කේන්ද්‍ර පරික්ෂාවේදී විවිධ ජීවන සිද්ධි සඳහා බලපාන සාධක

ජූලි 26, 2019

කෙනෙකු කේන්ද්‍රයක් පරික්ෂා කර ගැනීමට පැමිණෙන්නේ ඔහු හෝ ඇයගේ ඥාතියෙකුගේ යම් කිසි සිදුවීමක්, දුකක්, කරදරයක් මුල්කරගෙන විය හැකියි.

ඒ නිසා එක් එක් සිද්ධීන් සඳහා කේන්ද්‍රය තුළ විශේෂයෙන් සලකා බැලිය යුතු ස්ථාන හා ග්‍රහයන් ඇත. එහෙත් කේන්ද්‍ර පරික්ෂාවේදි එක් සිද්ධියක් අරභයා පරික්ෂා කළ යුත්තේ එම දේ පමණක්ම නොවුණත් ඒ ඒ සිද්ධීන් සඳහා පහත ආකාරයෙන් පරික්ෂා කිරීමෙන් අදාළ කරුණ පිළිබඳව මනා වැටහීමක් ඡ්‍යොතිර්වේදියාට ලබා ගත හැකිවනු ඇති බව මගේ හැඟීමයි.

ලග්නස්ථානයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් නම්

කේන්ද්‍රයක අධ්‍යාපනය ඉහල තත්ත්වයකට පමුණුවාලීමට ලග්නය බලවත් වීම වැදගත් වේ. තුන් වැනි භාවයෙන් සහජ ඥානයත් හතර වැන්නෙන් ඉගෙනීම සඳහා ජන්මියා ලබන පහසුකම් හා පරිසරය පෙන්වයි. 5 වැන්නෙන් මූලික අධ්‍යාපනය හා ද්විතියික අධ්‍යාපනය පෙන්නුම් කරන අතර 9 වැන්නෙන් උසස් අධ්‍යාපනය ගැන කියවේ. සොයා බැලිය යුතු ග්‍රහයින් වන්නේ ඥාන කාරක ගුරු ග්‍රහයා ද බුද්ධියට මෙන්ම අධ්‍යාපනයටද කාරක බුද ග්‍රහයාද ගණිතයට. භාෂාවන්ට කාරක වන රවි ග්‍රහයාද, ඉගෙනීමට බලපෑම් ඇති කරන කේතු ග්‍රහයාද පිහිටා ඇත්තේ කෙසේද හා ගෝචරයෙන් එකී ග්‍රහයින්ගේ තත්වය කෙබඳුද යන්නත් ය.

දෙවැන්න ආයුෂ සම්බන්ධයෙන් නම්

ආයුෂ හා මරණය පිළිබඳව දැක්වෙන 8 වැන්නද, ආයුෂයට බලපෑම් ඇතිවන ලග්නය හා 3 වැන්නද 2 හා 7 මාරක ස්ථානද, ජීවන බාධා ගෙන දෙන 6,8,12 යන ස්ථානද පරික්ෂා කළ යුතුය. ආයුකාරක ග්‍රහයා වන සෙනසුරුගේ තත්වයද ලෝකවාසි සත්වයන්ට ජීවය දී එය පවත්වාගෙන යාමට අදාළ වන රවි සහ සඳු පිළිබඳවද කේන්ද්‍ර පිහිටීම් හා වර්තමාන ගෝචර ගමන පිළිබඳව සැලකිල්ල යොමු කරන්න.

තුන්වැන්න විවාහය සම්බන්ධයෙන් නම්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

භාරත භාෂ්කර ශිරෝමණී , දේශබන්ධු සාමවිනිසුරු ශී‍්‍ර සෞභාග්‍ය ඡ්‍යොතිෂ හා

වාස්තු සේවාව

ඩී.ආර්. කළුආරච්චි

මිනුවන්ගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.