ඔබේ අතේ වේදනාවක් ඇති ද?

පෙබරවාරි 14, 2020

අප රටේ කොයිකවුරුත් අතේ පයේ තුනටියේ වේදනාවක් දැනෙන විට එහෙමත් නැතිනම් ඊයේ ශරීරයේ වේදනා දුන් ස්ථානය අද අතහැරී වෙනත් ස්ථානයක වේදනාව දැනෙන විට පොදුවේ ‘වාත රෝගයක්’ නැතිනම් ඇඟේ වාතය වැඩිවෙලා ආදී වශයෙන් හඳුන්වන්නට පුරුදු වී තිබේ.

එම කතාව සම්පූර්ණ සාවද්‍ය කතාවක් නොවෙයි. එවැනි වූ අද බහුලව පවතින වාත රෝගයක් තමයි අත හිරිවැටීම. අත ඉහළට ඔසවා ගැනීමේ අපහසුතාව ඇතිකරවන විශ්වාවී හා අවබාහුක යන රෝග අවස්ථාවන් ද්විත්වය මේ තත්ත්වය සාපේක්ෂව කාන්තාවන් අතර සුලභ තත්ත්වයකි. ඔවුනට හිස පීරීමට, කොණ්ඩය බැඳ ගැනීමට පවා මෙහිදී අපහසුතාවයක් ඇතිවේ.

ආයුර්වේදය තුළ විශ්වාචී හා අවබාහුක යන රෝගී අවස්ථාවන් ද්විත්වය යටතේ මෙම තත්ත්වයන් හොඳින් පැහැදිලි කොට දක්වා තිබෙයි.

‘විශ්වාචී’ වාතය, කුල්ලි රෝගය නැතහොත් බාහු ගෘධුසි ලෙසද ඇතැම් ස්ථාන වල සඳහන් වෙයි. ඒවා පර්යායන් වේ. විශේෂයෙන් මෙහිදී සිදුවන්නේ බාහුවේ පිටපැත්තේ උරහිස සන්ධි ආශ්‍රයේ සිට ඇඟිලි දක්වා වූ විහිදුන ස්නායුවන්ගේ යම් යම් ආබාධයන් නිසා අත දිගහැරීමේ දී හා හැකිලීමේ දී යන ප්‍රධාන ක්‍රියාවන් දෙකෙහි ඇතිවන පීඩාවයි. සැබවින්ම මෙහිදී මුළු හස්තයම පීඩාවට පත්වෙයි. විශේෂයෙන් අත එසවීමේදී වේදනාව ප්‍රමුඛ වෙයි. උරහිස් සන්ධිය, වැලමිට සන්ධිය, ඔරලෝසු සන්ධිය මෙන්ම ඇඟිලි පුරුක්වල පවා වේදනාව ඇතිවිය හැකියි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.