පොහොටි නවාංසකය : දෝ සතර 36

අප්‍රේල් 19, 2019

පොහොටි (පුෂ්කර) නවාංසකය පැරැණි නාඩි දෝසතර පොත්වල පමණක් සඳහන් වැ ඇති කරුණක් බව දඹදිව දෝසත් ඇදුරෝ පවසති. ඔවුන් පෙන්වා දී ඇති ලෙස “චන්ද්‍ර කලා නාඩිය” “විද්‍යා මාධවිය” , “ද්‍රව නාඩි” ආදි පොත්වල මේ ගැන පැහැදිලි විස්තර සඳහන් වැ ඇති බව පෙනේ.

හැම රාසියකට මැ පොහොටි නවාංසක දෙකක් බැගින් ඇතුළත් වන හෙයින් රාසි දොළහ තුළ පොහොටි නවාසංක සූවිස්සක් ඇතුළත් වෙයි. ඒ නවාසංක සූවිස්ස මෙ සේ යැ.

“මේස සිංහ චාපේෂු සප්තම නව මෞ

වෘෂභ කන්‍යා මෘගේෂු පංචම ත්‍රීතීයෞ

මිතුන තුලා කුම්භේෂු අෂ්ටම ශෂ්ටෞ

කර්කි කීට මීනේශ්වාද්‍ය තෘතීයෞ

ඒතේ පුෂ්කර සංඥා නවාංශඞ “

මෙහි අදහස මෙ සේ තේරුම් ගන්නැ. මේෂ, සිංහ ධනු රාසිවල හත් වැනි, නව වැනි නවාසංක ද, වෘෂභ , කන්‍යා, මකර රාසිවල තුන් වැනි පස් වැනි නවාංසක ද මිතුන, තුලා, කුම්භ, රාසිවල හය වැනි අට වැනි නවාංසක ද, කටක, වෘශ්චික, මීන රාසිවල පළමු වැනි තුන් වැනි නවාංසක ද පොහොටි නවාංසක වනු ඇත. මෙවා සුබ ගණයට අයත් වන නවාංසක වන්නා සේ මැ කිසියම් ගහයකු ඒ තැනක සිටී නම්, එම ගහයා ගෙන් සුබ පල ද ලැබෙනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.