හස්තරේඛා පාඩම් මාලාව – 1 අත්ලක රේඛා හඳුනා ගැනීම

ජුනි 7, 2019

හස්තරේඛාව නමින් ප්‍රචලිතව ඇති සාමුද්‍රිත ශාස්ත්‍රය අතීත,වර්තමානය හා අනාගතය සනිටුහන් වන පරිදි මහ මුහුදට අධිපති සමුද්‍ර දේවිය විසින් මනුෂ්‍ය වර්ගයාට පිහිටවීම පිණිස ගෙන යන ශාස්ත්‍රයකි.
මිනිසාගේ දෛවය අල්ල රේඛාව තුළින් එළිදැක්වේ. හස්ත රේඛාව ලෙස ප්‍රචලිතව පවතින ඈත අතීතයේ සිට වර්තමානය ,අනාගතය ලෙස සාමුද්‍රික ශාස්ත්‍රය බිහි වීම පැරණි පොත පතේ සඳහන්ව ඇති කරුණු කාරණා බිඳක් අපගේ දැනුමට ඇතුළත් කර ගනිමු.
පළමු වශයෙන් පාර්වතී දේවියගේ අනුග්‍රහයෙන් නන්දි දිව්‍යරාජයාටද ඔහු ගෙන් කමලමුනි නමැති ඍෂිවරයෙකුටද ඔහුගෙන් මච්චකේන්ද්‍ර නමැති ඍෂිවරයාටද ලැබුණ ශාස්ත්‍රයකි.
සමුද්‍ර නමැති ඍෂිවරයෙකු විසින් බිහිවිය. ඕ ශාස්ත්‍රයට උපභෝග කර කරගන්නා අල්ල, ඇඟිලි රේඛා විවිධ සටහන් ආදිය බොහෝ වුවද මුලින් සඳහන් කළ ශාස්ත්‍රයෙහි කරුණු ඇත්තේ ස්වල්පයකි.
හස්ත රේඛා නමින් අද ප්‍රචලිතව ඇති මේ ශාස්ත්‍රය ක්‍රිස්තුවර්ෂ ආරම්භයට අවුරුදු 3000 ට පමණ පෙර චීන දේශයෙහි පැවති බව ඇතමෙකු සඳහන් කරන අතර තවත් සමහරෙකු එය ගී‍්‍රසිය මිසරය වැනි රටවල පැවති බව සඳහන් කරති. මෙකී කරුණු එකිනෙකට විරුද්ධ මත නිසා ඒ සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට යෑමට දුෂ්කර විය. ඒ බැවින් මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් ලියවී ඇති නූතන ග්‍රන්ථ රාශියක් සමාලෝචනය කර අපේ අත්දැකීම් ඇතුළත් කර කාටත් පහසුවෙන් අවබෝධ වන පරිදි මෙය සකස් කරනු ලැබේ.
සාමුද්‍රික ශාස්ත්‍ර තුළින් තම අල්ලේ ඇඳි රේඛා මගින් උපතේ සිට මරණය දක්වා ජීවන තත්වය නිර්මාණය වී ඇත. මේවා නිරීක්ෂණය කිරීමට විවිධ හඬ අනුව ඇති රේඛා පරික්ෂාවට භාජනය කෙරේ. එනම් අත්ලේ ඇඟිලි, ඇඟිලි පුරුක්, මණ්ඩල, රේඛා, තරු, දූපත්, තිථි, කතිර ත්‍රිකෝණ, දැල්, චතුරස්‍ර, කවාකාර. ත්‍රිෂූල, ඊතල, කරු, තිත්රේඛා, ටැසල් රේඛා, ඉහළට නගින අතු රේඛා, පහළට බසින අතුරේඛා, රැලි රේඛා. අබලන් කැඩුණු රේඛා, සිහින් රේඛා, කැඩුණු රේඛාවල චතුරස්‍ර, හතරැස් කොටුව හා ත්‍රිකෝණය , හතරැස් කොටුවකින් ආරක්ෂා වන කඩතොලු මාළු දෙන්නා, කුඩය, කොඩිය, ස්වස්ථික ලකුණු, දූපත, කඩතොල්ල නැම්ම, ගෑරුප්පුව, ටසලය. තිත, දම්වැල් රේඛා, රැල්ලක ආකාරයේ රේඛා, ඉතා සූක්ෂම රේඛා හරස් පොලු ආදියයි වශයෙන්. මෙම විවිධ සලකුණු නිරීක්ෂණය තුළින් ජීවිතයේ දුක, සැප, අධිෂ්ඨාන ශක්තිය, මානසික තත්වය, රැකිරක්ෂා ව්‍යාපාර, ගේ දොර ඉඩකඩම්, යානවාහන , ආර්ථික පසුබිම, විවාහ ජීවිතය, දූ දරුවන්, හදිසි උවදුරු, රෝගපීඩා, ආදි කරුණු හෙළිදරව් කිරීමට හස්ත රේඛා ශාස්ත්‍රයට හැකියාව ඇත. මෙහිදී ප්‍රධාන රේඛා 7 යි (අත්‍යවශ්‍ය රේඛා) ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘද රේඛාව, දෛව රේඛාව, රවි රේඛාව, සුඛ රේඛාව, විවාහ රේඛාව.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්වේදී හා
හස්තරේඛා ශාස්ත්‍රඥ
සනත්
ගාමිණී දාබරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.