දැනුම තිබියදී විභාග අසමත්ඇයි?

ජූලි 5, 2019

අපේ ජන්ම පත්‍රයේ පෙනෙන ග්‍රහයෝ 12 යි. නොපෙනෙන ග්‍රහයෝ 12 යි. ඔය හැම කෙනෙක්ම ඒ පෙනෙන රාශිවල පෙනෙන ග්‍රහයෝ ගැන බලලා ප්‍රතිඵල කියනවා. කෝ නිවැරදි නැහැනේ. සමහර නාලිකා වල සමහර ඡ්‍යොතිර්වේදින් වාණිජ ලෙස සලකා ඔබව සතුටු කරන්න අසත්‍ය පලාඵල පවසනවා.

මොකද අපි කවුරුත් පෘථග්ජන අයනේ. හොඳ දේවල් විතරනේ අහන්න කැමති. ඉතින් අපට වරදිනවා. ඔබේ ජන්ම පත්‍රයේ මරණය හැරෙන්න අන් සියලුම දේවල් පවසනව කියලයි, ගුරුවරයාට පොරොන්දු වුණේ. ඒකයි නියම ඡ්‍යොතිෂය. කරුණු නිවැරැදිව ලබා ගන්න බැරිනම් ඡ්‍යොතිෂ ශ්ලෝකයාට යන්න. එවිට නිවැරදියි.

සියලුම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තිබෙන බවයි දාර්ශනිකයන්ගේ මතය. හැම කෙනෙකුටම ප්‍රශ්න ඇති වුණා. ඇතිවනවා. අපිට විතරක් නොවේ. බුදුවරයන්ටත්, ජේසුතුමාටත් . ඒක ලෝක ස්වභාවය . ඒ ප්‍රශ්න විසඳාගන්න කලින්, හේතුව හොයාගන්න අවශ්‍යමයි. දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක් නැතිකිරීමේ මාර්ගය, අපේ අය ප්‍රශ්නයක් ආ වම එක පාරටම දුක නැති කරන්න යනවා. ඉතින්, අපට පැටලෙනවා. ඡ්‍යොතිර්වේදියා මං හිතන්නේ ඔක්කොම වගේ උදේට දවසකට විනාඩි 10 ක්වත් මොකක් හරි භාවනාවක් කරල හිත සන්සුන්කරගෙන දවසේ වැඩ ආරම්භ කළොත් තමයි හොඳ. හිත කලබල කරගෙන මොකවත්ම කරල බැහැ. ඒකනේ පුරාණ ජනයා කිව්වේ කවුරුහරි ගලකින් ගැහැව්වොත් ගල දිහා බලන්න. ප්‍රථම ගල ගහපු, නැත්නම් ගල ගැසූ පැත්ත බලන්න කියලා. එතකොට හේතුව හොයාගන්න ලෙහෙසි. ඊට පස්සේ අවශ්‍ය දේ කරන්න හැකිවනවා. මේක උගත් ඡ්‍යොතිර්වේදියාට අත්‍යවශ්‍යම න්‍යායක්.

දවසක් පහන් වුණාම මිනිසුන් ජන සමාජයේ කොටස් වර්ග දෙකක් දුවනවා. එක් කොටසක් කාපු කෑම දිරවා ගන්න දුවනවා. අනිත් කොටස කෑම හොයාගන්න දුවනවා. බලපුවාම වැඩි දෙනෙක් දුවන්නෙ කෑම හොයාගන්න බව ඔබ දන්නවා. ඔය දෙකම නොකරන අය ඒ දිහා බලා ඉන්නවා. ඒක අපිට නම් ප්‍රශ්නයක්. දැනුම නැති අය විභාග අසමත් නම් ප්‍රශ්නයක් නැහැ. දැනුම තිබිලා. වසර කීපයක් මහන්සි වෙලා විභාග අසමත් නම් ඒක ලොකු ප්‍රශ්නයක්.අන්න ඒ ප්‍රශ්නය තරමකින්වත් විසඳන්නයි මේ සටහන ලියන්නේ. මේ ගැටලුව මේ වසරෙත් අගෝස්තුවෙදි ඔබටත් බලපානවා. දුවලා පුතාලා ඔබ පාඩම් කරපු හැම සටහනක්ම වටහගෙන තිබෙන්න ඕනෑ. ඉගෙන ගෙන තිබිල මදි. වටහාගන්න ඕනෑ. අපේ බුදුහාමුදුරුවො කිසා ගෝතමියට, චූලපන්ථකට කිසිවක් ඉගැන්නුවේ නැහැ. වටහාගන්න ඉඩ හැරියා මිස දෙදනම ගොඩ ගියා .මේ ඔක්කොම සිදුවෙලත් සමහර සිසු දරුවො අසරණයි. ඇයි ඒ . සිසුවන්ට වඩා මව්පියෝ අසරණයි. මේ ලෝකයේ උපන් සියලුම දෙනා පින්වන්තයො නැත්නම් උපදිවියැ. හැබැයි ඔබ මම උපදින කොට අපේ ශරීරයට අප වටා කැරකෙන ග්‍රහලෝක නවයකින් පිට වු ග්‍රහ රශ්මි කිරණ වැදුණා. ඒ වැදීමේ ප්‍රතිඵලය එක ශාස්ත්‍රයක් මගින් කියැවනවා. ඒ උතුම්වු ඡ්‍යොතිෂ්ශාස්ත්‍රය මගින්. ඒකට අවශ්‍ය කරන යමක් ඇත්නම් ඒක කරන්න ඕනෑ. ගුප්ත ශාස්ත්‍රය, යන්ත්‍රශාස්ත්‍රය මගින් බව ඔබ දන්නවා.

