ජෝතිශයෙන් ඉදිරිය දෙස බලමු

ජූලි 12, 2019

මීගොඩ චතුරක. වයස අවු 22 යි. මාගේ විවාහය කිනම් වකවානුවක සිදුවේද? අනාගතය සුබවේද?

පිළිතුර –මකර ලග්න වෘෂභ නවාංශක .අස්විද නැකත. දැනට දසාව රවි, උපතේදී ලග්නයේ සිටින ගුරු නීච වන අතර ඔබේ 22 වන දෙර්කාණාධිපතියාද වේ. මෙය සුබවාදී තත්වයක් නොවේ. එසේම ලග්නය හා තුන් වැන්න අතර පරිවර්තන යෝගයද උදාකරගෙන ඇත. මෙයද සුබවාදී නොවේ. කල්පනාකාරීව උනන්දුවෙන් කටයුතු කරන අයෙකු නොවන බව පෙනේ. සහෝදරයින් අතර. කැපී පෙනෙන චරිතයක් වනුයේ හොඳින් හෝ නරකින් තම අරමුණු ඉටු කරගැනීමට වෙර දරන නිසාය. ගුරුගේ දෘෂ්ඨියට හත්වැන්න යටත් වී ඇති අතර. වෙනත් කිසිඳු සුබ හෝ අසුබ දෘෂ්ඨියක් හත් වැන්න වූ විවාහ ස්ථානයට නැත. හත් වැන්න අධිපති අව සඳු පවා හත් වැන්න නොදකී. ඔබේ හිතුමතයට විවාහය සිදු වුවත් ඒ ඉක්මනින් නොවේ. තවත් වසර 6 ක් වත් ඒ සඳහා බලාහිඳින්නට සිදුවේ. විවාහ ජීවිතය උත්සාහයෙන් සාර්ථකව පවත්වාගෙන යාමට සිදු වනු ඇත. සහෝදරයින් සමඟ ගැටුම් ඇතිකර නොගැනීමට වගබලා ගන්නේ නම් මැනවි. සිකුරු 10 වැන්නේ බලවත්ව පිහිටීමෙන් මාලවී යෝගයද ස්ථාපිතව ඇත. විනෝදයට, කලාවට, සංගීතයට නැඹුරු අයෙකු විය හැක. එහෙත් 10 වැන්නේම පිහිටි කුජ සිකුරු යෝගය සමහරවිට ඔබ ඉක්මන් විවාහයකට යොමු කරවාවි. එසේ වුවහොත් එහි අනිසි විපාකද ඔබටම විඳින්නට සිදු වේවි .ගුරු වෙනුවෙන් ඉඩ කඩ ලැබෙන පරිදි බෝධිපූජා පවත්වන්න.

බලංගොඩ සමන්ත. වයස අවු. 43 යි.
රැකියාව පිළිබඳව දැන ගැනීමට
පිළිතුර – තුලා ලග්න මේෂ නවාංශක මුව සිරස නැකත දැනට දසාව සෙනසුරු ආරම්භය රැකියා ස්ථානය වූ 10 වැන්නේ උපතේදී සෙනසුරු හෙවත් ශනි ස්ථාපිතව ඇත. එම සෙනසුරු සතුරුවු ස්ථාපිතව ඇති අතර ඔබේ 22 වන දෙර්කාණාධිපතියාද වේ. මෙය සුබවාදී තත්වයක් නොවේ. 6 වැන්නේ සිටින ගුරුගේත් අට වැන්නේ සිටින සඳුගේත් අසුබවාදී දෘෂ්ඨීන් 10 වැන්නට එල්ලවීමෙන් 10 වැන්න තවත් දුර්වල වී ඇත .ජලය හා සම්බන්ධ හෝ ජලය ආශි‍්‍රත කටයුතු කරන වෘත්තියක ඔබ නියළෙනවා වන්නටද පුළුවන. රැකියාවෙන් ඔබ බලාපොරොත්තු වන ආදායමත් තෘප්තියත් ලබාගැනීම අසීරුය. එසේම දැනට ගතකරන දසාවද සෙනසුරුගේ වීම තවත් දුර්වලතාවයකි. එකම වෘත්තියක කාලයක් නියැළීමද අපහසු බව පෙනේ. ලග්නාධිපති සිකුරු ද අය ස්ථානයේ උපතේදී සිටියද ඒ සතුරුවයි. රාජ්‍ය කාරක රවිද 12 වැන්නේය.රජගේ රැකියාවකට යොමුවීමද දුෂ්කර බව පෙනේ. දැනට ගතකරන දසාවද සෙනසුරු ගේ බැවින් සෙනසුරාදා දිනවල පෙ.ව. 6 ත් 7 ත් අතර හැකිනම් සෙනසුරු වෙනුවෙන් බෝධිපූජා කිහිපයක් (7 ක් වත් ) පවත්වන්න. එපමණක් නොව ඉදිරියේ දීද ඉඩ කඩ ඇති පරිදි බෝධි පූජා පවත්වන්නේ නම් ඉදිරිය සුබවාදී වේවි. සෙනසුරු මහ දසාව වසර 19 කි.

