ඇහි බැම ඇහි පිහාටුවලින් කියවෙන පුරුෂ ගති

ජූලි 12, 2019

අප ශරීරයේ ඇති පසිඳුරන්ගෙන් ඇසට ප්‍රධාන තැනක් හිමිවේ. එයිනුත් මෙහිලා විස්තර කරන්නේ ඇහිබැම හා ඇහි පිහාටු කුමන ආකාරයෙන් පිහිටා තිබුණොත් පුරුෂයින්ට සුබ අසුබ වන අයුරු පිළිබඳවයි. ඝන වූ කෙටි වූ ඇහි පිහාටු තිබීමද ඇහි බැම වක්‍රව පිහිටීමද සුබ පල ලැබීමට හේතු වේ.

බොහෝ උපක්‍රමශීලි උත්සාහයෙන් ප්‍රසිද්ධිය ජනපි‍්‍රයතාවය ලබන කෙනෙක් හැටියට ඇහිබැම වක්‍රව පිහිටීම තුළින් බිහිවේ. ආත්මාර්ථකාමී, අනුන් බොරුවෙන් රවටන්නට දක්ෂවීම යන අයහපත් ගතිගුණද ඔහුට පිහිටන බව කිව හැකිය.

ඝන කෙටි ඇහි පිහාටු තිබේ නම් බුද්ධිමත් වු සමාජ ප්‍රසිද්ධිය නොලබන කෙනෙක් බිහිවීමට හේතුවේ. උගත් නිහඬ ජීවිතයක් සමාජයේ දොස් ලැබීම ඉක්මන් කෝපය ඇති කෙනෙක් වීමටද හේතුයි.

කෙටිව සිහින්ව යමෙකුගේ ඇහිබැම පිහිටියේ නම් ඔහු දැඩි අවධානයෙන් උත්සාහයෙන් කටයුතු කරන කෙනෙක් වෙයි. ගණිතයට දක්ෂ නීතිගරුක, යුක්තිගරුක, කෙනෙක් වීමටද හැකිය. කරුණා, මෛත්‍රී ගුණ අඩු දැඩි සිතැති කෙනෙකුවීමටද ඉඩ තිබේ. ඇහිබැම මත දිග රෝම තිබේ නම් ඔහු අවංක සටකපට නැති උගත් බුද්ධිමත් කෙනෙක් විය හැකිය. ඇහිබැම එකට හාවී තිබේ නම් ඔහු තම හැකියාවන් පිළිබඳ ඉහළින් සිතන උඩඟු පුළුල් දැනුමක් ඇති සිප් සතර ඉගැන්වීමට දක්ෂ අනුන් හෙලා තලා කතා කරන කෙනෙක් විය හැකිය .බොහෝ දෙනාගේ ද්වේෂයටත්, උපහාසයටත් ලක්වන දැඩි ආත්ම ශක්තියක් ඇති, කෙසේ හෝ තම ඉලක්කය කරා යන දක්ෂයෙක් බවද පෙනේ. තවද තමාට තමා පාලනය කරගත නොහැකි කෙනෙක් වීමටද හේතුයි.

දිගුවන් ඇහි පිහාටු ඇත්තේ නම් අයහපත් පල පෙන්නුම් කෙරේ. ඔහු අනුන් ගෙන් පලි ගන්නාසුලු ,උපායේ දක්ෂ ක්‍රෝධ සහිත නපුරු වචන කතා කරන සමාජයේ පිළිකුලට පාත්‍රවූවෙක් විය හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්විද්‍යාශූරී

කලාභූෂණ කිවිපති

අමුවල

අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.