ඔබට සැපදුක උදාකරන ග්‍රහයෝ

අගෝස්තු 2, 2019

උපදින හැම සත්වයෙක්ම සැපයට කැමතියි. ඒ හැම සැප සම්පතක්ම ලබන්නට මූලිකවන්නේ ධනයයි. කේන්දරය අනුව අප පෙර කළ පින් පව් අනුව සැප සම්පත් ලබන්නටත් නොලබන්නටත් හේතු වේ. මෙලොව ජීවත්වෙන අය අතර කෙනෙක් දිළිඳුව දුක් කරදර සහිතව දිවි ගෙවන අතර තව කෙනෙක් ධනයෙන් මෙන්ම ගුණ නුවණින් යුතුව ගමේ වැදගත් අය වශයෙන් දිවි ගෙවති.

ධනවත් පවුලක වුවත් පවුලේ දරුවන් අතර දිළිඳු තත්ත්වයෙන් යුතු අයද සිටිය හැකියි. එයට හේතුව තමන් උපදින අවස්ථාවේ බලපෑ ග්‍රහ බලපෑම් බව ඡ්‍යොතිෂය අනුව පැහැදිලි ය.

ධන සම්පත් උදාකරදෙන ග්‍රහයන් ගැන සැලකීමේදී රවි, චන්ද්‍ර, ගුරු,ශුක්‍ර යන ග්‍රහයන් ඉතා වැදගත් ලෙස සැලකෙයි. කෙනෙකුට ලැබෙන ධන සම්පත් සමහර විටෙක ඉතා ඉක්මනින්ම වැයවී යයි. එයට හේතුව ඒ ඒ පුද්ගලයා උපන් මොහොතේ ග්‍රහයන් පිහිටි ආකාරයයි. කෙනෙකුට ධන සම්පත් ලබාදෙන ග්‍රහයන් වෙන අශුභ දෘෂ්ටි වැටී ඇත්නම් තමන් උපයාගත් ධනයද නිරපරාදේ වියදම් වී යයි. කේන්ද්‍ර සටහනේ ධනය පිළිබඳව කරුණු සෙවීමට වැදගත්ම කොටුව වනුයේ කේන්ද්‍රයේ දෙවැන්න හා එකොළොස්වැන්නය. ධන සම්පත් හිමිවන ග්‍රහයෝග මේ අයුරින් දැක්විය හැකි ය.

දෙවැන්නෙන් උපතින් ලබන හා තැන්පත් ධනය පිළිබඳව කියවෙන අතර එකොළොස් වැන්නේ උපයන ධනය හා හදිසියේ ලබන ධන ලාභ පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැක. එමෙන්ම හතරවැන්න ගේ, දොර, ඉඩකඩම්, යාන වාහන පිළිබඳවද දැනගත හැකිය. මෙම භාව අධිපතීන් බලයෙන් යුතුව හෝ එම ස්ථානවල ශුභ ග්‍රහයන් සිටින විට ධනවත් වී ගේ දොර යානවාහන පවා හිමිවෙයි. දෙවැන්න අධිපතියා ඔබ උපදින විට ඔබේ කේන්ද්‍ර සටහනේ එකොළොස්වැන්නේ සිටියහොත් ඔබ උපතින්ම මව්පියන්ගේ ධනයකට උරුමකම් කියනු ඇත. නැතිනම් ඔබ උපතින්ම ධනවත් පවුලක උත්පත්තිය ලබයි. දෙවැන්නේ ගුරු, ශුක්‍ර, බුධ, සඳු වැනි ග්‍රහයන් සිටිවිට ඔබට තැන්පත් ධනයක් උරුමවනු ඇත. දෙවැන්න අධිපතියා එකොළොස්වැන්නේත්, එකොළොස්වැන්න අධිපතියා දෙවැන්නේත් ස්ථාන මාරුකරගෙන සිටියොත් ඔබ විශාල ධනයකට හිමිකම් කියයි. එකොළොස්වැන්න අධිපතියා අටවැන්නේ නම් එයද හදිසියේ ධන ලාභ ඇතිවීමට හේතුවක් වෙයි.

යම් අයෙකුගේ කේන්දරේ තුන්වැන්න, හයවැන්න හෝ එකොළොස් වැන්න යන ස්ථානයක් මේෂ රාශිය වී කුජ ග්‍රහයා එහි තැන්පත්ව සිටීනම් එය ගජකේෂරී නම් ග්‍රහයෝගය වේ. මෙබඳු අයට සැප සම්පත්, යස ඉසුරු, රන්රිදී, මුතු මැණික් ආදිය ලැබීමට වාසනාව ඇත. භූමියෙන් ලැබෙන වටිනා වස්තු සම්භාරයකට හිමිකම් කියයි. මැණික් කර්මාන්තය, පතල් කර්මාන්ත ආදියෙන් හා වැව් ආශි‍්‍රත කර්මාන්තවලින් විශාල ධනවතුන් වනුයේ මෙවැනි සුබ ග්‍රහ පිහිටීම් ඇති අයයි. කුජ මහ දශාව කුජ අන්තර් දශාව ගත කරන කාලය තුළදී අනිවාර්යයෙන්ම මෙම ශුභඵල උදාවනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හිඹුටානේ

පියතිලකද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.