තරහයාම සහ කෝපාවිෂ්ටවීම අඩුකරගන්න

ජුනි 21, 2019

ඡ්‍යොතිෂමය උපදෙස්

මනෝවිද්‍යාවට අනුව තරහා යාම හෝ කෝපවීම සෑම අයෙකු තුළින්ම කලින් කලට ඇතිවිය හැකි,අතාර්කික, අවිචාරවත් සහ අනවශ්‍ය ස්වභාවික චිත්ත වේගයකි.

එසේම මෙය මිනිසාගේ සාමූහික සහජීවනයට මෙන්ම සදාචාරාත්මක පැවැත්මට හානිකරවූ චිත්තවේගයක් වශයෙන්ද හඳුන්වා ඇත්තේ කෝපවීම තුළින් පුද්ගලයන්ට මෙන්ම ජන සමාජයටද බෙහෙවින් පීඩාකාරි මෙන්ම අන්තරායකාරි දෑ සිදුවිය හැකි බැවිනි. වටහා ගැනීමේ පහසුව සඳහා තරහයාම නැත්නම් කෝපවීම ප්‍රධාන කොටස් 06 කට බෙදා ඇත.

නිධන්ගත තරහායාම නැත්නම් නිතරම පාහේ කෝපයට පත්වීම මීට අයත් වේ. මනෝ විද්‍යාවට අනුව මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ප්‍රතිශක්ති පද්ධතියේ ඇතිවන වෙනස්කම් සහ සමහර මානසික ආබාධයන්ය. මෙවැනි අය සමඟ ඇසුරු කිරීම හෝ වෙනත් කටයුතුවල නිරතවීම අපහසු කාර්යයක් වේ. නිෂ්ක්‍රීය තරහයාම (ර්‍ථචඵඵඪමඥ චදඨඥප) තරහ ගියත් එය නොපෙන්වීම හෝ බලහත්කාරයෙන් යටපත් කරගෙන සිටීම මීට අයත් වේ. මෙවන් අයගෙන් බොහෝ විට හානිකර දෙයක් සිදු නොවේ.

ප්‍රබල ලෙස තරහ යාම හෝ කෝපයට පත්වීම (ර්‍ණමඥප ඩඥතථඥඤ චදඨඥප) යම් අයෙකුට දරාගත නොහැකි මට්ටමේ චිත්ත පීඩාවක් ඇතිවන විට මෙලෙසින් කෝපයට පත්වන බව සඳහන් වන අතර තම ජීවිතය හා සම්බන්ධ ගැටලු මීට මූලික විය හැකිය. මෙවන් අය අන්තරායකාරී දෑ සිදුකරන අතර සමහරවිට බිහිසුණු අපරාධවලට යොමුවිය හැකිය. ස්වයං හානිකර කෝපය නැත්නම් තරහ යාම, මෙවන් අය තමා වරදක් කර ඇති බව කල්පනා කරමින් චිත්ත පීඩාවට පත්වන අතර බොහෝ විට සියදිවි නසා ගැනීමට පෙළඹීමට ඉඩ ඇත. විවේචනාත්මක කෝපය (ඪභඤඨඥථඥදබචත ධචදඨඥප) යම් අයෙකුගේ සිත තුළ අන් අය කෙරෙහි ඇතිවන අමනාපය හෝ කේන්තිය මීට හේතුවිය හැකිය. මෙම අය තුළින්ද අපරාධ සිදුවීමට ඉඩ ඇත. ඉක්මනින් වෙනස්වන තරහ හෝ කෝපය – මෙය ප්‍රති විරෝධයම ඇතිවන කලහකාරිත්වය මුල්කරගත් කෝපය යනුවෙන්ද හඳුන්වන අතර මෙම අයගෙන් සමාජයට බෙහෙවින් හානිකර දෑ සිදුවිය හැකිය. තරහයාම සමඟ සම්බන්ධ චිත්තවේගයන් ඇතිවන විට මොළය තුළ ඇති ඇමිග්ඩලා ග්‍රන්ථි ඒ සඳහා දැක්විය යුතු ප්‍රතිචාර පිළිබඳ පණිවුඩ ලබාදෙන අතර ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් හෝමෝන 2 ක් පිටකරන අතර ඒවා ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් යනුවෙන් හඳුන්වයි. මෙම රසායනිකයන් සමඟ ශාරිරික වශයෙන් සම්බන්ධ පරිවෘත්ති ගත වෙනස්කම් ශාරිරික වශයෙන් පහත දැක්වෙන හානිකර ප්‍රතිඵල ඇති කරයි.

