නෑනා මස්සිනා විවාහවීම

ජනවාරි 18, 2019

දෝ සතර යුග දිවියට සබැඳි කරුණු - 24

නෑනා මස්සිනා විවාහවීම පෙරදිග ලොවේ ඈත අතීතයේ සිට සිදු වී ඇති දෙයකි. විවාහය එසේ සිදුවීමට අදාළ ගහ බලපෑම් ද තිබේ. එයින් පැහැදිලි වනුයේ එය දෛවයට අනුකූල වැ සිදු වෙන දෙයක් බව යි. ඒත් දෛව බලපෑම ගැන වැටැහීමක් නැති බටහිර වෛද්‍යවරුන් විසින් මෑතෙකැ දී පළ කරවන ලද වැරැදි මතයක් නිසා දැන් මේ හෙළදිවේ ඇතැමුන් ඒ පිළිබඳ නොකැමැත්තක් පළ කරන බව ද දැනැගන්නට ඇත.

බටහිර වෛද්‍යවරුන් ගේ මතය වී ඇත්තේ “ලේ නෑයන් ගේ විවාහයෙන් අංග විකල දරුවන් බිහි වන බව යි.” කවුරුන් කීව ද එය නම් සැබෑවක් නො වේ.

පෙර දිග ලෝකයේ රජ පවුල්වල වැඩි දෙනා විවාහ වී ඇත්තේ ලේ නෑකම් ඇති අය සමඟ යි. රජයේ බලය වෙනත් පිරිසකට සබඳකැරැවීම වැළැක්වීම ද එහි එක් අරමුණක් වැ තිබිණ. කෙ සේ වෙතත් ලංකාවේත්, ඉන්දියාවේත් රජ පවුල්වල යටගියාව ( ඉතිහාසය) ඊට නොමඳ දෙස් සපය යි. නිදසුනක් ලෙස දඹදිව සාක්‍ය වංශය ද දැක්විය හැකිය. සාක්‍ය වංසයේ අය මුලින් මැ විවාහ කැර ගෙනැ ඇත්තේ එක මැ පවුලේ සහෝදර සහෝදරියන් යැ. (ජයසේන රජ පවුල) ඉන් පසු ඒ සහෝදර සහෝදරියන් ගේ දරුවන් අතර යැ. ඒ මුල් මැ පවුලේ විමන සාදා ගන්නා ලද්දේ කපිල ඉසිවරයා තපස් රකිමින් සිටි සාක (තේක්ක) ගස තිබුණු තැන යි. ඒ පුරය කපිල වස්තු යැ යි නම් කරන ලද්දේ කපිල ඉසිවරයාට ගරුකිරීමක් හැටියට යි. වංසය සාක්‍ය වූයේ සාක ගස තිබුණු තැන ගොඩනඟා ගත් රජ විමන නිසා යි. ඒ පරපුරේ කිසිවකු ලේ නෑකමේ සබැඳියාව නිසා අංග විකල වූ බවට කිසි මැ නිදසුනක් නැත.

අංග විකල වැ උපත ලැබීම පෙර භවයෙකැ අකුසල් නිසා සිදුවන්නකි. කම් පල නොහඳුනන අය භෞතිකවාදීව පළ කරන මත එයට ඉඳුරා වෙනස් යැ. ලේ නෑයන් ගේ සබඳකමින් බිහිවන දරුවන් අංග විකලයන් වන්නේ නම් සියලු මැ තිරිසන් සතුන් අංග විකලයන් විය යුතු නො වේ ද?

තිලොවග පියා බවට පත් වූ සිදුහත් කුමරු ද ලේ නෑයන්ගේ සබඳකමින් බිහි වූ වෙකි. සිදුහත් කුමරු විවාහ වූයේ ද සිය නෑනා කෙනකු වූ යසෝදරා කුමරිය සමඟ යි. ඒ දෙදෙනාට ලැබුණු දරුවා වූ රාහුල කුමරු අසූ මහ සවුවන් ගෙන් කෙනකු බවට පත් වූ උතුමෙකි. සිදුහත් කුමරු ගේ කෙන්දරයේ ද නෑනා කෙනකු හා විවාහ වීමේ ගහ යෙදුම් පැහැදිලි වැ පෙනෙන්නට ඇත. එම කේන්දරය මෙ සේ යැ.