කටුවන බන්දුල වයස අවු. 34 යි. විවාහ වීමට බලාපොරොත්තුව සිටී. විවාහය සම්බන්ධ කරුණු දැනගැනීමට
පිළිතුරු – කන්‍යා ලග්න මකර නවාංශක පුවපල් නැකත දැනට දසාව රාහු දුර්වල ග්‍රහ පිහිටීම් කිහිපයක් ඔබේ ජන්ම පත්‍රයේ දක්නට ඇත. ලග්නාධිපති බුධ නීචව 7 වැන්න වූ විවාහ ස්ථානයේ සිටින අතර විවාහ ස්ථාන අධිපති ගුරු ද නීචව පස් වැන්නේ උපතේදී සිටී. මෙම නීච තත්වයන් භංග වන පිහිටීම් ද පෙනෙන්නට නැත. මෙය යහපත් යුග දිවියකටත්, උසස් ජීවන තත්ත්වයකටත් උචිත නොවේ. එසේම 12 වැන්නේ සඳු තනිවීමද (11 හා 1 වැන්නේ ග්‍රහයින් නොපිහිටීම්) සුබදායක නොවේ. මෙය කේමද්‍රාම යෝගයයි. මෙම යෝගය භංගවන පිහිටීමක්ද පෙනේනනට නොමැත. නිතර ඇතිවන සිත් කලකිරීම්, කෝපවීම් ආදිය මෙහි ප්‍රතිඵලයි. ළඟදී විවාහ වන්නේ නම් ඉතා ඉවසීමෙන් ජන්ම පත්‍ර ගැලපීමෙන් කල්පනාකාරීව මෙම කටයුත්තට යොමු වුවහොත් තත්වය සුබදායක වීමට පුළුවන. නීච ග්‍රහයෙකු හත් වැන්නේ සිටීමද විවාහය පමා වීමට හේතු වේ. දියුණුවටද බාධා ගෙන දීමට පිළිවන. විවාහ ස්ථාන අධිපති ගුරු වෙනුවෙන් බෝධි පූජා කිහිපයක් බ්‍රහස්පතින්දා දිනවල කරන්න. විවාහයට පෙර රාහු මහ දසාව විවාහයට අයහපත් නැත.

මාවනැල්ල ඩයස්, ගාල්ල චාන්දනී ගාල්ල තරුෂිකා , කඩවත යසස්, පිටබැද්දර චන්ද්‍ර කුමාර්, මාතර නිම්සරා වක්වැල්ල රසිකා නිලන්ති, අම්පේගම රේඛා,අම්පාර සුසන්ත, ගොතටුව දසුනි, අම්පේගම අමිලා නදීශානි මාකෙහෙල්වල සදීෂා, ඔබ කිසිවෙකු ජන්ම පත්‍ර පිටපත් එවා නැත. ඔබේ ගැටලුව කුමක් බලා විස්තර කරන්නද? අප දී ඇති උපදෙස් නිසි ආකාර කියවා ඒ අනුව ගැටලුව එවන්න. අතින් ලියා කොපිකර එවන්න එපා. දරුපල පිළිබඳව ගැටලු සමඟ දෙදෙනාගේම ජන්ම පත්‍ර පිටපත් එවිය යුතුය.