1.හිසේ ඇම්ම

2.ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන වෙනස්කම්

3.නින්ද නොයාම

4.කාංසාව ඉහළ යාම

5.විෂාදයට පත්වීම

6.රුධිර පීඩනය ඉහළ යාම

7.චර්ම ආබාධ ඇතිවීම (දේහ ලක්ෂණ) අප්‍රසන්න වීම

8.හෘදයාබාධ ඇතිවීම

9.වියපත්වීම වේගවත් වීම ( වයසට පත්වීම)

තරහ ගිය හෝ කෝපයට පත් වූ අය අතින් සිදුවිය හැකි අයහපත් ක්‍රියාවන් පහත දැක්වේ.

1.පරුෂ වචන භාවිතය

2.අන් අයට අතින් පයින් පහර දීම සහ තුවාල සිදු කිරීම සහ මරණයට පත් කිරීම

3.නීතියට පටහැනි පළිගැනීමේ කුමන්ත්‍රණ සැලසුම් කිරීම සහ දියත් කිරීම

4.සිය දිවි නසා ගැනීම

5.බඩු බාහිරාදිය සහ දේපළ විනාශ කිරීම

6.අනෙකුත් බිහිසුණු අපරාධවලට පෙළඹීම

7.විවාහය දෙදරායාම, දික්කසාදවීම පිළිබඳ ගැටලු

කෝපය හෝ තරහ අවසන් වූ පසු සිදුවන දෑ

1.කෝපය අවසන් වූ පසුව තමා විසින් කරන ලද දේවල් පිළිබඳව බලවත් ලෙස ලැජ්ජාවට පත්වීම, පසු තැවීම හෝ බලවත් චිත්ත පීඩාවට පත්වීම

2.තමා විසින් දිගු කලක් තිස්සේ ගොඩ නගාගත් කීර්තිනාමය, ප්‍රසිද්ධිය සහ මිත්‍රශීලිබව යනාදියට හානි සිදුවීම

3.නීතියේ රැහැනට හසු වී දඬුවම් ලැබීම හෝ සිරගත වීම

4.හුදකලාවීම, මානසික වශයෙන් අසරණවීම සහ විවිධ මානසික ආබාධවලට ගොදුරු වීම

5.තමා හරිහම්බකරගත් බොහෝ දෑ ක්ෂණයකින් නැතිවී යාම

බුදුදහමෙහි සඳහන් වන්නේ තරහයාම හෝ කෝපයට පත්වීම මිනිසා බලවත් පාපකර්මවලට යොමුකරන දොරටුවක් වශයෙනි. එසේම එය රාග, ද්වේෂ සහ මෝහ වල ප්‍රතිඵලයක් ලෙසද සැළකේ.

වෛදික ඡ්‍යොතිෂයෙහි තරහ යාම හෝ කෝපයට පත්වීම පිළිබඳව විස්තරාත්මකව කරුණු දක්වා ඇති අතර වැඩි වශයෙන්ම කෝපාවිෂ්ට තත්ත්වයට පත්වන්නේ තේජෝ කාණ්ඩයට අයත් ලග්න හිමියන් බව පෙන්වා දී ඇත. මේ අනුව මේෂ, සිංහ සහ ධනු යන ලග්න හිමියන් අන් ලග්න හිමියන්ට සාපේක්ෂව ගත්කල ඉක්මනින් තරහා යන අය වශයෙන් හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ දික්කසාද වූ අය ඇසුරින් කරන ලද පර්යේෂණ 2 ක දී හෙළි වී ඇත්තේ දික්කසාද වීමට බලපාන හේතු අතුරින් සැමියාට හෝ බිරිඳට තරහායාම, පහරදීම සහ එක්ව වාසය කිරීමේ අපහසුතා මුල් තැනක් ගෙන ඇති බවයි.

