වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ජීවන රේඛාව කැඩී ඇත්නම් එය මාරක අනතුරක පෙරනිමිත්තක්
මැයි 3, 2019
අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජීවන රේඛාව ප්‍රධාන තැනක් ගනී. මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වූවත් මෙම රේඛාවෙන් කෙනෙකුගේ ආයුෂ පමණක් නොව තවත් බොහෝ කරුණු ද හෙළිදරව් වන බව කිව හැකිය. පීතෘ රේඛාව කියන්නේත් ජීවන රේඛාවටමයි.
අත්ල හිමියාගේ සෞඛ්‍ය තත්ත්වය,රෝග පීඩා ඒවා ඇතිවන කාල වකවානු ජීවිතයේ ජයග්‍රහණ සහ පරාජයන් ආදී ජීවිතයේ සුවිශේෂ සිදුවීම් යනාදී දේවල් ජීවන රේඛාවේ පිහිටීම තුළින් අනාවරණය වෙයි.
වම් අතේ ජීවන රේඛාවෙන් පරම්පරා ගතව පැවත එන රෝගපීඩා ගතිගුණ, සිතුම් පැතුම් ,ශරීර ශක්තිය ආදිය ප්‍රකාශ කළ හැකි අතර දකුණු අතේ ජීවන රේඛාවෙන් හදිසි ධනලාභ කලින් කල ඇතිවන රෝගපීඩා ,ජීවනෝපාය මාර්ග සැපදුක් ආදිය ප්‍රකාශ කළ හැකිය. තමන්ගේ උත්සාහය,හා උදාසීනභාවය අනුව මෙම රේඛාවන් ප්‍රබල හෝ දුබල විය හැකිය. අත්ලේ දබරගිල්ලත්. මහපටගිල්ලත් අතර ගුරු මණ්ඩලයෙන් ආරම්භ වී සිකුරු මණ්ඩලය වටකරමින් මැණික් කටුව ප්‍රදේශය දෙසට විහිදයන්නේ එම ජීවන රේඛාවයි. අත්ලේ ජී ජී වශයෙන් සලකුණු කර ඇත්තේ එම රේඛාවයි. අනිත් රේඛාද අකුරුවලින් ඔබට හඳුනාගත හැකිවෙයි.
1.ගුරු මණ්ඩලයෙන් මෙම රේඛාව පටන් ගැනීම වඩාත් සුබදායක ලෙස සැලකේ. ඒ අනුව ජීවිතයේ මුල් අවදිය (ළමා කාලය) පෙන්නුම් කරන්නේ ගුරු මණ්ඩලයේ පහළ කොටසිනි. මෙම කොටස ඇතැම් අයගේ අපැහැදිලි ආකාරයෙන් ( දම්වැල්) ආකාර දූපත් සලකුණු ඇතිව) දැකගත හැකිය. ඒ අනුව එම අය කුඩා කාලයේ ගතකල කටුක දිවිය , රෝග පීඩාදියෙන් දුකට පත්ව සිටි බැව් කියැවේ. රේඛාව මුලදී පැහැදිලි ආකාරයෙන් තිබීම, සුබ වේ. ඇතැම් අයගේ ජීවන රේඛාව හා ඒ ළඟම ඇති ශීර්ෂ රේඛාව ( ගි ශි) එක තැනකින් පටන් ගනී. එවැනි අය බොහෝවිට තර්කානුකූලව කතාකරන තීක්ෂණ බුද්ධියක් ඇති සංවේදී පුද්ගලයෝ වෙති. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව අතර සුළු පරතරයක් පිහිටි අත්ලක්ද සමහරුන්ට හිමිවිය හැකිය. ඔවුන් සාධාරණ අදහස් දරන අයවන අතර ඔවුන් තමන්ගේ ක්‍රියා කලාපයන් නිහඬවම ඉදිරියට ගෙන යති. තමන්ගේ මතයටම ක්‍රියා කිරීමත්, ක්ෂණික කෝප සහගත බවත් ඔවුන් තුළින් කැපී පෙනෙන ලක්ෂණයකි. එම රේඛා දෙක අතර ලොකු පරතරයක් ඇත්නම් එම අය ඉතා ඉක්මන්කාරි මෙන්ම අන් අය සමඟ දබර කිරීම ආදියටද යොමු වෙයි. ස්වාධීන අදහස් ඇති ඔවුන් හදිසි තීරණ ගැනීමද කැපී පෙනෙයි.
