තමා අද අපි කථා කරන රෝග තත්ත්වය ඇති කිරීමට මුල්වන තරලය. එනම් මස්තිෂ්ක සුෂුම්නා තරලය පිහිටා තිබෙන්නේ එම ඉඩකඩ හැඳින්වෙන්නේ උපපාලාකාර අවකාශය නමිනි .(ඉභඡචපචජඩදධඪඤ ඉනචජඥ)

මස්තිෂ්ක සුෂුම්නා තරලය පැහැදිලි තරලයක් බැලූ බැල්මට ජලය හා සම කරන්නට පුළුවන් නමුත් එහි කුඩා ප්‍රමාණවලින් ප්‍රෝටීන් , සීනි, ඇතැම් අයන වර්ග හා අංශුමාත්‍ර වශයෙන් වසා සෛලත් අඩංගු වෙනවා. මස්තිෂ්ක සුෂුම්නා තරල ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 130 ක පමණ නියත පරිමාවක් නමුත් මෙම තරල ප්‍රමාණය දිනකට කිහිපවරක් අලුත් වෙයි.

මස්තිෂ්ක සුෂුම්නා තරලය නිපදවන්නේ මොළය තුළ ඇති මස්තිෂ්ක කෝෂිකා නම් ව්‍යුහ තුළ මොළයේ මස්තිෂ්ක කෝෂිකා හතරක් තිබෙනවා. ඒ පාර්ශ්විත මස්තිෂ්ක කෝෂිකා දෙකයි. 3 වන මස්තිෂ්ක කෝෂිකාව , 4 වන මස්තිෂ්ක කෝෂිකාව වශයෙනි.

හිස ලොකු දරුවන් ඇතිවීමට සුලබව හේතුව ලෙස පැහැදිලිවම පෙනෙන්නේ මෙනින්ජි පටල ආසාදනයන් හේතුවෙන් සිදුවන මෙනින්ජි පටල ප්‍රදාහය ඒ වගේම මෙනින්ජි පටල ප්‍රදාහය සුලබව දකින්නට ලැබෙන්නේ ළදරුවන් අතරය කිව්වොත් වැරැදි නැහැ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අලුත උපන් බිලිඳුන්ගේ පෙකණි වැලෙහි සිදුවන පැසවීමය.

මස්තිෂ්ක සුෂුම්නා තරලයේ ගමන් මඟ

පාර්ශ්විත මස්තිෂ්ක කෝෂිකාවල ඇති රුධිර ග්‍රාහි ප්‍රතාන තුළ නිපදවෙන තරලය අන්තර් මස්තිෂ්ක කෝෂිකා ජිද්‍රය හෙවත් මොන්රෝ ජිද්‍රය තුළින් 3වන මස්තිෂ්ක කෝෂිකාවට පැමිණෙනවා. එසේ පැමිණෙන තරලයත් 3 වන මස්තිෂ්ක කෝෂිකාවේ නිපදවෙන තරලයත් එකතුව සිල්වියර් මාතිකාව හරහා 4 වන මස්තිෂ්ක කෝෂිකාවට පැමිණෙනවා.

සිල්වියර් මාතිකාව සිහින් සිඟු නාළයක් බඳුයි. 4 වන මස්තිෂ්ක කෝෂිකාවේ සිට මෙහෙන් හා ලුෂ්කා නම් ජිද්‍ර තුළිනුයි ජාලාකාර ස්ථරයත්, චීනාංශුකාවත් අතර ඇති ඉඩකඩට මෙම තරලය පැමිණෙන්නේ, එම ඉඩකඩ හැඳින්වෙන්නේ උපජාලාකාර අවකාශය නමිනි.මෙම උපජාලාකාර අවකාශය මොළය හා සුෂුම්නාව වටාම පවතිනවා.

ඒ අනුව මොළය හා සුෂුම්නාව වටා මෙම තරලය ගමන් කරනවා. මොළය හා සුෂුම්නාව වටේම පූර්ණ සංසරණයකින් පසු මොළයේ මතුපිට ඇති උත්තර මධ්‍ය සිරස් කෝඨරය තුළ ඇති අංගුලිකා තුළින් ශිරා පද්ධතියට අවශෝෂණය කරගනු ලබනවා. මීට අමතරව සුෂුම්නාව ආශි‍්‍රතව සංසරණය වන අතරතුර ඉතා සුළු වශයෙන් සුෂුම්නා ස්නායු හා සම්බන්ධිත ශිරා මඟිනුත්, චීනාංශුකාවේ ඇති ශිරා හා සිහින් කේශනාලිකා මඟිනුත් අවශෝෂණය කරගනු ලබනවා.

