දෝ සතර

ජූලි 5, 2019

සුදසුන් කවය

“සුදර්ශන චක්‍රය” යන නමින් හැඳින්වෙන සටහනක් ද දෝ සතරෙහි ඇත. එය ද පරාශරයන් විසින් අනුමත කරන ලද්දකි. පැහැදිලි පෙනුමක් හෙවත් මනා වු දැක්මක් යන අරුත ඒ නමෙහි ගැබ් වී ඇත. මෙහිලා සුදසුන් කවය යන නමින් අප හඳුන්වන්නේ ඒ සුදර්ශන චක්‍රය යි.

උදා ලග්නය මුල් කොට ජන්ම කේන්දර සටහන සකස් කැරෙන බව ඔබ දනිති. නවාංසක කේන්දරය ද ඒ වාගේ මැ වැදගත් වෙයි. පැරැණියන් ලියූ පුස්කොළ කේන්දරයක් දිගහැර බලන විට ඒ සටහන් දෙකට අමතර වැ තවත් එ වැනි මැ සටහන් දෙකක් ඇති බවත් ඔබට දක්නට ලැබී ඇත. ඉන් එකක් රවි කේන්දරය යි. අනෙක සඳු කේන්දරය යි. ජන්ම කේන්දරයේ රවි සිටින රාසිය පළමු වැනි රාසිය හැටියට සලකා අදින ලද කේන්දරය රවි කේන්දරය යි. සඳු සිටින රාසිය පළමුවැන්න ලෙස සලකා අඳින ලද කේන්දරය සඳු කේන්දරය යි.

දෝ සතර යනු දෙ දෙනා ගේ ශාස්ත්‍රය යන අරුත දෙයි. කවුරුන් ද මේ දෙ දෙනා? රවි හා සඳු යි. සකු බසින් ඡ්‍යොතිෂ කියන්නෙ ද ඒ අරුතින් මැ යි. “ඡ්‍යෝති” යනු දිලිසීම යි. පියෙවි ඇසට දිලිසි පෙනෙන ගහයන් දෙදෙනා, හිරු සඳු දෙ දෙනා යි. රාසි නමින් හැඳින්වෙන්නේ රවි ගේ ගමන් මඟෙහි කොටස් යැ. (රා+ ආසි – රාසි) “රා” නම් හිරු යි. අසි නම් කොටස් යැ. හිරු ට රවි කියන්නේත් රැස් විහිදුවන්නා යන අරුතිනි. හිරු ගේ ගමන් මඟ කොටස් දොළහකට බෙදා ඇත. සඳු ගේ ගමන් මඟ නැකැත් යැ. (නා +කත් – නකත් – නැකැත්) කාන්තිය හෙවත් කිරණ ඇද ගන්නා යනු එහි අරුත යි. සඳු ගේ ගමන් මඟ කොටස් විසි හතකට බෙදා ඇත. රාසියක් කොටස් නවයකට බෙදූ විට රාසි දොළහේ කොටස් 108 කි. නැකතක් කොටස් හතරකට බෙදු විට නැකැත් විසිහතේ පාද 108 කි. රාසි, නැකැත් යන කොටස් දෙවගයේ සබැඳියාව එයින් තැහැවිරෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.