සරස්වතී යෝගයෙන් අකුරු කියවමු

ජුනි 28, 2019

සරස්වතී යෝග අතුරෙන් පළමු ගණයට වැටෙන ප්‍රධාන යෝගයක් වන ඥානකාරක බුධගෙන් යෙදෙන සරස්වතී යෝගය මේ වසරේ සැප්තැම්බර් 25 වෙනි බුධ දින සූර්ය්‍ය උදාවත් සමඟ යෙදේ. මෙම අගනා යෝගය පිළිබඳව මුහුර්ත චින්තාමණි නම් පුස්තකයෙහි මෙසේ සඳහන් වේ

නැග රවි බුධ කන්නෑවේ සිටිස ඳ

තුගු අතිබාගේ වූකල ඒ බු ද

බුධ දින බුධ හෝරා කන්නෑවෙ ද

ලද සරසවි යෝගෙකි එක් මන න ද

බුධ දින , බුධ හෝරාව , බුධ හිමි කන්‍යා රාශිය, රවි, බුධ දෙපල කන්‍යා රැසෙහි සිටීම යන කරුණු සම්පූර්ණව මේ වසරේ යෙදෙන එකම සරසවි යෝගය මෙය වන අතර මෙදින අකුරු කියවීමට නියමිත ශනි හිමි පුෂ නැකතද යෙදීම පමණක් නොව නැකතට හිමි පිංගල පක්ෂියා රජවන අවස්ථාවද මේ බව නොකියා නොහැක. 2019 සැප්තැම්බර් 25 වෙනි බුධ දින පෙරවරු (6.06) හය පසුවී මිනිට්ටු හයට උතුරු දිසාව බලා තම නිසි වයස් සම්පූර්ණ දරුවන්ට අත්පොත් තැබීමට සුදුසු බව කිවයුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී

කේ.එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.