බෝම්බුවල චන්දිමා වයස අවු 37 යි.
සෞඛ්‍යය අනාගතය කෙසේද?
පිළිතුර – මකර ලග්න කටක නවාංශක බෙරණ නැකත දැනට දසාව කුජ. ග්‍රහයින් 5 දෙනෙකුට 4 වැන්නේ එක් වීමෙන් පංච ග්‍රහයෝගයක් උදා වී ඇත. මෙය එතරම් සුබවාදී නොවේ. ර.ච.කු.බු. ශනි යන මෙම ග්‍රහයින් අතර ඔබේ 22 වන දෙර්කාණාධිපති කුජ ද සිටී. එසේම 7 වැන්න හා 8 වැන්න අධිපති ර.වි. දෙදෙනා ද එක්ව සිටී. ඔබ විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ආකර්ෂණයක් හෝ කැමැත්තක් දක්වන අයෙකු විය නොහැක. මෙම ග්‍රහ පිහිටීම් අතර කුජ ශුක්‍ර යෝගයද ස්ථාපිතව ඇත. මෙවැනි පිහිටීම් ඇති බොහෝ අය සාරධර්මවලට අවනත නොවූ ක්‍රමපිළිවෙත් අනුගමනය කරති. විවාහ ජීවිතයද යහපත්ව පවත්වාගෙන යාමේ අසීරුතා පැන නගී. නොඑසේනම් විවාහ ජීවිතයක් ගත කිරීමට කැමති නැත. විවාහයක් වුවත් එය සතුටුදායකව පවත්වාගෙන යා නොහැක. අසනීප වශයෙන් මුත්‍රා අමාරු ගර්භාෂගත අසනීප කෙරෙහි වැඩි ප්‍රවණතාවයක් ඇත. ආගම දහමට ඇති නැඹුරුවද ඉහළ තලයක නොමැත. චිත්ත කාරක මෙන්ම මාතෘකා නොවූද සඳු පීඩාවීම නිසා නිතර ඇතිවන සිත් කලකිරීම් වලට හේතුයි. කල්පනා කරමින් සිටීමට පුරුදු වී ඇති බවත් පෙනේ. ලග්නාධිපති ශනි 9 වැන්න වූ පුණ්‍ය ස්ථානයේ උපතේ සිටියද ලග්නය නොදකී. එහෙත් පුණ්‍ය ස්ථානයේ ශනි සිටීම සුබදායක තත්ත්වයකි.

දොළපිහිල්ල මහින්චන්ද්‍ර . වයස 66 යි. ගායන හැකියාවෙන් ප්‍රතිඵල ලබාගැනීමට බාධක ඇති වූයේ මන්ද?
පිළිතුරු – කුම්භ ලග්න කුම්භ නවාංශක, උත්‍රපල් නැකත. දැනට දසාව ශනි, වසර 2 ක් ගතව ඇත. ඉදිරියට තවත් වසර 17 ක් ඉතිරිව ඇත.ලග්නාධිපති ශනි උපතේදී උච්චව 9 වැන්න වූ පුණ්‍ය ස්ථානයේ සිටීම ඉතා සුබවාදී තත්ත්වයකි. විශේෂයෙන්ම ලග්නය වර්ගෝත්තම වීමත් සුබ දායකයි. ගායන ක්ෂේත්‍රයේ ඉහළ දස්කම් පෙන්වීමට තිබිය යුතු විශේෂ සුබ පිහිටීම් ඔබේ ජන්ම පත්‍රයේ පෙනෙන්නට නොමැත. පංචමහා පුරුෂ යෝගවලින් එකක් වූ මාලවී යෝගය යෙදෙනුයේ සිකුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව ක්ෂේත්‍ර ස්ථානයක උපතේදී ස්ථාපිත වුවහොත් පමණි. එවැන්නක්ද ඔබේ ජන්ම පත්‍රයේ නොමැත. උපතේදී සිකුරු සතුරුව 3 වැන්නේ සිටී. ක්ෂේත්‍ර ගතව සිටින එකම ග්‍රහයා වු රවි ද සතුරුය. ගායන තරගයකට ඉදිරිපත් වූයේ නම් අනික් තරුගකරුවන් ඔබට වඩා බලවත් වන්නට ඇත. ඔබට කිසියම් කුසලතාවයක් විශේෂයෙන් ගායනය පිළිබඳව ඇති බව පෙනේ. එය දියුණු කළ යුතු ක්ෂේත්‍රයකි. දැනට ගත කරන ලග්නාධිපති ගේ මහ දසාවද සුබවාදී නැහැ. ලග්නාධිපති ශනි ඔබේ 22 වන දෙර්කාණාධිපතියාය. දියුණුවට බාධා ගෙනදීමට එම තත්ත්වයද බලපානු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

“ඡ්‍යොතිෂයෙන් ඉදිරිය දෙස බලමු”
ඡ්‍යොතිෂවේදී
යසපාල දික්මාදුගොඩගෙන්
ඔබේ පැනයට පිළිතුරු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.