මෙහි හත් වැන්න අදිපති සෙනසුරු උච්ච රාසිගතව සඳු සමඟ සංයෝගවීම කරුණු කීපයක් පැහැදිලි කරන්නකි. කුමරු ඉපදී සත් දවසකින් මව කළුරිය කිරීම එක් කරුණකි. බෝසතුන් උපදින්නට පෙර බැලූ පස් මහ බැලුම්වල ද එය සඳහන් වෙයි. පස් මහ බැලුම් නම්, කාලය, දීපය, දේසය, කුලය , මව් යන කරුණු පහ යි. බුදු වන උතුමා පිළිසිඳෙන්නේ උපත සිදු වී ඉතා කෙටි කලෙකින් දිවිය කෙළවර වන කතක ගේ කුසේ යි. මෙහි 22 වන දෙර්කාණාධිපති වූ උච්ච සෙනසුරු සමඟ හතර වැනි රාසියේ සංයෝග වූ සඳු ගෙන් ඒ කරුණ පැහැදිලි වෙයි. රජ සැප අත හැර පැවිදිවීමේ ගහ බලය ද එ තැන මැ පවතී. කොණ්ඩඤ්ඤ බමුණු තුමා එය පැහැදිලි වැ මැ පෙන්නුම් කළ බව බුදු සිරිතේ සඳහන් වැ ඇත.

සිදුහත් කුමරු සිය නෑනා කෙනකු වූ යසෝදරා කුමරිය සමඟ යුගදිවියට පිවිසීම ද එම ගහයන් දෙ දෙනා ගේ එකතු වෙන් පිළිබිඹු වන ඊළඟ කරුණ යි. හත අදිපතියා උච්ච බලයට පත් වැ සඳු හා එක් වී ඇත. එය නෑනා කෙනෙකු හා විවාහ වන බව පෙන්වන දෝසත් සලකුණ ද වෙයි. යසෝදරා කුමරිය ද සිදුහත් කුමරු උපන් දිනයේ මැ උපන් හෙයින් එ තුමිය ගේ කේන්දරයේ ද එම ගහ යෝගය තිබෙන්නට ඇත. එය සංසාරගත බැඳීමකි.

ලග්නගත උච්ච ගුරු ගේ බැල්ම හත් වැනි රාසියට වැටීම සත් කලත්‍ර යෝගය යි. එය ඉතා යහපත් යුගදිවියක පදනම යි. දෙ දෙනා අතරැ කිසි මැ දවසෙක හිත රිදැවෙන වදනක් වත් කියැවී නැත. යුගදිවිය ඉතා යහපත් වැ ගෙවන ලද්දකි.

එ සේ නම් සිදුහත් කුමරු ගිහි ගෙය හැර ගියේ ඇයි දැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එ තුමා ගිහි ගෙය හැර ගියේ උතුම් පරමරුතක් ඇති වැ මිස, දෙ දෙනා අතරැ හිත රිදෙන වදනක් වත් කියැවි නො වේ. මහබිනික්මන් කරන මොහොතේ යසෝදරා දේවිය නිදන කිළියේ දොර ඇර, ඇයත් රාහුල කුමරුන් දෙස කරුණා සහගත සිතින් බලා, හරසර දක්වා ගිය සැටි බුදු සිරිතේ සඳහන් වැ ඇත. බුදුබව ලබා ගෙනැ රජ මැදුරට අවුත් යසෝදරා දේවිය මුණගැසුණු සැටිත් බුදු සිරිතේ සඳහන් වැ ඇත. ඉන්පසු ඇයත් දරුවාත් පැවිදි බවට පමුණුවා සසරින් එතෙර කැරැවී යැ. එ හෙයින් එය යුගදිවිය දෙදරා යාමක් නො වැ ඔවුන් ද සසරින් මුදන මඟට පත්කිරීමේ තැතක් ලෙස පෙනෙන්නකි.

මෙ සේ සලකන කැලෑ. ලේ නෑයන් ගේ විවාහය සසර බැඳීම් අනු වැ සිදුවන්නක් බව දෝ සතරින් පැහැදිලි වැ පෙනෙයි. එ හෙයින් එ වැනි බැඳීම් ජන්ම කේන්දරයේ පෙන්නුම් කැරෙයි නම් දෛවය නො හඳුනන අපරදිග වියතුන් ගේ වැරැදි මතවල එල්බ ගෙනැ, එ වැනි බැඳීමකට මඟ ඇවිරීම බලවත් පාපයකි. ලේ නෑයන්ගේ විවාහයෙන් අංග විකලයන් බිහි වෙතියි කීම අමූලික බොරුවකි.

හේමසිරි කුමාරණතුංග

0718034076

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.