සාමාන්‍යයෙන් සිරුරක සංසරණය විය යුතු මස්තිෂ්ක සුෂුම්නා තරලය නියත පරිමාවක් විය යුතුයි. නමුත් ඇතැම් හේතූන් නිසා මේ මස්තිෂ්ක සුෂුම්නා තරලය නියත නොවනවා. වැඩිවන තරල ප්‍රමාණයට ඉඩකඩ සැපයීමට දරුවාගේ හිස ප්‍රමාණයෙන් විශාල වෙනවා.

මස්තිෂ්ක සුෂුම්නා තරල පරිමාව හිටි අඩියේ වැඩිවීම

මෙම තරලය සංසරණය වන මාර්ගයේ කිසියම් අවහිරයක් එසේත් නැතිනම් නිෂ්පාදනය වන මස්තිෂ්ක සුෂුම්නා තරලය නිසිපරිදි අවශෝෂණයවීමේ දෝෂයක් නිසා තරලය හිස තුළ ගොඩ ගැසෙන්නට පුළුවන්.

මෙනින්ජි පටල ප්‍රදාහය

හිස ලොකු දරුවන් ඇතිවීමට සුලබම හේතුව ලෙස පැහැදිලිවම පෙනෙන්නේ මෙනින්ජි පටල ආසාදනය හේතුවෙන් සිදුවන මෙනින්ජි පටල ප්‍රදාහය. ඒ වගේම මෙනින්ජි පටල ප්‍රදාහය සුලබව දකින්නට ලැබන්නේ ළදරුවන් අතරය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අලුත උපන් බිලිඳුන්ගේ පෙකණි වැලෙහි සිදුවන පැසවීම්.

අලුත උපන් බිලිඳුන්ගේ පෙකනිවැලට නිසි සැලකිල්ලක් නොදැක්වීම නිසා එය නිසි අයුරින් වියැළෙන්නේ නැහැ. විෂබීජ මඟින් එතැන පහසුවෙන්ම ආසාදනය වනවා. එමඟින් බිලිඳුන්ගේ මෙනින්ජි පටල ප්‍රදාහය මස්තිෂ්ක සුෂුම්නා තරලයේ සුපුරුදු සංසරණයට බාධාවක්.

නිදහසේ ගලායන ගංගාවක ගමන් මඟට හදිසියේ වේල්ලක් නැතිනම් බැම්මක් බැඳීම නිසා ඇතිවන අවහිරයක් හා එය සම කරන්නට පුළුවන්. එහිදී එම අවහිරය නිසා ගං දිය පිටාර ගලා අවට ගම්බිම් ජලයෙන් යට කරනවා. නමුත්, මස්තිෂ්ක සුෂුම්නා තරලයට සිදුවන අවහිරය නිසා එක්රැස්වන, ගොඩගැසෙන තරලයට ගංදිය වගේ නිදහසේ පිටාර ගලා යන්නට ඉඩක් නැහැ.

මෙනින්ජි පටලවලට පිටතින් ඇති හිස්කබලේ අස්ථී පුළුවන් හැටියට ඈත්මෑත්වීමෙන් ලැබෙන ඉඩකඩ පමණයි හිමිවන්නේ. ඉදින් ගොඩගැසෙන තරලයට අනුගාමීව හිස විශාල වෙනවා.

මේ හැරෙන්නට ක්ෂය රෝග බැක්ටීරියාව ඇතුළු බැක්ටීරියා මඟිනුත් ඇතැම් වෛරස ආසාදන මඟිනුත් මෙනින්ජි පටල ප්‍රදාහය සිදුවන්නට පුළුවන්.

මස්තිෂ්ක කෝෂිකාව අතර පිහිටන සිල්වියර් මාතිකාව සාමාන්‍යයෙන් සිහින් සිල්වියර් මාතිකාව ඇතැම් දරුවන් ඇතිවීමට තවත් හේතුවක් සිල්වියර් මාතිකාව සිහින් වීම නිසා මස්තිෂ්ක සුෂුම්නා තරලයට 3 වන මස්තිෂ්ක කෝෂිකාවෙන් ඔබ්බට ගලන්නට ඉඩක් නැහැ. තරලය පාර්ශ්වික මස්තිෂ්ක කෝෂිකා දෙක හා තුන්වන මස්තිෂ්ක කෝෂිකාව තුළ ගොඩ ගැසෙනවා. එවිට එම මස්තිෂ්ක කෝෂිකා ප්‍රසාරණය වනවා.