ජීවන රේඛාවේ දිගින් පමණක් කෙනෙකුගේ ආයුෂ ප්‍රමාණය නිශ්චය කළ නොහැකිය. එහෙත් ශරීර ශක්තිය රේඛාවේ පුළුල් බව තුළින් පහසුවෙන් දැනගත හැකිය. පැහැදිලිව , ඝනව, කාවැද්දුණු රේඛාවෙන් ප්‍රබල ශරීර ශක්තියකින් යුක්ත බව ප්‍රකට වෙයි. ඔවුනට දැඩි වෙහෙසකට වුවත් මුහුණ දිය හැකිය. මෙවැනි අය රෝගී වූවත් වැඩි කලක් යාමට පෙර සුවය ලබයි. එමෙන්ම රෝගයන්ට මුහුණදීමේ ශක්තිය වැඩිය.ජීවන රේඛාව අඳුරු පැහැයෙන් යුක්තව අපැහැදිලි ලෙස වැටී ඇත්නම් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන අතර එවැන්නන්ට යම් දෙයකට ඉදිරිපත් වීමට ඇති කායික හා මානසික තත්ත්වයද දුර්වලය. ඇතැම් අයගේ මෙම රේඛාව චන්ද්‍රමණ්ඩලය (5) දක්වා පිහිටයි. එවැනි අයට වැඩුණු දේහයක් හිමිවන අතර ඔවුන් උසින් වැඩි බවක්ද පෙන්නුම් කරයි. බෝහෝවිට ජීවන රේඛාව කුඩාවට දුර්වලව පිහිටීම අසුබ ය. ඔවුන් නිතර නිතර අසනීපවලට ලක්වෙන අතර අන්‍යයන්ද අපි‍්‍රය කරයි. ජීවන රේඛාවේ කලු ලපයක් ඇත්නම් එය ශරීරයේ කොතනක හෝ අසනීපයක් පෙන්නුම් කරයි. ජීවන රේඛාව කැඩීම්, බිඳීම් කැපීම් නොමැතිව පැහැදිලිව දීර්ඝව පිහිටියේ නම් ඔහුට හෝ ඇයට සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකිවේ. රත් පැහැයෙන් යුතු ජීවන රේඛාව ශරීරයේ ඇති වේගවත් බව මෙන්ම ශක්ති සම්පන්න බවද ප්‍රකට කරන අතර රෝස පැහැයෙන් යුතුව ජීවන රේඛාව මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයක් පෙන්වයි. කහ පැහැයෙන් යුතුවූ ජීවන රේඛාව දක්වන්නේ අලස බවින් යුතු ජීවිතයකි. සියුමැලිවූද දුර්වර්ණවූද ජීවන රේඛාව රෝගී තත්ත්වයක් ඇති බවට ලකුණකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හිඹුටානේ
පියතිලක
ද අල්විස්
෴ සබැඳි ලිපි ෴
ශීර්ෂ රේඛාව මඟින් පුද්ගලයකුගේ මානසික තත්ත්වය, ආකල්ප සහ කල්පනා කිරීමේ ශක්තිය ආදි මානසික ක්රියාකාරිත්වයන් පිළිබඳ හඳුනාගත හැකි බව මින් පෙරද මා සඳහන් කළ...
2024-03-21 18:30:00
“මහත්මයා, මේෂ, වෘෂභ, මිථුන, කටක ලග්නවලට කොහොමද?”“හොඳයි, වරදක් නැහැ.” “එහෙනම් අස්විද, බෙරණ, කැති, නැකැත්වලට කොහොමද මහත්මයා.” “හොඳයි වරදක් නැහැ...
2024-03-21 18:30:00
සියලු ලෝ වැසියන්ගේ පෙර ජාතියෙහි රැස් කරන ලද කුසලාකුසල කර්මයන්ගේ හේතුවෙන් හට ගන්නා වූ ශුභ අශුභ දසා කාලයන් දැන ගෙන ඒ වූ පරිදි තත් කාලයේ කටයුතු...
2024-03-21 18:30:00
මුවසිරස නැකතින් ජන්ම දායාදය ලබා ඇත්නම් චින්තන විප්ලවයක් කළ හැකිය. කාටවත් පියවි දෑසට ගෝචර නොවන ගුප්තමය ක්‍රියාවන්හි නියැළුණු බලවත් චරිතයකි. ජීවිතයේ...