එසේම මෙවැනි සිදුවීම් වලදී මූලික වූ අයගෙන් ලග්නවලට අවධානය යොමු කරන විට මේෂ, සිංහ, ධනු, මකර සහ වෘශ්චික යන ලග්න ප්‍රධාන තැනක් ගෙන ඇත. ඡ්‍යොතිෂයට අනුව තරහ යාමේ ප්‍රථම පියවර තමාගේ ආරක්ෂාව සහ පැවැත්මයි.

මීට හොඳම නිදසුනක් ලෙස දක්වා ඇත්තේ තරහෙන් අඬන කිරි දරුවෙක් ගේ අවශ්‍යතාවයන්ය. බොහෝ විට කිරිදරුවන් හඬන්නේ තම ආහාරය ලබාගැනීම සඳහාය. එසේත් නැතිනම් කිසියම් අපහසුතාවයක් නිසාය. මෙහිදී මූලික වී ඇත්තේ ජෛව අවශ්‍යතාවයන්ය.

කෙසේ වෙතත් ඡ්‍යොතිෂයට අනුව කෝපවීමට මූලික වන්නේ කුජ ග්‍රහයාය. කුජ ග්‍රහයා සිටින රාශියට අනුව තරහ යාමට මූලික වන හේතු වෙනස්වන ආකාරය පහත දැක්වේ.

කුජ මේෂ රාශියේ සිටීම

යම් අයෙක් තමන්ගේ කාර්යයන් කිරීමට යාමෙන් ඇතිවන කෝපය මෙහිදී මූලික වන අතර එය බහින්බස් වීමක් සහ පහර දීමකින් අවසන් විය හැකිය.

කුජ වෘෂභ රාශියේ සිටීම

යම් අයෙක් තමන්ගේ පැවැත්මට හානිකර ලෙස තර්ජනය කිරීම නිසා කෝපයට පත්වේ. මෙය බොහෝවිට කලහකාරි තත්ත්වයක් ඇති කරයි.

කුජ මිථුන රාශියේ සිටීම

යම් අයෙක් තමාගේ ප්‍රකාශන හෝ බුද්ධිමත් භාවයට හානිකර දෙයක් ප්‍රකාශ කිරීමෙන් ඇතිවන කෝපය, මෙය බොහෝවිට තර්ක සහ විවාදයකින් කෙළවර විය හැකිය.

කුජ කටක රාශියේ සිටීම

යම් අයෙක් තමාගේ ආරක්ෂාව තහවුරු නොවන සේ කටයුතු කිරීම නිසා ඇතිවන කෝපය මෙය බොහෝවිට විවාහක අඹු සැමියන් අතර නිතර දැකිය හැකිය.

කුජ සිංහ රාශියේ සිටීම

අන් අය තමාට ආදරය නොකිරීම සහ ගෞරව නොකිරීම නිසා ඇතිවන කෝපය මෙයද බොහෝවිට විවාහ දෙදරායාම හෝ දික්කසාද වීමට හේතු වේ.

කුජ කන්‍යා රාශියේ සිටීම

තමා බලාපොරොත්තු වූ ආකාරයට අන්‍යයන්හට තම අවශ්‍යතා ඉටුකිරීමට නොහැකිවීම නිසා ඇතිවන කෝපය මෙයද පවුල් ආරවුල් ඇති කිරීමට ඉවහල් වේ.

කුජ තුලා රාශියේ සිටීම

අන් අය තමාට අසාධාරණයක් වන සේ කටයුතු කිරීම නිසා ඇතිවන කෝපය හෝ තරහායාම මෙය බොහෝ විට ඥාතීන් අතර දක්නට ලැබෙන දෙයකි . මේ නිසා ඥාතීන් මෙන්ම මිතුරන්ගෙන් වෙන්වීම සිදුවිය හැක.

කුජ වෘශ්චික රාශියේ සිටීම

තමා නොවැදගත් සහ අගය කළ යුතු නැති අයෙක් ලෙස අන්‍යයන් විසින් හැඳින්වීම නිසා ඇතිවන කෝපයට මෙය බොහෝවිට පවුලක දෙමාපියන් සහ දරුවන් අතර මෙන්ම අඹු සැමියන් අතරද ඇතිවිය හැකිය.

