ග්‍රහ අපලවලින් මිදීමට බොදු, සත්‍ය නිවැරදි පිළිවෙතක්

මැයි 31, 2019

ඔබගේ ආගමික වතාවත් කරන ස්ථානය නිවස ඇතුළේ නම් උතුර හෝ ඊසාන නිවසේ ඉදිරිපස කාමරයක් විය යුතුය. පිටතින් හිරු එළිය එන ආකාරයට ජනේලයක් තිබිය යුතුය. කාමරය ඇතුළේ තිබිය යුත්තේ අඩි 3 අඟල් හයක් 

(අඩි 3 1/2) ක් උසින් ආසනයක 

බුදු පිළිමයක් පමණි. 

ග්‍රහ අපල මත සිදුවන පෙර කම් පල දෙන මාරක අනතුරු ,ලෙඩදුක්,පවුල් අසමගිය, ධන හානි වළක්වා ගැනීම සඳහා අද බොහෝදෙනා රත්‍රං මුදු, රිදී මුදු , මැණික්ගල්, නවරත්න මුදු, මූදු බෙල්ලන් සහ නොයෙක් අනියම් ක්‍රම භාවිතා කරති. බෙල්ලේ, අතේ, කරේ බොහෝදෙනා පැලඳගෙන සිටිති. මීට අමතරව යන්ත්‍ර මන්ත්‍ර පලඳිති. 

මේවායේ පිහිට ඇති බව නැති බව දන්නේ ඒවා පලඳින අය පමණකි. නමුත් බොහෝදෙනාගේ අපලය අවසන් වන්නේ අකුසල විපාකය පලදීමෙනි. 
එදා කුලිය කර ජීවත්වන දුප්පත් අහිංසක ජනතාවට මේවා කරන්ට වරං නැත. මුදල් නැත. එම නිසා එවැනි අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් නොවරදින අත්දැකීම් ලද පිළිවෙතක් බුදු දහම අනුව ඉදිරිපත් කරමි. 
මේ සඳහා දිනපතා සවස 5.00 සිට 5.48 දක්වාද, උදේ පාන්දරත් මේ වේලාවටම යොදාගන්න. අවශ්‍ය කළමනා :– සුදු මල්වට්ටි 2 යි . නිල් මල් වට්ටි 1 යි. නොඉඳුලෙන් සිඳගත් පොල් තෙල්, පහන් 14 යි, හඳුන්කූරු , පෙරාගත් පැන් එකක්, ගිලන්පසට කෝපි වතුර, ක්ෂාය පස් වර්ගය හැකිනම් චතු මධුර හා අෂ්ඨවිධ පාන පූජා කළ හැකියි. ඔබ අතේ මුදල් ඇති හැටියට පූජාවන් සකස් කර ගන්න. දිනපතා අඩු වැඩි වූවාට දෝෂයක් නැත. 
ඔබගේ ආගමික වතාවත් කරන ස්ථානය නිවස ඇතුළේ නම් උතුර හෝ ඊසාන නිවසේ ඉදිරිපස කාමරයක් විය යුතුය. පිටතින් හිරු එළිය එන ආකාරයට ජනේලයක් තිබිය යුතුය. කාමරය ඇතුළේ තිබිය යුත්තේ අඩි 3 අඟල් හයක් (අඩි 3 1/2) ක් උසින් ආසනයකට බුදු පිළිමයක් පමණි. දේව රූප කිසිවක් තබන්න එපා. එළියේ නම් නිවසට උතුර ඊසානෙන් කුඩා බුදුකුටියක් අඩි 5ය5 ප්‍රමාණයට සාදාගන්න. පැරණි ක්‍රමයට කනු සිටුවා මැටිවලින් බිත්ති සෑදුවාට කමක් නැත. අඩුවක් නොවේ. 
දැන් ඊළඟට හොඳින් පිරිසුදු වී සවස 5.00-5.48 දක්වා ඉහත පූජා ද්‍රව්‍ය සියල්ල බුදුන්ට පූජා කරන්න. ප්‍රථමයෙන් නමස්කාරය කියා පන්සිල්හි පිහිටන්න. ඉන්පසු බුදුන්ට, ධර්මයට,සංඝයාට ගාථා කියා වැඳ චෛත්‍ය රාජයාට බෝධීන් වහන්සේටද ගාථා කියා වඳින්න. පූජා ද්‍රව්‍යවලට නියමිත ගාථා කියා පූජා කරන්න. ගාථා නොදන්නවානම් පොතක් බලා කියන්න. ඉන්පසුව 5.24 පසුව දෙවියන් උදෙසා පිං අනුමෝදන් කරන්න. මහා බ්‍රහ්ම දෙවියන්ට විශේෂයෙන් මේ ගාථා කියා පින්දෙන්න. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
ඡ්‍යොතිර්වේදී 
ජේ.ගුණපාල 
හොරණ 


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.