දෝ සතර යුග දිවියට සබැඳි කරුණු - 23

ජනවාරි 11, 2019

මීට ඉහත පාඩම් දෙකකින් විවාහ පිරික්සුම පිළිබඳ පැහැදිල්ලක් කැරිණ. යුග දිවිය පිළිබඳ වැ ජන්ම කේන්දරයෙන් දැකිය හැකි කරුණු බොහෝ යි. මෙහි දැක්වෙන කේන්දරයත් බලන්නැ.

1 සටහන

1999 වසරේ දී මේ කේන්දරය අප වෙත ඉදිරිපත් කළ තැනැත්තා පලාපල විස්තරයක් පැතී යැ. කේන්දරය අතට ගත් හැටියේ මැ “මෙහි, හොරෙන් පැනලා යන යෝගයක් නම් තිබෙනවා” යැ යි කීමු. “ගියා, ගියා, දැනටමත් එය සිදුවී ඉවර යි. ජීවිතේ ඉදිරිය කෙ සේ වේ දැයි බලා දෙන්නැ යි හෙතෙම ඉල්ලා සිටියේ යැ. ඒ සියලු විස්තර මේ පැටුමට අදාල නො වේ. මේ පැටුමට අදාල වන්නේ හොරෙන් පැනලා යාමට හේතු වූ ගහ යෙදුම් පැහැදිලි කිරීම යි.

මෙහි පස් වැනි රාසිය හිමි සිකුරු හතේ දී රාහුත් සමඟ එක් වී සිටිනු පෙනෙයි. පස් වැන්න අදිපතියා හතේ පිහිටීම පෙම් සබඳතා ඇති කරන්නක් බව මීට කලිනුත් සඳහන් කැර ඇත. මෙහි ඒ සිකුරු රාහුත් සමඟ එක් වී ඇත. ඒ යෝගය දෝ සතරෙහි හැඳින්වෙන්නේ කාම චණ්ඩාල යෝගය යන නමිනි. රාහු දුර දිග නො බලා කටයුතු කරන බලයක් ඇති කරයි. ඒ රාහුට පස් වැනි රාසිය අදිපති වූ, විවාහ කාරක සිකුරුත් හත් වැනි රාසියේ දී එක් වූ විට කෙ සේ වේ දැයි. සිතන්නැ. මෙය උපන් දවසේ කේන්දරය සෑදු සැටියේ මැ පැහැදිලි වන කරුණකි. උපන් දවසේ මැ ළමයා ගේ කේන්දරය සාදවාගැනීමට උනන්දු වන දෙමාපියන් එම කේන්දරයෙන් පෙන්නුම් කැරෙන මෙ බඳු දුබලතා අවම කැර ගැනීමට සැලසුම් සහගත වනවා අඩු යි.

දැන් අපි තවත් කේන්දරයක් බලමු.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

හේමසිරි කුමාරණතුංග

0718034076

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.