2024-03-21 18:30:00
ශකවර්ෂ 1945ක් වූ මීන රවි 09 භාග මැදින් පුර තෙළෙස්වක තිථිය ලත් මෙදින සිට එම රවි 15 භාග මැදින් අව තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-03-21 18:30:00
රවි ග්‍රහයාගේ උදාවත් සමඟ දවස ආරම්භ වීම ඡ්‍යොතිෂයේ පිළිගැනීම වෙයි. රාත්‍රියේ අඳුර දුරලා සඳුගේ සෞම්‍ය කිරණෙන් ආලෝකමත් වීම සිදුවන බැවින් සඳුගේ සෞම්‍ය බව...
2024-03-21 18:30:00
ඕනෑම සමාජයක නොයෙක් ආකාරයේ අසාමන්‍ය හැසිරීම් රටාවන් සහිත පුද්ගලයන් අපට මුණ ගැසේ. එවැනි පුද්ගලයන් බොහෝවිට සමාජයට නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් කරන...
2024-03-14 18:30:00
පිරිසුදු ළිං ජලය හෝ තැඹිලි වතුර බඳුනකට ගෙන මේ ජීව වශී ආකර්ෂණ මන්ත්රයන් 108 වරක් මතුරා බොන්න දෙන්න.අසමගි වූ පවුලේ සමගිය ඇති වී යුගදිවිය සාර්ථක...
2024-03-14 18:30:00
රෙහෙණ නැකතින් උපත ලද්දේ නම් ඔහු හෝ ඇය ඉතාම බුද්ධිමත් ය. චංචලගති ලක්ෂණ බාහිරව පෙනුණත් ඇතුළත ස්ථාවර බව ගැබ් වී තිබේ. උදාර අදහස්වලින් පිරිපුන් අයෙකි....
2024-03-14 18:30:00
පුද්ගලයකුගේ අත්ලෙහි ගුරු, ශනි, ඇඟිලි අතරින් පටන් ගෙන රවි, බුධ ඇඟිලි අතරින් ගමන් කරන වෘත්තාකාර රේඛා ඛණ්ඩය සිකුරු චක්‍රය ලෙස හැඳින්වේ.සමහර විට...
2024-03-07 18:30:00
ජීවිතයේ නොයෙකුත් වැදගත් අවස්ථාවන් සඳහා සුබ මුහුර්තයකින් ආරම්භ කිරීමට අනාදිමත් කාලයක සිට අපි පුරුදුව සිටිමු. මෙවැනි සුබ මොහොතකින් ආරම්භ කරන යම්කිසි...
2024-03-07 18:30:00
සෙනසුරු අපලය නැතහොත් සෙනසුරු ඒරාෂ්ඨක අපලයට බොහෝ දෙනා බියවෙති. ඒ නමුත් සෙනසුරු ඒරාෂ්ඨක අපලයට බිය වීමෙන් පලක් නැත. මන්ද යත් සෙනසුරු ඒරාෂ්ඨක අපලය...
2024-03-07 18:30:00
ඕනෑම පුද්ගලයකුට නිරායාසයෙන් ලැබෙන ධන සම්පත්, කීර්තිය, යහපත් මිත්‍රයන්, කලා කෞශල්‍ය, ආදි වු උසස් තත්ත්වයන් හස්ත පරික්ෂාවේදී පෙන්වනු ලබන්නේ රවි...
2024-02-29 18:30:00
අපේ ජීවිතයේ අහඹු සිදුවීම් ඕනෑ තරම්. පාරේ යද්දි වාහනවල අපූරු අංක දකිනවා, නාම පුවරුවල වෙනස් විදියේ අංක පෙනෙනවා, ඔරලෝසු කණුවෙ හෝ ජංගම දුරකථනයේ 11:...
2024-02-29 18:30:00
ඡ්‍යොතිර් වර්ණනාව කවි පොත පිළිබඳ පෙරවදනක් ගියවර ලිපිය මඟින් අප ඉදිරිපත් කරන ලදී. මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ ඡ්‍යොතිෂය හා බෞද්ධ කර්ම සිද්ධාන්තය අතර...
2024-02-29 18:30:00
බෙරණ නැකැතින් උපත ලද්දේ නම් පවුලේ අන් අයට වඩා උසස් ලෙස භෞතිකමය දියුණුවක්ද ලබනු ඇත. තරමක ආත්මාර්ථකාමීය. ඒ අනුව තමාට දියුණුවිය හැකි සියලුම මාර්ග සොයා...
2024-02-29 18:30:00