අපි මේ භවයට ආවේ පෙරභවයක රැස්කර ගෙන තිබු කුසල හා දැනුමත් අරගෙන. ඉන් යම්කිසි ප්‍රයෝජනයක් කරල මිය යන්න. එහෙම වුවහොත් ඒ පින ලබන භවයටත් රැගෙන යාවි. ඔබ කිසියම් ශෙල්‍ය වෛද්‍යවරයෙක්වී ජීවිත ගණනාවක් ගොඩගත්තා නම් ඔබේ යුතුකම ඉටුකළා කියල සතුටු විය හැකියි. බොහෝ දෙනා කරුමයට ඉඩදීලා නිහඬ වනවා. කරුමයට ඉඩදෙනවා නම් උත්සාහය මොකටද? උත්සාහයෙන් ස්වකීය ජය ලබාගත් අය කොච්චර ඉන්නවද?

ඕනෑම සිසු සිසුවියක් එක පාරට සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයට වාඩි වෙන්නෙ නැහැ. පස්වැනි පන්තියෙ සිට ඔහුගෙ හෝ ඇයගේ දක්ෂතාවය දැනුම වර්ධනය පරික්ෂා කරනවා. සවැනි, සත්වැනි, අටවැනි පන්තිවලට ආ දරුවන්ගේ මව්පියෝ විශේෂයෙන් උගත් මව්පියෝ ගමේ ඡ්‍යොතිෂ මාමාව හමුවනවා.

දරුවා කොයි පැත්තටද යොමුකර යැවිය යුත්තේ? මේ පළමු ප්‍රශ්නය, බුලත් විට කටින් වීසිකළ ඡ්‍යොතිෂ මාමා ඉස්සෙල්ල බලනවා 9-10 රාශි පුණ්‍ය ස්ථානය. දෙවනුව බලනවා 03 වැනි රාශිය එනම් වීය¸ ස්ථානය ඊළඟට බලනවා 5 වැනි රාශිය මූලික අධ්‍යාපනය ප්‍රශ්න නැහැ. දැන් බලනවා 11 වැනි රාශිය උසස් අධ්‍යාපනය ගැන 03 වැනි රාශිය බලවත් ලග්නෙ බලවත් නිසා. රටේ උසස් යයි යම් දිශාවකට යොමුකළ එතුමා මව්පියන්ට යම්කිසි උපදෙසක් දෙනවා. පුංචි සාධකයක් ගැන .සියලු යහපත් වැඩ පිළිවෙළකට මාර්ගය කැපු නිසා දරුවා රටට ණය නොවී ස්වකීය ගමන යනවා. මේ සියලුම දේ පවසන්න හැකි විද්‍යාව ඡ්‍යොතිෂය බව හැමදෙනම පිළිගෙන අවසන්.

බුදුන් සමඟ එක වෙහෙරේ වැඩ හිටියත් දෙව්දත් මොක්පුර දුටුවේ නැහැ. ඒ කර්මදෝෂය නිසා. සමහර දක්ෂ ශිෂ්‍යයන් අතරේ එකට ඉගෙනුම ලැබුවත් සමහර සිසුන් දක්ෂ ලෙසින් පිළිතුරු දීම කළත් ප්‍රතිඵල දුර්වල වනවා. ඒ කරන්නෙ සුරගුරු නොහොත් බ්‍රහස්පති. මූලික විභාගවලට කේතා 5 වැනි රාශියේ බලවත් වී අධ්‍යාපනය එගොඩ කළත් 11 වැනි රාශියෙදි උසස් අධ්‍යාපනය අඩාළ කරනවා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ

ඡ්‍යොතිෂ විද්‍යා සහතික ලාභී

භාරත භාෂ්කර ශිරෝමණී සම්මාන

මොරටුවේ

මීපේගණිතගේ රන්ජිත්

විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.