සිල්වර් මාතිකාව සිහින්වීම හේතු කීපයක්ම නිසා සිදුවන්නට පුළුවන්. ප්‍රාවේණිය එනම් දරුවාගේ මව්පියන්ගේ ජාන සැලැස්ම අනුව ක්ෂය රෝග බැක්ටීරියාව මඟින් ආසාදනය වීම නිසා ක්ෂය රෝග බැක්ටීරියාවට ගොදුරු වන ඇතැම් දරුවන්ගේ සිල්වියර් මාතිකාව ආශි‍්‍රත පටක ද එමඟින් ආසාදනය වීමේ ඉඩකඩ තිබෙනවා. එසේ ආසාදනය වීම නිසා සිල්වියර් මාතිකාවේ ඉඩකඩ ඇහිරෙනවා.

ටොක්සොප්ලැස්මෝසිස් නම් තත්ත්වය නිසා ටොක්සොප්ලැස්මෝසිස් නම් රෝග තත්ත්වය ඇති කරන්නේ ටොක්සොප්ලැස්මා ගොන්ඩයි නම් අන්තර් සෛලීය ප්‍රොටෝසේවාගේ ජීවන චක්‍රය සම්පූර්ණ වීමට මධ්‍යම ධාරකයකු අවශ්‍යයි.

මෙහි මධ්‍යම ධාරකයා වන්නෙ මිනිස් සිරුරේ ඇති පටක ප්‍රෙටෝසෝවාව මිනිස් සිරුරට ආසාදනය වන්නේ ප්‍රොටෝසෝවාව දරන ප්‍රාථමික ධාරකයා මිනිස් සිරුර හා ගැටීමෙනි. මෙහි ප්‍රාථමික ධාරකයා වන්නේ බොහෝ විට ගෙදර දොර සුරතලයට ඇති කරන බළලුන් ඒ වගේම ඌරන් සහ බැටලුවන් වැනි සතුන්. ඒ අනුව බළල් ලොම් මඟින්, ඌරු හා බැටලු මස් අනුභවය මඟින් මිනිස් සිරුර තුළට ප්‍රෝටෝසෝවාව රිංගා ගන්නවා. එතැනින් රුධිර ධාරාව ඔස්සේ මොළයේ පටක කරා ගමන් කරනවා. විශේෂයෙන්ම සිල්වියර් මාතිකාව ආශි‍්‍රත පටක තුළ ටොක්සොප්ලැස්මා ගොන්ඩ ප්‍රොටෝසෝවාව හොඳින් වර්ධනය වනවා. එහිදි ඇතිවන ක්‍රියාවලී සිල්වියර් මාතිකාව තව තවත් සිහින් කරනවා. එය මස්තිෂ්ක සුෂුම්නා තරලයේ සංසරණයට බාධාවක් වෙනවා.

හිස අභ්‍යන්තරයේ ඇතිවන ගෙඩිවලින් ඇතිවන තෙරපුම නිසා මස්තිෂ්ක සුෂුම්නා තරලයේ ගමන් මඟට බාධා ඇතිවිය හැකිය.

මොළයේ ශිරා පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ලේ කැටි ගැසීම් ද තරලයේ ගමන් මඟට බාධා කරන තවත් හේතුවකි.

මෙම රෝග තත්ත්වයට ආවේනික වූ රෝග ලක්ෂණ

බිහිවන විටම හටිඩ්‍රොසෙෆලස් රෝග තත්ත්වයට ගොදුරු වී සිටිය ද උපතින් පසු මෙයට ගොදුරු වුවද මෙවන් දරුවන් හඳුනා ගැනීම ඉතා පහසුයි. මන්ද ඔවුන් තුළ එම රෝග තත්ත්වයටම ආවේණික වූ රෝග ලක්ෂණ බැලූ බැල්මට දකින්නට පුළුවන්.

 

වෛද්‍ය

නිරූපා සංජීවනි රත්නායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.