නියත ජය ගනෙන ගමන් යෝග මෙන්න

ජූලි 5, 2019

සූදුවට, තුරඟ තරගවලට, නඩුහබවලට, ක්‍රීඩා තරගවලට යාමට විශේෂ සුබ යෝග කීපයක් මෙසේ ය.

මහේෂ්වර සම්පත්ති යෝගය

ඉරිදා හෝ අඟහරුවාදා දිනක අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස යන නැකතකින් ද නන්දා තිථියකින්ද මේෂ, සිංහ, වෘශ්චික ලග්නයක් උදාව පවතිද්දී ද පිටත්වීම.

බ්‍රහ්ම සම්පත්ති යෝගය

සිකුරාදා දිනයක, වායෝ නැකතකින්ද රික්තා තිථියත් සහිත වෘෂභ හෝ තුලා ලග්නයක් උදාව පවතිද්දී ද, ශනි හෝරාවෙන් අහස මුදුන දෙස බලා පිටත්වීම.

සඳුදා දිනක හෝ බදාදා දිනක ආපෝ නැකතකින්ද, භද්‍රා තිථියකින්ද, සඳුදා නම් කටක ලග්නයෙන්ද, බදාදා නම් මිථුන හෝ කන්‍යා ලග්නයෙන්ද සිකුරුගේ හෝරාවෙන් දකුණ බලා පිටත්වීම, මෙය කාල සම්පත්ති මුහුර්තයයි.

විෂ්ණු සම්පත්ති ජය මුහුර්තය.

සෙනසුරාදා දිනයක ආකාශ නැකතකින් ද පූර්ණ තිථියකින් ද මකර හෝ කුම්භ ලග්නයක් උදාවන ශනි හෝරාවකින්ද අහස මුදුන දෙස බලා පිටත්වීම.

ශ්‍රී සම්පත්ති ජය මුහුර්තය.

බ්‍රහස්පතින්දා දිනක තේජෝ නැකතක් හා ඡයා තිථියක් යෙදුණ අවස්ථාවක ධනු හෝ මීන ලග්නයෙන්, කුජ හෝරාවෙන් බටහිර දෙස බලා පිටත් වීම.

කැති, උත්‍රපල්, උත්‍රසල, නැකතක් යෙදුණු ඉරිදා දිනයක ගුරු, සිකුරු දෙදෙනාම ලග්නයෙහි සිටින කන්‍යා ලග්නය උදාවන මොහොත ගමනාරම්භයට ඉතා සුබ ඉෂ්ට සිද්ධ යෝගයකි.

 

ඡ්‍යොතිර්වේදී,

කපිල ඉන්ද්‍රික ගුණදාස

මාලිබොඩ දැරණියගල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.