දෝ සතර 26 දහ : මහ දෝෂ යෙදෙන හැටි

පෙබරවාරි 1, 2019

කිසියම් සුබ කටයුත්තක් ඇරඹීම පිණිස යහපත් නැකතක් සකසා ගැනීමේදි අත්හළ යුතු දෝස දහයක් ඇති බවත් ඒ දෝස දහය රික්තා, විෂ්ටි, දග්ධ, කාණ,මර, විස, අග්නි, සතකට, භූමිශූක්‍ර, ශූල සංක්‍රාන්ති යන නම්වලින් හැඳින්වෙන බවත් ඔබ දනිති. ඒත් දෝ සතර ඉගෙනගන්නා අය ඒවා යෙදෙන හැටිත් දැනැ ගෙනැ සිටීම යහපති.

රික්තාව – නන්දා, භද්‍රා,ජයා. රික්තා, පූර්ණා, යනු තිථි ගණින පිළිවෙල යි. පුර අව දෙ පැත්තේ මැ තිථී මේ පිළිවෙලට ගණින විට, ජලවක, නවවක, තුදුස්වක තිථීහු රික්තා නම් වෙති. දවස පැයවලට බෙදී යන කල ඒ පැය ගණන් ද ඉහත කී සැටියෙන් ගත් කල්හි හතර වන . නවවන, දහ හතර වන පැය ද රික්තා වෙ යි.

ඒ අනු වැ ජලවක රික්තා දිනයෙහි සිව් වැනි පැය ද, නවවක රික්තා දිනයෙහි නව වැනි පැය ද, තුදුස්වක රික්තා දිනයෙහි දහ හතර වන පැය ද ඉතා නපුරු තැන් යැ.

ඉරිදා භූමියෙහි ද, සඳුදා වනයෙහි ද, කුජදා ගින්නෙහි , බුද දා නගරයෙහි නොහොත් ගමෙහි ද ගුරුදා පර්වතයෙහි ද, කිවි දා සයුරෙහි ද සනිදා, මහ මඟ ද දින හිමි රික්තාවෝ වෙති.

සියලු සුබ පල නසන රික්තාව සුබ වැඩෙහි අත්හළ යුතු යි. මේ රික්තා කීපයක් එක විට යෙදුණොත් දෝසය ඉතා බලවත් යැ.

විෂ්ටිය-පුර ජලවක එකොළොස්වක රාත්‍රී විෂ්ටි යැ. අටවක පසළොස්වක දාවල් විෂ්ටි යැ. අව දසවක, තියවක, රාත්‍රී විෂ්ටි යැ. තුදුස්වක , සතවක දිවා විෂ්ටි යැ.

පුර ජලවක ලැබූ තැන පටන් තිස් පැයක් ගිය තැන සත් පැය හමාරක් ද, පුර අටවක ලැබූ තැන පටන් සත් පැය හමාරක් ගිය තැන සිට සත් පැය හමාරක් ද, පුර එකොළොස්වක ලැබූ තැන පටන් සතළිස් පස් පැයක් ගිය තැන සත් පැය හමාරක් ද, පුර පසළොස්වක ලැබූ තැන පටන් පැය 22 1/2ක් ගිය තැන සත් පැය හමාරක්ද විෂ්ටිය වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

0718034076

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.