කතුවැකිය

මැයි 10, 2019

අත් වැල් බැඳ එකට
දම්වැල් පුරුක් විලසට
කටයුතු කළොත් සැමවිට
දියුණුවට පත්වේවි එතකොට

සිත්වල රැඳුණු ලෙන්ගතු
ගතිය ඇතිනම් අදමතු
එයින් වෙයි එකමුතු
සැවොම සිතුවොත් එයයි බලගතු

කෙනෙකු දියුණට යන
මග හිඳ වඩා යහ ගුණ
අත දෙතොත් එය දැන
ඔහුට පැසසුම් ලැබේ හැම දින

දෙදෙනෙකුගෙ වාදේ
ඇති කරයි බේදේ
අසමගිය සෑදේ
එයින් ඇතිවෙයි සිත විරෝද්

එක වහළෙ යට හිඳ
අදහස් දෙකක් ඇති සඳ
නිති අසමගිය මැද
ඉන්න වේවිය දුකම විඳ විඳ

වාදයට පැට ලෙන
දෙදෙනෙකු අතර ඇති වන
අසමගිය හැම දින
ගැටලු සහගත වන්න පුළු වන

නැතිව විස් වාසේ
ඇතිකර අවිස් වාසේ
මතු වුණොත් දෝසේ
එපාකරවයි එකට වාසේ

සම මෙතින් හිඳිනා
දෙදෙනෙකුට සොඳිනා
එයින් මන බඳිනා
සොඳුරු සිතිවිලි මැවෙයි මෙදිනා

ඉවසීම කෙනෙ කුට
අවැසිම වේය සිත කට
නැතොත් නම් හැම විට
රණ්ඩු සරුවල් වේවි එත කොට

පැනයකදි මතු වුණ
නුවණේ පමණ දැන ගෙන
කටයුතු කරනු මැන
එවිට දියුණුව ලැබෙයි මතු දින

 

අජිත් ධර්මසිරි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.