කාලහෝරාව හා එහි බෙදීම් සැකසෙන්නේ කෙසේද?

ජූලි 19, 2019

ශුභ මුහුර්ත සැකසීමේදී කිසියම් ශුභදිනක කිසියම් ශුභ කාල හෝරාවක එම කාලහෝරාව තුළ කිසියම් ශුභ පංචම කාල හෝරාවක එම පංචම කාල හෝරාව තුළ කිසියම් ශුභ සූක්ෂම කාල හෝරාවක් යොදාගත යුතුය. පංචාංග ග්‍රහස්ඵුට ලිත්වල කොළඹට ඉර උදාව උදේ 6 ට ලෙස සලකා කාල හෝරා වගු පිළියෙල කර ඇත.

ශුභ මුහුර්තයක් සෑදීමේදී අදාළ මුහුර්ත වේලාව ගණනය සඳහා කාල හෝරාව භාවිතයේ යෙදේ. එසේම ඊට අතිරේක ඡ්‍යොතිෂය පිළිගන්නා අය එදිනෙදා දෛනික වැදගත් යැයි සිතන කටයුතුවලදී ශුභ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඒ ඒ වැඩට සුදුසු යැයි සම්මත හෝරාව තෝරා ගැනීම සිදුවේ.

හෝරාවක් යනු ආසන්න වශයෙන් පැයකි. කිසියම් දිනක ඉර උදාවේ සිට පසුදින ඉර උදාව දක්වා කාල පරාසය පැය 24 කට ඉතාම ආසන්නය. රවිගේ ගමන ගණන් ගන්නේ අංශක වලිනි. රවි දිනකට දළ වශයෙන් අංශක 1 ගමන් කරණ නිසා මෙය රවිගේ එක් දිනක භාගය ලෙසද හඳුන්වයි. ඒ අනුව අංශක 1 ක් හෙවත් භාගයක් එක් සූර්ය දිනයකි. එසේම තරුවලට සාපේක්ෂව පෘථිවිය වරක් භ්‍රමණය වීමට ගතවන කාලය නක්ෂත්‍ර දවස ලෙස පිළිගැනේ. නක්ෂත්‍ර ක්‍රමයට දිනයක් සලකනු ලබන්නේ කිසියම් දිනක සූර්යා උදාවේ සිට ඊට පසුදින සූර්ය උදාව දක්වා කාලය ලෙසය. ඒ අනුව නක්ෂත්‍ර දිනය ඉංගී‍්‍රසි පැය 23 මිනිත්තු 58 තත්පර 3.44 කි.

ඉහත සඳහන් ලෙසට පැය 24 ක් ගත වීම සඳහා අවශ්‍ය ඉතිරි කාලය මිනිත්තු 01 යි. තත්පර 56.56 කි. එම ප්‍රමාණය පැය 24 න් බෙදු විට ලැබෙන අගය තත්පර 04.86 කි. මෙම ප්‍රමාණය ඉතාම කුඩා බැවින් එම අගය නොසලකා හෝරාවක් යනු පැයක් ලෙස සලකයි. දිනයකට ඉංගී‍්‍රසි පැය 24 කි. එය සිංහල ක්‍රමයට නම් සිංහල පැය 60 කි. එනම් සිංහල පැය 2 1/2ක ප්‍රමාණයක් ඉංගී‍්‍රසි පැයකට සමානය.

එක්දිනක සූර්ය උදාවේ සිට අනෙක් දින සූර්ය උදාව දක්වා වන දිනයකට මානයන් 2 ක් ඇත. ඒ සූර්ය උදාවේ සිට සූර්ය අස්තය දක්වා වන දිවාමානයක් සූර්ය අස්ථයේ සිට පසුදින සූර්ය උදාව දක්වා වන නිශාමානයක් ලෙසිනි. මෙකී දිවාමානය හෝ නිශාමානය 12 න් බෙදා ගත් විට ලැබෙන එක් කොටසක් හෝරාවක් වේ.

