යම කාලය

මාර්තු 15, 2019

දෝ සතර 32

යම කාලය යනු යාම හෙවත් ගමන මහත් කරන කාලය යන අරුත දෙයි ‘යා’ ගමන්හි ධාතු යි. ‘ම’ මහත්වීම. වේගවත්වීම යන අරුත දෙයි. පොළොව ඉර වටා යන ගමන් තමා වටේ ද බමරයක් මෙන් කරකැවෙන බවත්, එහි වේගය පැයකට සැතැපුම් 25000 ක් තරම් වන බවත් ඔබ දනිති. රෑ දාවල් ඇතිවන්නේ ද ඒ කරකැවීම නිසා යි.

ඒත් මේ කරකැවීමේ වේගය හැම විට මැ එක මැ තත්වයෙන් නො පවතී. එහි වේගය අඩු වැඩි වන අවස්ථා ඇත. මහ මඟෙහි යන වාහනයක් ගැන හිතන්නැ. එහි වේගයද හැම විට මැ එක ලෙසින් පවත්වා ගත නොහැකි යි. කඳු, හෙල්, පල්ලම් වංගු ඈ තැන් පසු කැර යන විට ඒ ඒ තැනට ගැලැපෙන අයුරින් වේගය පාලනය කැර ගන්නට සිදු වේ. ඒ අයුරින් ගහයන් ගේ ගමන් මගෙහිත් යම් යම් ගැටලු ඇති වන තැන් තිබේ. ඒ ඒ තැනට ගැලැපෙන ලෙස වේගය ගලපා ගැනීමක් ගහයන් කෙරෙහි ද වෙයි. අඩු වූ වේගය වැඩි කරවන තැන දී සියලු ආකර්ෂණ ශක්තීන් ද ඊට ගැලැපෙන අයුරින් වෙනස් වෙයි. එ හෙයින් ඒ අවස්ථාවලදී සාමාන්‍ය ස්වභාවය ඉක්මවා යන අමුතු ගැම්මක් ඇතිවෙයි. ඒ ගැම්ම ගන්නා වේලාවල් හඳුනා ගෙන, එහි බලය අල්ලා ගෙන, යම්, යම් පල ප්‍රයෝජන ලැබීමට අපේ පැරැණියෝ දැන සිටියහ. දෝ සතර මේ හෙළදිවැ වුසූ අපේ පැරැණියන් ගේ දැනුම කියා පාන වටිනා සාදකයකි. මේවා අපේ පැරැණියන් දැන සිටියේ යුරෝපයේ අයිසැක් නිව්ටන්ලා ගේ දෙපා ළඟට ඇපල් ගෙඩි වැටෙන්නට අවුරුදු දස දහස් ගණන් ඉස්සරින් බව අපේ ඇතැම් වියත්හු නො දනිති. අද අපේ පාසල්වල විදු හෙවත් විද්‍යා නමින් ඉගැන්වෙන්නේ අවිද්‍යාව යි. පුහුණු ගුරුවරයකු ද ප්‍රවීණ දෝ සත් ඇදුරු කෙනකු ද වන පියසේන රතුවිතාන සූරීන් ද ඒ ගැන මෙ සේ කියා ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.