කුජ ධනු රාශියේ සිටීම

අන් අය තමන් හට ගරු නොකිරීම හෝ සැලකිල්ලක් නොදැක්වීම නිසා ඇතිවන කෝපය, මෙය බොහෝවිට දේශපාලනඥයන් අතර දක්නට ලැබෙන දෙයකි.

කුජ මකර රාශියේ සිටීම

තමා විසින් කිරීමට යන දේ අන්‍යයන් විසින් කිරීම නිසා ඇතිවන කෝපය මෙය බොහෝවිට ව්‍යාපාරිකයන් අතර දක්නට ලැබේ.

කුජ කුම්භ රාශියේ සිටීම

තමන්ට කළ හැකි හෝ කළ නොහැකි දේ අනවශ්‍ය ලෙස විවේචනය කිරීම නිසා ඇතිවන කෝපය මෙයද බොහෝදුරට ජන සමාජය තුළ දක්නට ලැබෙන දෙයකි.

කුජ මීන රාශියේ සිටීම

තමාගේ සැලසුම් සහ අදහස් අනවශ්‍ය ලෙස විවේචනය කිරීම නිසා ඇතිවන කෝපය, මෙය බොහෝ විට රාජ්‍ය සේවය තුළ මෙන්ම දේශපාලන පරිසරය තුළද දක්නට ලැබෙන දෙයකි.

ඉහත දක්වන ලද කරුණුවලට අමතරව යම් ජන්ම පත්‍රයක ශුභ ග්‍රහයන් ලග්නයේ දෙවැන්නේ සහ 12 වැන්නේ පිහිටා ඇත්නම් එම පුද්ගලයා සන්සුන්, සාමකාමී සහ ඉක්මනින් තරහ නොයන අයෙකු වේ. සඳු ග්‍රහයා සිතට සහ හදවතට කාරක ග්‍රහයා වන අතර ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයාට අශුභ හෝ පාපග්‍රහ දෘෂ්ටියක් ලැබේනම් ජන්මියා කලබල සහිත චංචල සිතක් ඇති කෝපයට පත්වන අයෙකු වේ. බොහෝ විට කෝපවීමෙන් පසු පරුෂ වචන හෝ එවැනි සදාචාරාත්මක නොවන වචන භාවිත කරන්නේ ජන්ම පත්‍රයේ 2 වැන්නේ අශුභ ග්‍රහයන් පිහිටීම හෝ 2 වැන්නාධිපති අශුභ ග්‍රහ සංයෝගයක් දක්වන විටය. 2 වැන්න ජන්මීන්ගේ වාචික භාවය පාලනය කරන රාශිය වේ. මීට අමතරව යම් අයෙක් ඇනුම්පද කීමෙහි නිරත වන්නේනම් එවැනි ජන්ම පත්‍රවල දෙවැන්නේ රාහු කේතු හෝ වෙනත් වක්‍ර වූ අශුභ ග්‍රහයකු පිහිටා ඇති බව සලකන්න. එසේම මෙවැනි ජන්මීන් නිරන්තරයෙන්ම මිත්‍යාවන් හෝ බොරුකීමෙහි දක්ෂයන් වේ. වක්‍ර වූ බුධ ග්‍රහයා හෝ බෙලහීන වූ බුධ ග්‍රහයා දෙවැන්නේ පිහිටි විට එම ජන්මියා නිරතුරුවම අනෙක් අය පහත්කොට කථා කරන අප්‍රසන්න භාෂා විලාසයක් භාවිතා කරන අයෙකු වේ. ලග්නයේ දෙපස එනම් 2 වැන්නේ සහ 12 වැන්නේ පීඩාවට පත් ග්‍රහයන් පිහිටා තිබීම මත ජන්මීන් ඉක්මනින් තරහා යන සහ කලහකාරි හැසිරීමක් දක්වන අය බවට පත්වේ.

ඡ්‍යොතිෂමය උපදෙස්වලට අනුව ඉක්මනින් තරහ යන නැත්නම් කෝපාවිෂ්ටවන එසේත් නැතිනම් තරහයාම පාලනය කර ගැනීමට අපහසු ජන්මීන් විසින් පිළිපැදිය යුතු ප්‍රතිකාර කිහිපයක් පහත දක්වා ඇත.

 

ඡ්‍යොතිර්වේදී

ටී.එම්. කුලරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.