කෙසේ නමුත් තත්කාල හෝරවෙන් වැඩ ගැනීමට නම් හෝරාව ගැන ගැනීමට නිවැරදිව දැනගත යුතුය. පෙර කී ලෙසම සෑම දිනකම සූර්ය උදාවේ සිට සූර්ය අස්ථය දක්වාවූ කාලය 12 න් බෙදූ කල ඉන් මුල්ම කොටසට හිමිවන කාලය එනම් මුල් හෝරාව එදින දින අධිපතියාගේ නමින් වේ. නිදසුනක් ලෙස සඳුදා දින මුල්ම හෝරාව වන චන්ද්‍ර හෝරාව දැක්විය හැකිය. ඒ ආකාරයට ඕනෑම දවසක මුල් හෝරාව එම දවස අධිපතිට හිමිය. එලෙස ඕනෑම දවසක ඉතිරි හෝරා යම් රටාවකට යෙදේ. ඒ තිබෙන හෝරාවට කලින් දිනට කලින් දින දින අධිපතියාගේ නම ඊළඟ හෝරාව ලෙස යෙදෙන පරිදිය. නිදසුනක් ලෙස සඳුදා මුල්ම හෝරාව චන්ද්‍ර හෝරාව වේ. ඊළඟට යෙදෙන හෝරාව වනුයේ සඳුදාට කලින් දවස වන ඉරිදාට කලින් දවස වන ශනිදා වේ. ඒ අනුව චන්ද්‍ර හෝරාවට පසු යෙදෙන හෝරාව ශනි හෝරාව වේ. සතියේ ඕනෑම දිනක හෝරා යෙදෙන ක්‍රමය මේ ආකාර වේ. තවද එලෙස හෝරා ගැන ගන්නා අනුපිළිවෙළ ස්ලෝකයෙන් දැක්වෙන්නේ මෙසේය.

“අර්කඞ ශුක්‍රො බුධඞ ශ්චන්ද්‍රඞ ශනීර් මන්ත්‍රී මහීසුතඞ”

මෙහි අරුත වනුයේ සූර්ය උදාවේ සිට හෝරා ගැන ගත යුතු පිළිවෙල රවි, ශූක්‍ර බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ ආදි ලෙස වන බවයි. තවද හෝරාවෙන් වැඩ ගැනීමේදී ඒ ඒ හෝරාවෙන් ලැබිය හැකි පල දක්වන ශ්ලෝකය මෙසේය.

“ගුරුරු විවාහෙ ගමනෙව ශූක්‍රඞ

ඥානෙ බුධෙධීක්ෂණ කෙච ගෞරී

යුදෙධ ව භෞවේ නෘප දර්ශනෙර්කඞ

සවේෂු කායෙ¡¡යෂූ බලී ශශාවේතඞ”

මේ ශ්ලෝකයට අනුව ගුරු හෝරාව විවාහයටද සිකුරු හෝරාව ගමන් බිමන් යෑමටද ඥානය වඩන ඉගෙනීම වැනි දේට බුධ හෝරාවද මහණ කිරීම් ආදි ලෝකෝත්තර වැඩ සඳහා ශනි හෝරාවද යුධ හා තරග වැඳීම් සඳහා කුජ හෝරාවද රජුන් වැනි ප්‍රභූන් හමුවීමට රවි හෝරාවද සියලු ශුභ කටයුතු සඳහා චන්ද්‍ර හෝරාවද යහපත් බවය.

කෙසේ නමුත් සම්මතයට අනුව චන්ද්‍ර, බුධ, ගුරු, ශූක්‍ර හෝරා ශුභ වැඩ වලට යොදන අතර රවි, කුජ, ශනි, හෝරා ශුභ වැඩෙහි නොයෙදෙයි. එසේම ඒ ඒ දිනයට මරු හෝරාද වේ. ඒ ඉරිදාට කුජ හෝරාව, සඳුදාට බුධ හෝරාව, අඟහරුවාදාට ශනි හෝරාව බදාදාට සඳු හෝරාව, බ්‍රහස්පතින්දාට සිකුරු හෝරාව සිකුරාදාට ගුරු හෝරාව, සෙනසුරාදාට රවි හෝරාව ආදී වශයෙනි. ශුභ මුහුර්ත සැකසීමේදි උක්ත මරු හෝරාද අත්හළ යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී , දේශබන්ධු

ආචාර්ය

මහේන්ද්‍ර පල්ලෙබැද්ද

පානදුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.